දකුණේ සක්විති හා උතුරේ සක්විති

On 2009 මැයි 26, in කාලීන, සමාජයීය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

චන්දන වීරකුමාර නොහොත් අප සැම හොඳින් දන්නා සක්විති රණසිංහ මීට මාස ගණනකට පෙර ආන්දෝලනාත්මක ක්‍රියාවක් කලේය. එනම් මහජනතාවගෙන් තැන්පතු ලබාගන්නා ආයතනයක් අරඹා අවසානයේ ඒ තැන්පතු මුදල් ද සමග හීන්සීරුවේ වාෂ්ප වී යාමයි.

ඒ දකුණේ සක්විති ය.

තිස් වසරකට ආසන්න කාලයක් පැවති උතුරේ කොටි පාලනය මගින් එම ප්‍රදේශ වල වෙනම රාජ්‍ය ඒකක පවත්වාගෙන යනු ලැබිණ. ඔවුන්ගේම පොලීසියක්, රෝහලක්, අධිකරණ පද්ධතියක් පැවතිණ. ඒ අතරම බැංකුවක් ද තිබිණ. එය හරහා ප්‍රභාකරන් මේ තිස් වසර පුරාම උතුරේ දෙමල ජනතාවගෙන් තැන්පතු මුදල් ලබා ගත්තේය. අවසානයේ ඒවා ද සමග ඔහු ද වාෂ්ප වී ගියේය.

ඒ උතුරේ සක්විති ය.

මේ ප්‍රභාකරන් ගේ ඊනියා විමුක්තියට පක්ෂව කතා කරන බොහෝ දෙනෙකුට අමතක වූ දෙයකි. තිස් වසරක් පුරා ඔවුන් කොපමණ මුදලක් එසේ එකතු කරගන්නට ඇත්දැයි දන්නේ දෙවියන් පමණකි. මුදල් පමණක් නොව රන් භාණ්ඩ උකස් ගෙන ද, රන් භාණ්ඩ සඳහා සුරක්ෂිතාගාර සේවා ද සපයා ඇත. මෙතෙක් හමුදා මෙහෙයුම් වලදී කොටි සංවිධානයේ බොහෝ ලියකියවිලි, ප්‍රභාකරන්ගේ පෞද්ගලික ලේඛන පවා හමුවෙද්දී මෙම බැංකුවේ එකදු ලියවිල්ලක් වත් හමු නොවූයේ මන්ද?

ගරිල්ලා සංවිධානයක් ලෙස ඔවුන් ඇතිහැකි දෙමල අයගෙන් කප්පම් ලෙස වැඩි ප්‍රමාණයකුත්, ආධාර ලෙස මද ප්‍රමාණයකුත් මුදල් ලබාගත්හ. එයින් නොසෑහී තම වර්ගයාගේ ඇසට වැලිගසා ඔවුන් සතු පෞද්ගලික ධනය ඇදගැනීමේ ක්‍රියාවලියක් ද සිදුකෙරී ඇති බැව් පෙනේ.

සුසෙයි ගේ බිරිඳ අසු වන වෙලාවේ ඇය අතේ තිබූ ලක්ෂ හයක මුදලත්, කිලෝ දෙකහමාරේ රත්තරන් ගොඩත්, චාල්ස් ඇන්තනි ගේ සිරුර සමග තිබූ රුපියල් කෝටියකට වැඩි ගණනත්, ඔවුන්ට පාරම්පරිකව උරුම වූ, නැතහොත් මහන්සියෙන් හරි හම්බකර ගත් මුදල් විය හැකිද?

අහිංසක දෙමළ දරුවන් බලෙන් ආයුධ දී යුද පිටියට යැවෙද්දී නායකයන්ගේ දරුවන්ට විදෙස් රටවල අධ්‍යාපනය ලබන්නට වරම් ලැබුනේත්, දරු පවුල් වලට විදෙස් සංචාර වලට වරම් ලැබුනේත් පාරම්පර්කව උරුම වූ ධනයෙන් විය හැකිද?

පිලිතුර දන්නේ ඒ මුදල් ම පමණක් විය හැකිය.

Tagged with:  

7 Responses to දකුණේ සක්විති හා උතුරේ සක්විති

  1. -බිன்ku- පවසන්නේ:

    මේ මුදල් වලින් වැඩි හරියක් කේ.පී. යටතේ තිබිය හැකිය., මන්ද එහි ආයුධ ජවාරමේ මොලකරු වන්නේත් මොහු නිසායි. මා සිතන්නේ එහෙමයි. නමුත් කිසිදු සාක්ෂියක් නොමැත්තේයැයි එක එල්ලේම පිලි ගන්නට බෑ. ඇතැම් විට එම මුදල් විනාශ කලා විය හැක.

    • බුධාජීව පවසන්නේ:

      ඔය KP කියන එකාට විරුද්ධව ගන්න පුළුවන් පියවරක් නැද්ද ?

      • KP කොහොමටත් ජාත්‍යාන්තර පොලීසියේ wanted ලයිස්තුවේ සිටින්නෙකි. කෙසේවෙතත් KP සමග සංවිධානය ඉදිරියට යා යැයි සිතිය නොහැක. දැනටම සාමාජිකයන් KP ගේ නායකත්වය පිලිනොගන්නා තත්ත්වයක් ඇති වී ඇත. ප්‍රබාකරන් මිය ගොස් ඇතැ’යි කියා ‍KP කල ප්‍රකාශයට අන් සාමාජිකයන් විරුද්ධ වී ඇත.
        (පෙනෙන ආකාරයට ඔහුට ද ඇවැසි වී ඇත්තේ ඉක්මනින් සංවිධානයේ බලය සියතට ගැනීමටය) (KP තවම නායකයා නොවන බවත් භාරකරු පමණක් බවත් සැලකුව මනාය)

  2. සරත් ගුණතුංග පවසන්නේ:

    උතුරේ වුවත් දකුණේ වුවත් එක කරුණක් පැහැදිලිය. අපරාධයෙන්, බොරුවෙන් වංචාවෙන් කරන කියන සෑම දෙයක්ම අවසානයේ දෙන්නේ එකම ප්‍රතිඵලය බවයි.

  3. Thilina පවසන්නේ:

    මමත් සක්විතිගෙන් ඉගෙන ගෙන තියෙනවා. ඒ දවස් වල නම් පොර හිටියෙ උපාසකයා වගේ. උපාසක බළල්ලු තමයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නෙ…

  4. ගයන්ත පවසන්නේ:

    @ Thilina

    දෙන්නා දෙන්නා යැ,. මීයො අහුරු අහුරු නෙ ඇල්ලුවෙ ;)

  5. amila pathum පවසන්නේ:

    මටනම් හිතෙන්නෙ දකුණෙ සක්විතිටත් උතුරෙ සක්විතිට වෙච්ච දේ තමයි වෙන්න ඕන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>