තිස් වසරක් තිස්සේ ශ්‍රී ලංකා දෙරණේ පුත්‍රයන් දස දහස් ගණනකට මරු කැඳවූ, කෝටි ගණන් දේපල විනාශ කල, කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් නාස්ති කල යුද්ධය අවසන් වී තිබේ. (ඔව්.. ඔය කියන්න හදන්නේ ඉවර නෑ කියලා නොවේද? ඔබ හරි.. නැවත පටන් ගන්නත් පුලුවන් මිනිස්සුන්ගේ ආකල්ප හා ක්‍රියා අනුව. ඒ ගැන කතා කිරීම මේ ලිපියේ වසමට අයත් නොවන නිසා එය මදකට පැත්තකින් තබන්න) සකල ශ්‍රී ලාංකික ජනීජනයා මේ යුද ජයග්‍රහණය විවිධාකාරයෙන් සමරනු පෙනේ. එසේ සැමරීම ගැන බ්ලොග් අවකාශයේ විවිධාකාර මත ද පලවනු පෙනේ. මේ ලිපියෙන් මම කතා කරන්නේ ඒ පිලිබඳව මගේ අදහසයි.
මුලින්ම රතිඤ්ඤා ගැන කියමු. උත්සව හා ප්‍රීති අවස්ථාවන්හි රතිඤ්ඤා පත්තු කිරීම ජාති භේදයක් නැතිව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සිරිත වී තිබේ. එනයින්ම මේ අවස්ථාවේදී ද සුපුරුදු පරිදි රතිඤ්ඤාව කල එලි බැස්සේය. ජයග්‍රහණය සැමරිය යුතුය. ඒත් ඒ සුදුසු ආකාරයටය. මා නිරීක්ෂණය කල ආකාරයට රතිඤ්ඤා සොමිය දුරදිග ගියා වැඩිය. ජය සැමරීමට රතිඤ්ඤාවක් දෙකක් පත්තු වීම වරදක් නොවේ, (එසේ නම් මගුල් ගෙදරක/අවුරුද්දට රතිඤ්ඤා පත්තු කිරීමද වරදකි).ඒත් ටීවී එකේ කොටි මලසිරුරු පෙන්වන හැමවිටකදීම, ජනපතිඳුන් පෙන්වන හැම විටකදීම ඒවා පත්තුකිරීම විකාරයකි. දල වශයෙන් රුපියල් කෝටි 2ක වත් රතිඤ්ඤා දිවයින පුරා පත්තු වන්නට ඇතැයි සිතමි. මේ මුදල් නිරපරාදේ පුලුස්සා නොදමා එක්කෝ IDPවල සිටිනා අසරණ දෙමල ජනයා සඳහා හෝ එසේත් නැතිනම් ආබාධිත රණවිරු සුබසාධනය සඳහා හෝ පරිත්‍යාග කලේ නම් එය වටිනා කාර්යයකි.
කිරිබත් ගැන මීලඟට කතා කරමු. මා දුටු බොහෝ ලිපිවලට මෙය ද විගඩමක් ලෙස පෙනී තිබුණි. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අවසන් වී ඇත. එනම් උදේ ගෙදරින් පිටවූ ඥාතියා නැවත හවස එයිදෝ නොඑයිදෝ යයි සැකයක් ඇතිකරගත යුතු නැත, ආමි එකේ ඉන්න තම ඥාතියා සීල් කල පෙට්ටියකින් ගෙදර එයි යැයි බියෙන් පසුවිය යුතු නැත, බස් එකේ යද්දී-සෙනග ගැවසෙන තැන් වල යද්දී බෝම්බයකට බිලිවේයැයි බියවිය යුතු නැත. උතුරේ සහෝදරයන්ට ආමි එකේ හෝ කොටින්ගේ බර අවි ප්‍රහාරවලින් තවදුරටත් අනතුරක් නැත. තුවක්කුවක් ගෙන යුද්දෙට යවන්නට තමන් පැහැරගෙන යන්නට කොටි නැවත නොඑනු ඇත. ඒවා තිස් වසරක් යුද්ධයෙන් බැට කෑ මිනිස්සුන්ට මංගල කාරණා වේ. සිංහල දෙමල සියල්ලන්ට මංගල කාරණා වලදී මුල් තැන ගන්නේ කිරිබත් ය. ඉදින් මේ අවස්ථාව කිරිබතින් සැමරීමේ වරදක් මට නොපෙනේ.
අන් අය සමග බෙදාහදාගෙන කෑම ශ්‍රී ලාංකික සියල්ලන්ගේ සංස්කෘතික ලක්ෂණයකි. මහා පරිමාණයෙන් කිරිබත් සාදා අන් අය සමග බෙදා හදාගෙන සතුටු වීමෙන් ගම්‍ය වූයේ එය නොවේද?
