ඔබ සතුව ඇත්තේ පුලුල්තිර (Widescreen) මොනිටරයක් නම්, අන්තර්ජාලයේ සැරිසැරීමේදී එයින් උපරිම ඵල නෙලාගන්න පුලුවන් විදියක් ගැනයි මේ කියන්නේ.

උදාහරණයකට මගේ ලැප්ටොප් එකේ තිරය ගන්නම්. එය 1280×800 ප්‍රමාණයේ පුලුල්තිරයක්. ඒත් මම සැරිසරන කිසිදු වෙබ් අඩවියක content එක එතරම් පුලුල්ව විහිදී නැහැ. ඒ නිසා බ්‍රවුසරය ඒ ඉඩ solid color එකකින් හෝ අදාල සයිට් එක දී ඇති ඉමේජයකින් වසා දමනවා. මේ වගේම මම ටැබ් වැඩි සංඛ්‍යාවක් විවෘත කර ගත්තාම ටැබ් බාර් එක තදබද වී ඒවා හඳුනාගැනීමත් අපහසුයි.

ඉතින් මේ කරුණු 2ම සැලකිල්ලට ගත්තාම මට නම් පෙනුනේ ටැබ් බාර් එක තිරයේ පැත්තකට ගත්තා නම් පිලිවෙලකට බ්‍රවුස් කිරීමට ඉඩකඩ ලැබෙන බව. බ්‍රවුසරයේ පැත්තක ඉතිරි වී ඇති ඉඩකඩ ඒ සඳහා යොදාගන්න පුලුවන්. Firefox භාවිතා කරන්නන්ට මේ සඳහා හොඳ ඇඩෝනයක් තිබෙනවා VertTabBar නමින්.

මේ තියෙන්නේ එම ඇඩෝනය භාවිතා කරන විට මගේ Firefox දිස්වන අයුරු.


ඇතිතරම් ටැබ් ඕපන් කරගන්න පුලුවන් පටලැවෙන්නේ නැතිව (fox හිරවෙනකං! ).
ටිකක් පුරුදු වෙන්න අමාරු වෙයි මේකට. ඒත මට නම් පුරුදු උනාට පස්සෙ හරිම පහසුයි මේ වැඩේ. කැමති අයට මෙතනින් ඇඩෝනය ලබාගන්න පුලුවන්.

Tagged with:  

9 Responses to Widescreen මොනිටරයෙන් උපරිම ප්‍රයෝජන ගමුද?

  1. Malinthe පවසන්නේ:

    ටැබ් ටික දකුණු අත පැත්තට දැම්මනම් වඩා පහසුයි නේද?

  2. මට නං මේ පැත්ත පුරුදු වෙලා… :)

    ———
    පාඨකයන් වෙත: මේ vertical tab bar එක වම/දකුණ කැමති පැත්තකට දාන්න පුලුවන්. ඒ වගේම එහි පලල අඩු වැඩි කරන්නත් පුලුවන්

  3. අනූ පවසන්නේ:

    ටයි කරලා බලන්ඩ ඕනි.

  4. ශාකුන්තල පවසන්නේ:

    ඔන්න මාත් දාගත්තා. මොකද මාත් 1280 x 800 :D

  5. ගයාන් තාරක පවසන්නේ:

    මගේ බ්ලොග් ‍එකේ width එක 1280. ටෙම්ප්ලේට් එක හැදුවේ ඒ width එකේ නිසා. අමතක උනා අනිත් අය ගැන.එතකොට ඒක වෙනස් කරන්න වෙයි වගේ. කොහොම උනත් එල වැඩක්.

  6. Thilina පවසන්නේ:

    මාත් ලගදි LCD Monitor එකක් ගන්න ඉන්නෙ, එතකොට දාමු…

  7. ධනික (මානවයා) පවසන්නේ:

    Thanks මචං. මාත් දාගත්ත.
    මගේ බ්ලොග් එක හැදුවෙ ලඟදි. ඇවිත් යන්න එන්න.
    http://dhanikauom.blogspot.com

  8. ශාකුන්තල පවසන්නේ:

    මට නං නුහුරුයි වගෙ. අයින් කළා.

  9. ෴ .:GiniMakara :.෴ පවසන්නේ:

    මගෙ 1440×900 ටිකක් විතර නුහුරැයි වගේ Width එක ටිකක් අඩු කලා Right එක තමයි මටත් හුරැ අවුලක් නැහැ වගේ. බලමු ටික දවසක් පාවිච්චි කරල. ස්තූතියි ඔබට!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>