CD එකක හරි DVD එකක හරි ඉමේජ් එකක් පාවිච්චි කරන්න නම් එක්කො ඒක ඩිස්ක් එකකට write කර ගන්න ඕනෙ, එහෙමත් නැත්තම් virtual drive එකකට දාගන්න ඕනෙ. සාමාන්‍යයෙන් වැඩිපුරම භාවිතා වෙන්නෙ මේ virtual drive එකකට දාගැනීමේ ක්‍රමය තමා, OS එකක ඉමේජ් එකක් නොවේ නම්.
Ubuntu වලදී වෙනම virtual drive එකක් අවශ්‍ය නෑ, ඉමේජ් මවුන්ට් කිරීමේ පහසුකම ලිනක්ස් වල පෙරනිමියෙන් ම එනවා. පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ Ubuntu වල ඉමේජයක් මවුන්ට් කිරීමේ මූලික ක්‍රමය terminal එකේ command ලිවීමක්, kernel loop module භාවිතයෙන්. ඒත් මම මවුසයෙන් වැඩ කරගන්න ගොඩක් කැමති නිසා ටයිප් කරන්නෙ නැතුව ඉමේජ මවුන්ට් කරන ක්‍රමයක් හොයනකොටයි මේක ලැබුනෙ. මෙහි විශේෂ වාසිය තමයි තවත් application එකක් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නෑ. පොඩි script දෙකක් දාන්න විතරයි තියෙන්නෙ. හැබැයි මේක වැඩ කරන්නෙ Nautilus ෆයිල් මැනේජරය සඳහා පමණයි. එය Ubuntu හි default ෆයිල් බ්‍රවුසරය.
මුලින්ම මේ script දෙක ඩවුන්ලෝඩ් කරගන්න, mount.sh [610 bytes] හා unmount.sh [253 bytes],සහ ඒවා ඔබේ Home Folder එකට දමාගන්න. (ඉදිරි පියවර වලදී ඒවා එහි හි ඇතැයි මම උපකල්පනය කරනවා)
දැන් කල යුත්තේ ඒවා executable තත්ත්වයට පත්කරගැනීම. ඒ සඳහා මෙම කේත දෙක terminal එකක් ඕපන් කර ලබාදෙන්න. මෙහි username යන්න User Name එකෙන් replace කරගන්න මතක ඇතුව.
sudo chmod +x /home/username/mount.sh
sudo chmod +x /home/username/unmount.sh
දැන් කල යුත්තේ ඒවා අදාල සිස්ටම් ෆෝල්ඩරය තුලට කොපි කර ගැනීමයි.
sudo mv /home/username/mount.sh ~/.gnome2/nautilus-scripts/
sudo mv /home/username/unmount.sh ~/.gnome2/nautilus-scripts/
දැන් වැඩේ අහවරයි. දැන් Nautilus ඕපන් කරගෙන අවශ්‍ය ISO ඉමේජය ඇති තැනට යන්න. ඉමේජය රයිට් ක්ලික් කල විට ලැබෙන මෙනුවේ Scripts සබ්මෙනුව තුල අවශ්‍ය දේ තියෙනවා.

- ඉමේජය මවුන්ට් කර ගැනීමට නම් mount.sh තෝරන්න
- දැනට ඉමේජය මවුන්ට් වී ඇත්නම්, එය අන්මවුන්ට් කරන්න ඕනෙනම් unmount.sh තෝරන්න.
ඔය script මොනවත් නැතුව වැඩේ කරගන්න පහසුකම් Ubuntu වල තියෙනවා. මේ බලන්න: http://img15.imageshack.us/img15/8816/60188027.png
@ශාකුන්තල
ඔව්, හැබැයි ඒ විදියට Archive Mounter එකෙන් මවුන්ට් කලාම මට පොඩි ප්‍රශ්ණයක් ඇති උනා. එවිට එය /media තුල දිස්වූයේ නෑ. එබැවින් ටර්මිනලයෙන් එය වෙත යාමට බැරි උනා.
මීට විසඳුමක් දන්නවාද?
archive://file%253A%252F%252F%252Fhome%252Fsoftware-collection%252FOperating%252520System%252FPartition%252520Recovery%252520Bootable%252520CD.iso/
පේනව නේද location එකේ කැත. පෙනෙන විධියට මේක වැඩ කරන්නෙ nautilus වල virtual device එකක් වගේ.
නාගබුද්ධිකගෙ ක්‍රමය තමා හරි.
ලේසිම විදිය මේකයි…script ඕනිත් නෑ
mount -o loop
mount -o loop imagename.iso mountpoint
කලින් ප්‍රතිචාරයේ මම < දාලා ටැග් විඩියට අරන්
නම නාග උනාට කතා නාග නෙවේ :P