යුද ජයග්‍රහණය ප්‍රීති වීමට කරුණක් බව හොඳින් දැනෙනුයේ යුද්ධයෙන් බැට කෑ මිනිස්සුන්ට මිස සැපපහසු සෝපාවක සිට රූපවාහිනිය හරහා යුද්ධය හා ත්‍රස්තවාදී ක්‍රයාකාරකම් දකින්නන්ට වත්, විදේශීය මාධ්‍ය වාර්තා හරහා යුද්ධය හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දකින්නන්ට වත් නොවේ.පසුගිය වසරේ මොරටුව විශ්වවිද්‍යාලය අසල පිපිරුණ බෝම්බය ඔබ සැමට මතක ඇතැයි සිතමි. පාසලේදී එකට අකුරු කල මගේ මිතුරෙක් (ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට චතුර හේමචන්ද්‍ර) ඊට ගොදුරුව මියගියේය. පාසල් කල සිනාවෙන් පිරී තිබූ ඔහුගේ මුහුණ බයිසිකල් බෝල වලට සිදුරු වී තිබූ අයුරු දුටු විට අප සියල්ලන්ටම කොටි ගැන ඇති වූයේ උග්‍ර කෝපයකි. අප ඔහුගේ මිතුරන් ය, එසේනම් පොලවේ හැපි හැපී විලාප තියමින් හැඬූ වැදූ අම්මාට කෙසේ සිතෙන්නට ඇතිද?
එසේනම් අර කිරිබත් වලින්, (යම් තරමකට මා එකඟ නොවූවත්) රතිඤ්ඤා වලින් ප්‍රදර්ශණය වන්නේ ඒ මිනිසුන්ගේ සිරකරගත් දුක් වේදනා විය නොහැකිද? හෙට තවත් කෙනෙකුට තම ඥාතියාට සිදුවූදේ නොවීම ගැන උපන් සතුට විය නොහැකිද?
ඔව්.. මේ බිලොග් ලියන්නන් තරම් සාමාන්‍ය හුදී ජනයා බුද්ධිමත් නැතුවා වෙන්නට ඇත. ඒ නිසා බ්ලොග් ලියන බුද්ධිමත් ප්‍රජාවට අර මිනිසුන් කිරිබත් කෑම ජෝක් එකක් සේ පෙනෙන්නට පුලුවන. එහෙත් මධ්‍යස්ථ මතය “ෂෝ එක දැමීමට පෙර” මදක් සිතන්න.. තමන්ගේ පැත්තෙන් වගේම ඒ මිනිස්සුන්ගේ පැත්තෙනුත්.
අවසන් වශයෙන් මට කීමට ඇත්තේ මොන ආකාරයෙන් වුවත්, දැං ඔය සැමරුවා ඇති බවය. මක් නිසාදයත් සිව්වැනි ඊලාම් යුද්ධය සඳහා පමණක් හමුදා සෙබලුන් සයදහසකට වැඩියෙන් දිවිපුදා ඇත. සතුටු වීමට මෙන්ම දුක් වීමට ද කාරණා ඇත. සතුටු වීම දැන් නවත්වා, (සතුට තම තමන්ගේ සිත් තුල තබා ගනිමු) අසරණ වූ උතුරේ වැසියන්ට සහන සැලසීමටත්, විනාශ වූ උතුර යලි ගොඩනැංවීමටත්, නැවත මෙවන් වාර්ගික අර්බුද ඇති නොවීමටත්, සමස්ත ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමටත් හැකි අයුරින් දායක වීමට අවස්ථාව දැන් එලඹ ඇත.


සැලකිය යුතුයි

ප්‍රභාකරන් හා කොටින් සමස්ත සමාජයටම විශාල හිසරදයක්ව තිබුනේය. ඒ හිසරදය තුරන් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් නුවරුන් සැණකෙළි කෙළී නම් එහි කිසිම වරදක් මම නොදකිමි. හැමදාම තැලී පෙලී ඉන්නා මිනිසුන්ට ජීවිතයේ වෙනසක් අවශ්‍යය. රතිඤ්ඤා වලට, කිරිබත් වලට අපරාදෙ සල්ලි කිවයුතු නැත. ඔයිට වඩා සල්ලි අපි පුද්ගලිකවද, ජාතියක් හැටියටද නාස්ති කරමු.
මා දකින වරද මේය:
1. දූෂිත දේශපාලකයන් මෙම අවස්ථාව දඩ මීමා කරගෙන තම ප්‍රතිරූපය නංවා ගැනීමට කටයුතු කිරීම (උදා: මර්වින් සිල්වා, දුමින්ද සිල්වා – කොළඹ වැඩිපුරම පෝස්ටර් ගසා ඇත්තේ මුන් දෙන්නාය.)
2. සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේද එහි උපරිම ප්‍රයෝජනය ගනිමින් රට වැඩවසම් ඒකාධිපතිත්වයකට තල්ලු කිරීමේ වෑයමක නිරත වීම. (දැනටම රජ වී හමාරය. දැන් උත්සාහ කරනු ඇත්තේ අධිරාජයා වීමට විය යුතුය.)
අප විරුද්ධ විය යුත්තේ මීටය. නැතුව අහිංසක මිනිසුන් කිරිබත් කා පොඩි අඩියක් ගසා සොමියක් දානවාට නොවේ.
අඩියක් ගහන්න, නටන්න, පාරට පැන කෑ ගහන්න අපේ අය උපන් හපන්නුය. ඉතිං ඉස්සරත් ඔය ටික කර කර හටපු එකේ දැනුත් ඕක කලාට වෙනසක් නම් මං දකින්නේ නැත. ඒත් දැං පාරට බැස විනෝද වෙනවාටත් වඩා වැදගත්ම දෙය වන්නේ උතුරේ ජනතාවට LTTEය නිසා නැතිවූ දේ නැවත ලබා දීමය.
ඔවුන්ට ඉන්නට හිටින්නට ගෙයක් දොරක් නොමැත. ඔවුන් පලා ඇවිත් ඇත්තේ අතේ තිබූ සියළුුම දේවල් දමා ය. ඔය විනෝදය සදහා වියදම් කරන මහන්සිය, මුදල් ඒ උතුරේ ජනතාව වෙනුවෙන් වැය කරන්නේ නම් වඩාත් යහපත් ය.
@ Taboo Subjects
ඔබේ කමෙන්ට් එකට මම 100%ක් වෙමි.
@ අනු
බොහෝ සැමරීම් විගඩම් බව ඇත්තය. මගේ මේ ලිපියේ අරමුණ කිරිබතින් මෙය සැමරීමේ වරදක් නැති බව කීම ය.
රතිඤ්ඤා පත්තුකර කිරිබත්කා සතුට සැමරිම සිදුකරන්නේ විවාහ උත්සව,අලුත් අවුරුදු උත්සවය වැනි අවස්තාවන්හි සිය සතුට පල කිරිමටයි.එහෙයින් මෙම අවස්තාවේ සතුටුවු අය එය එසේ සතුට පල කිරිම වරදක් නැත.ඒත් එසේ සිදු කිරිම පමණක් නොව සරණාගතයිට තමන්ට හැකි පමණ පිහිටක් විමද කල යුතුය.
සමහරු මේ අවස්තාව යොදාගන්නේ තමන්ගේ ප්‍රතිරුපය වඩා ගැනිමටයි.රටේ නිතිය කඩකර දඩුවම් ලැබු ප්‍රභාකරන්ගේ මරණයේදි රටේ නිතිය කඩකර දඩුවම් නොලැබු සමහර දේශපාලඥයන් ලකුණු දාගනි.
ආතල් වලට වචනයක් හෝ කීම පාපයක් යැයි සිතන කරගෙන ඉන්න අය මේ ලිපියට වචනයක් නොකියන්නේ මන්ද? ලියන්න දිගටම, ඔබ මතු කරන කාරණ සමඟ මා එකඟ වෙමි.
ඔබ මතුකරන කාරණා සැබෑය. සැමරීමට තරම් මෙය මංගල කරුනකි. හැබැයි රතිඤ්ඤාවලට ගිය කෝටි දෙකනම් අපතේ ගියේ නැත. මොකද මිනිස්සු මෙතෙක් කලක් දරාගෙන සිටි බරක් සැහැල්ලු කර ගැනීමට ඔවුන්ට හැකිවිය. ඒ වගේම අමතක කරන්න එපා මෙතෙක් කලක් අවි අයුධ සදහා වු වියදම දැන් ඉතිරි බව. ඒ ඉතිරිය අපට එපා රණවිරුවන් වෙනුවෙන් හා අවතැන්වු ජනතාවගේ සුබසාධනයට එය වැයකරන්නයි කියමු. එහෙම බැලුවාම තව ටික දවසක් ආතල් ගත්තාට වරදක් නැත.
මේ අවස්ථාවේ රතිඤ්ඤා පත්තු කිරීමේ යම් තර්කානුකූල සංකේතාත්මක පැත්තක්ද ඇත. (මෙයින් අදහස් කරන්නේ එය කරන පිරිස් එය දැන කරන බව නොවේ.)
