මේක ගොඩක් දෙනෙක් අහල ඇති. මේ “Dil Se” (1998) හින්දි චිත්‍රපටයේ එන ජනප්‍රිය Chaiyya Chaiyya ගීතය. ගායනා කරන්නේ ෂුක්වින්දර් සිං සමග සප්නා අවස්ති. මේ කියන්නේ ගායනය ගැන නෙමේ. සංගීතයේ විශිෂ්ඨ යෙදීමක් ගැන. සංගීතය වෙන කවුරුවත් නෙමෙයි, ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රහ්මාන් ගෙන්.

http://media.imeem.com/m/R55JUrJ53L/aus=false/

බලන්න මේ කොටසේ දුම්රියේ හඬ ඉතා අලංකාර ලෙස ඩ්‍රම්ස් මගින් අනුකරණය කර ඇති ආකාරය. මෙය කිරීමට සංගීත නිර්මාපකයා මෙන්න වාදන ශිල්පියා ද කෙතරම් දක්ෂයන් විය යුතුද? මට නම් මෙය ඇසෙනවිට සැබෑ දුම්රියක් මා ඉදිරිපිටින් ගමන් කරන්නාක් මෙන් දැනෙ‍නවා. ඊටම ගැලපෙන ආකාරයට මෙම කොටසේදී මනිරත්නම් කර තිබෙන රූප රචනයද අමතක කරන්න බැහැ. විවෘත වහලක් ඇති දුම්රිය මැදිරියක අමර්කාන්ත් (ෂාරුක් ඛාන්) නටන දර්ශනය දුර රූපයකින් කැමරාගත කර තිබෙනවා.

මෙය ඇසෙන විට මට මතක් වෙන්නේ කලකට පෙර ඇසූ සමිතා මුදුන්කොටුවගේ “කොළඹ දුවන්නියේ” නැමති ගීතයක්. එහි දුම්රියේ හඬ අනුකරණයට උත්සාහ දරා තිබුනේ electronic toms වලට තැලීමෙන්. එය ගැන කතා කරල වැඩක් නෑ. (හොයාගෙන අහල බලන්න).

Tagged with:  

5 Responses to සංගීතයේ විශිෂ්ඨ යෙදුමක් – අහලම බලන්න

  1. Anandawardhana පවසන්නේ:

    ඇත්තෙන් ම අනර්ඝයි! මේ සිනමාපටයත් බොහොම සුන්දර එකක්. අහන්න සැලැස්සුවාට ස්තුතියි.

  2. සුපුන් සුදාරක පවසන්නේ:

    ඇයි සුක්වින්දර් සින්ග්! පට්ට ගායකයා නෙව… Slumdogවල Jai Ho, Rab Ne Bana Di Jodi වල Haule Haule වගේ සින්දු වලට ඔහුගේ කටහඬ මිශ්‍ර වෙලා තියෙන විදිහත් මාරයි…

    ‍පොඩ්ඩක් විතර මාතෘකාවෙන් පිටපැන්නා… ;)

  3. Ravimal පවසන්නේ:

    “කොළඹ දුවන්නියේ” සංගීතවේදියා කොළඹ ගිහින් තියෙන්නේ කෝච්චියේ ඇන්ජිම උඩ නැගලා. ඒකයි ඒ අවුල…

  4. malee_msg පවසන්නේ:

    happa! මං ආසම ආස සිංදුවක්!

  5. ුඉන්දික පවසන්නේ:

    නියමයි.you that is a nu1 example of Indian music and bollywood filming . great fantasy

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>