වජිර මල්ලී . . ඔබට සුබ රාත්‍රියක් . . !

On 2009 මැයි 27, in වර්ගීකරණය නොකළ, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මැයි 26 වෙනි දින ගාල්ල නරාවල කොහොඹනාදෙනිය ප්‍රදේශයේදී කොලඹ-මාතර අධිවේගී මාර්ගයේ පාලමක් කඩා වැටීමෙන් ඊට යටවී අවසන් ගමන් ගිය රිච්මන්ඩ් විද්‍යාලයේ ආදිශිෂ්‍ය (2008 උසස්පෙල) හා රිච්මන්ඩ් විද්‍යාලයීය තාරකා හා අභ්‍යවකාශ විද්‍යා සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වජිර ද සිල්වා සොහොයුරා වෙනුවෙනි.

n1429457232_30082187_4141

ඔබත් මමත් රෑ නිදි වරා අහසේ තරු දෙස දුරේක්ෂය අටවා සිටි අයුරු දැනුදු සිහිවේ.
ඒ තරු හැමදාමත් පවතිනු ඇත.
ඒත් ඒ තරු බලන්නට නුඹ අද නැත.

වැරදිකරුවන් එකෙක් නොව ගොඩකි.
ඒත් තම වැරදි මග හරින මේ රටේ ඔබ වෙනුවෙන් සාධාරණය ඉටු වේ දැයි සැක සහිතය.

සොයුර, ආයිත් ඉපදියන්,
ඒත් අපි අතර නොවේ,
මීට වඩා හොද දේශයක…

වජිර මල්ලී… ඔබට සුබ රාත්‍රියක් . . . !

Tagged with:  

13 Responses to වජිර මල්ලී . . ඔබට සුබ රාත්‍රියක් . . !

  1. කල්ප පවසන්නේ:

    වජිර මල්ලීට නිවන් සුව අත්වේවා !

  2. මනුශාන් පවසන්නේ:

    වජිර අයියට නිවන් සුව ප්‍රාර්තනා කරනවා

  3. බුධාජීව පවසන්නේ:

    ඔහුට දැක්‍විය හැකි උපරිම ගෞරවය, මින් මතුවට හෝ මෙවන් පසු තැවීම් සඳහා ඉඩ නොතබා, තමන් කරනා යම් කාර්යයක් වගකීම් සහගත ලෙස සර්ව සම්පූර්ණව කිරීමට සමාජය යොමු කරවීමයි !

    සොයුර ඔබට යහපත් අනාගතයක් !

  4. namal පවසන්නේ:

    මෙය සැබැවින්ම අවාසනාවන්ත සිදුවීමක්. වජිර මල්ලීට නිවන් සුව…..

  5. අන් ජිවිතවල කිසිදුවටිනාකමක් නොදකින තම ලාබයම සලකන කාලකන්නි හැතිකරයගේ බඩපිනවිම වෙනුවෙන් ජිවිතයෙන් වන්දිගෙවු ඔබ නොව ඒ හැතිකරයම මහමග ‍යටවිය යුතුය.

    දැන්වත් ඇස් ඇර බලපියවු මේ කරැමය ගැන.

  6. කසුන් චතුරංග පවසන්නේ:

    නිවන් සුව අත්වේවා !

  7. කමෙන්ට් කල සැමට ස්තූතියි.
    මේ වීඩියෝ එක බලා වටහා ගන්න අනතුරේ ප්‍රමාණය.

    මීට විරුද්ධව ඔබට ගත හැකි සෑම පියවරක්ම ගන්නට කියා ඉල්ලා සිටිනවා. එයින් නැවත මෙවන්නක් සිදුවීම වලක්වා ගන්නට පුලුවන් වෙයි.

  8. හිරන්‍ය ශ්‍රීමාල් පවසන්නේ:

    වජිර මල්ලීට නිවන් සුව ලැබේවා !!!

  9. අනූ පවසන්නේ:

    රිච්මන්ඩ් තාරකාවිද්‍යා සංගමේ ලංකාවෙ තාරකාවිද්‍යා සංගම් වලින් හොද එකක්.
    වජිර මල්ලිට නිවන් සුව ලැබේවා.. මේක හරිම අපරාධයක්.

  10. Chanaka de silva පවසන්නේ:

    වජිර ද සිල්වා සොහොයුරා හට ආධුණික තාරකා විද්යාවේදින්ගේ සංගමයේ ශෝකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>