ලංකාවට රතිඤ්ඤා එන්නේ ඉන්දියාවෙනි. ඉන්දියානුවන් රතිඤ්ඤා පත්තු කිරීම පටන් ගත්තේ දශරා උත්සවය වෙනුවෙනි. මේ උත්සවය පැවැත්වීමේ නිමිති රාශියක් ඇති අතර ඒවා කලාපීය වශයෙන් වෙනස් වෙයි. එකක් නම් රාවනා පරාජය කළ රාම අයෝධ්‍යාවට යළි පැමිණීමයි. රතිඤ්ඤා පත්තු කරන්නේ රාවනා පරාජය කළ යුද්ධය සංකේතවත් කිරීමටය.
මේ නිසා ප්‍රභාකරන් නැමැති රාවනා පරාජය කිරීම වෙනුවෙන්ද එය කිරීම තර්කානුකූලය.
(පුද්ගලිකව හේතු දෙකක් නිසා මම රතිඤ්ඤා වලට විරුද්ධ වෙමි. එක – අධික ශබ්දයක් දරා ගත නොහෙන සතුන්ට, විශේෂයෙන්ම සුනඛයන්ට එය ඇති කරන කරදරය. දෙක – ඒ නිසා සිදුවන අනතුරු.)
රටේ සිටින සියලු දෙනාම සමාන නැත, බුද්ධි මට්ටම්, සමාජීය තත්ව වෙනස්ය, දැනෙන විදියද වෙනස්ය. ඉතින් ඔවුන් මෙය සමරන ආකාරයද වෙනස්ය. සමහරු කිරිබත් කයි, සමහරු රතිඤ්ඤා දමයි, තවත් සමහරු කෙලින් හිට ගන්නවත් බැරිවෙන තරමට බීමත් වෙයි, සමහරු ජාතික කොඩිය පමනක් ඔසවා තම ප්‍රණාමය දක්වයි, මේ කිසිත් නොකලත් සමහරු ලැබු ජය ගැන සිතා සිතින් ආශිර්වාද කරයි, නමුත් තවත් කට්ටියකට මේ ගැන ගානක්වත් නැත, යුද්ධය ඉවරයි කී විට, “කොහෙද?” කියා අසයි. මේ සියලු දේ අප බාරගත යුතුය. නමුත් සමහරු කණගාටුවට කරුණ නම් මෙය වටහ ගත නොහැකිව මේ ක්‍රියාකාරකම් හෙලා දකිමින් බ්ලොග් සටහන් පලකර තිබීමයි.
100% එකඟයි මචං… රතිඤ්ඤා වලට මම මුලින් විරුද්ධ වෙලා හිටියට දැන් නම් හිතෙනවා මිනිස්සු පොඩි ආතල් එකක් ගත්තට කමක් නෑ කියලා. හැබැයි Taboo කියන ප්‍රතිරූපය නංවා ගැනීමේ කතාවත් සහතික ඇත්ත.
ඒ වගේම ආතල් නවත්තන්නත් දැන් කාලය ඇවිත් කියල බොක්කෙන්ම දැනෙනවා.
—
කමෙන්ට් දාන්න පරක්කු වුණා… මගේ ඩයලොග් අන්තර්ජාල සබඳතාවයෙන් indranama.com වෙත පිවිසෙන්න බැහැ. 59.162.196.138.22:8080 proxy එක හරහා තමයි මම මෙතනට ආවේ. පෞද්ගලිකත්වය සම්බන්ධ තාක්ෂණික හේතුවක් මත මම OpenID පාවිච්චි කරන්නෙ නැහැ.
ඔව් මචං, ඩයලොග් එක්ක මොකක්හරි අවුලක් තියෙනවා මගේ බ්ලොග් එකට. පහන්ටත් එන්න බෑ කිව්වා. පොඩ්ඩක් මගේ සයිට් එකටත් යන්න බැරිද බලලා මට කියනවද?
සත්වැනි මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේ නම් ඉතින් පොඩ්ඩක් විතර පිම්බුනාට කමක් නෑ කියලයි මගේ අදහස. මොකද ඔය මනුස්සයා කලේ අද කාලේ ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයිනේ. කකුලෙන් ඇද්දේ එකෙක් දෙන්නෙක් නෙවෙයිනේ.
ඒත් මර්වින් සිල්වලාට, දුමින්ද සිල්වලාට උඩපනින්න දෙයක් නැති බව හැබෑය.
අනිත් එක ඉස්සර වගේ වෙසක් එකට පොසොන් එකට දන්සැල් දෙන්න වර්ථමානයේ සාධාරණ හේතුවක් නැතිවුනත් මිනිස්සු එව්වා නොකර ඉන්නේ නෑනේ. ඒවට මිනිස්සු බනින්නෙත් නෑ.. මේ වගේ අති සාධාරණ හේතුවක් නිසා මිනිස්සු කිරිබතක් හදලා බෙදදාහදා ගත්තට රතිඤ්ඤා පත්තු කරාට ප්‍රෂ්ණයක් නෑ කියලයි මට හිතෙන්නෙත්…..