දිනය නම් හරිහැටි මතක නැත. යම්කිසි රූපවාහිනි චැනලයක සාකච්ඡාවක දී සුනන්ද දේශප්‍රිය (ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු) කියූ කතාවක් මට තවම මතකය. ඔහු කීයේ දෙමල ඊලාමයේ විමුක්ති කොටි (Liberation Tigers of Tamil Eelam – LTTE) යනු දෙමල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනීසිටින සංවිධානයක් බවත්, එනයින් ඔවුන්ට “ත්‍රස්තවාදීන්” යනුවෙන් වැහැරීම වැරදි බවත් ය. එන්ජීඕ රට සල්ලි වලට කහින ඔහු ගැන මට දුක සිතුණු අතර “අනේ කොටින්ගෙ අම්මගෙ විමුක්තිය” යයි මට සිතුනේ උන් සිදුකල “විමුක්තිකාමී” වැඩ රැසක් මට මතක් වූ බැවිනි.
උපතින් ගාල්ලේ පුරවැසියෙකු වූ මගේ කුඩා කාලය ගෙවුනේ පොලොන්නරුවේය. 1987 දී දෙමල ඊලමයේ විමුක්ති කොටි අරලගංවිල බොරවැව ගමට කඩා වැදී නිරායුධ අහිංසක වැසියන් කපා කොටා මරා දමන විට මගේ වයස එක් වසරකි. ඒ සිදුවීම වූ සැනින් එහි යාමට අපේ තාත්තාට අවස්ථාවක් ලැබුණෙන් තාත්තා ඒ භයංකර දසුන සියැසින් දැකීමටත් කැමරා ඇසට හසුකරගැනීමටත් වරම් ලැබීය. (ඒ ඡායාරූප දැන් විනාශවී ගොසිනි) කිරිකැටි බිලිඳෙක් දෙපයින් අල්ලා බිත්තියක ගසා මරාදමා තිබෙනු දුටු ඔහු දැනුදු එය මතක් කර කම්පා වෙයි. මේ මගේ මතකයේ රැඳුනු එවන් එක් ගම්මානයක් පමණි. මම මේ කතා කරන්නට යන්නේ කොටි විසින් හමුදා සෙබලුන් ඝාතනය කිරීම ගැන නොවේ. මගේ මේ වෑයම කොටින්ගේ ඊනියා විමුක්තිවාදය ගැන විමසීමයි.
කොටින් විසින් ඔවුන්ව හඳුන්වාගනු ලබන්නේ දෙමල ජනතාවගේ විමුක්තිකාමියා නැතහොත් දෙමල ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නන් වශයෙනි. එහෙත් මෙසේ නිරායුධ සිවිල් වැසියන් මරා දැමීමෙන් එවන් විමුක්තියක් අත් කරගන්නේ කෙසේදැයි යන්න දැනුම් තේරුම් ඇති කාලයේ පටන්ම මට ඇතිවූ ප්‍රශ්ණයකි. විමුක්තිකාමීන් නොව වචනයේ පරිසමාප්තාර්ථයෙන් උන් ත්‍රස්තවාදීන් හා ම්ලෙච්ඡයන් බව පෙනීයනුයේ උන් විසින් සාමාන්‍ය ජනයා කෙරෙහි කරන ලද කුරිරු කම් මතක් කිරීමෙනි. සිංහල/මුස්ලිම් ගම්මාන වලට කඩාපැන නිරායුධ මිනිසුන් අමු අමුවේ ඝාතනය කිරීම, අරන්තලාවේ දී භික්ෂුන් වහන්සේලා කපාකොටා ඝාතනය කිරීම, කැලෑබද ස්ථාන කිහිපයකදීම බස් රථ නවත්වා දෙමල මිනිසුන් ඉවත් කර සිංහලයන්ට වෙඩි තබා පණ අදින්නන් බස්රියටම දමා ගිණි තැබීම, ජය ශ්‍රී මහා බෝ සමිඳු ඉදිරියේ සිල් සමාදන් වී සිටි සැදැහැවතුන් මරා දැමීම, සිරි දළදා සමිඳුන් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම, කැබිතිගොල්ලෑවේදී බසයකට ක්ලේමෝ ඇටවීම, විවිධ ස්ථානවල සාමාන්‍ය වැසියන් ඉලක්ක කර බෝම්බ පිපිරවීම, ආදිය මින් කිහිපයක් පමණි. අවසානයේ දෙමල ජනතාවට සැබෑ විමුක්තිය උදා කරනු වස් හමුදා ප්‍රහාර වලින් ගැලවීමට ඔවුන් පලිහක් ලෙස භාවිතා කිරීම, ඒ අසරණ දෙමල මිනිසුන් නිරාහාරව තැබීම, ඒ නරකාදියෙන් ගැලවී ඒමට තැත් කලවුන්ට වෙඩි තබා හා මිනිස් බෝම්බ අටවා මරා දැමීම ආදියද සිදුකිරීමට තරම් උන් දෙමල මිනිසුන්ට ආදරය කලහ. මුදල් හෝ අන් කවර හේතුවක් නිසා කොටි වෙනුවෙන් කහින, පිට කසන, කොටි සිදුකරන්නේ සාධාරණ විමුක්ති සටනක් යයි බෙරිහන් දෙන, සිංහලයන්, දෙමලුන් හා විදේශිකයන්ට මේවා මතක් කර දිය යුතුය.
සියල්ල අවසානයේ කොටි අන්ත පරාජයකට ලක්කිරීමට හමුදාව සමත් විය. තම ජනතාවගේ විමුක්තිකාමීන් බව ලොවට පෙන්වමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නැංවීමට කිසිදු දෙයක් නොකර, තමන් සුකුමාර ජීවිත ගත කිරීමේ විපාකය මහ කොටින් හට ගෙවන්නට සිදුවූයේ බල්ලන් මෙන් මැරෙන්නට වීමෙනි. කොටි අතුගා දැමීමේ කර්තව්‍යය මෙලෙස සාක්ෂාත් කර ගැනීමට ලැබුනේ නිවැරදි මිනිසුන් “ගේමට සෙට් වීම” නිසාම බැව් නොකියාම බැරිය. යම්හෙයකින් 2005දී රනිල් ජනපති වූයේ නම් සියල්ල කණපිට පෙරලීමට තිබුණි. පිලිලය කපා දැමූ බව ඇත්තය. එහෙත් එහි බීජ තවත් තිබිය හැකිය. ඒවාද ඉවත් කිරීම අවශ්‍යයෙන්ම කල යුතුය. තවද නැවතත් මෙවන් පිලිල ඇති නොවීමට, දෙමල ජනතාව ගැන අහිතක් නොමැතිව ඔවුන් හා සහෝදරත්වයෙන් විසීම සිංහල අපේ යුතුකම ය. යුද්ධයේදී සිංහල දෙමල මුස්ලිම් බේදයක් නැතිව මිනිස්සු පරලොව ගියෝය. නැවතත් එවන් අඳුරු යුගයක් උදා නොවන්නට වග බලාගත යුතුය.
මම උපන් මව්බිමට ආදරය කරන සිංහලයෙක්මි. එහෙත් ජාතිවාදියෙක් නොවෙමි. මෙය මේ ලෝක ගෝලය තුල සිංහලයන්ගේ උරුම බිම බව සත්‍යයකි. එහෙත් නූතන ලෝකයේ රටක එක් මනුෂ්‍ය වර්ගයකට පමණක් ජීවත් විය නොහැක. දැන් මේ බිමේ අයිතිය මෙහි වසන සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ හා වැදි ආදී සියලු ජනතාවට තිබේ. කල යුත්තේ ජාති අනුව මේ බිම කෑලි වලට කඩා ගැනීම නොව සියලු දෙනා සමගිව ජීවත් වීමය. එය ශ්‍රී ලංකා වාසී සියල්ලන්ටම අවබෝධ වීමට තව කොපමණ කලක් යයි දැයි නොදනිමි. එය සියලු දෙනා අවබෝධ කරගත් දින නැවත මෙවන් ගැටලු නිර්මාණය නොවනු ඇත.
මේ ජයග්‍රහණයේ වැඩිම කොටස උරුම විය යුත්තේ තම හිරිමල් යෞවනය රට වෙනුවෙන් කැප කර රණ බිමේදී අභීතව සටන් වැදි රණවිරුවන්ටය. රණ බිමේදී දිවිපිදූ සොයුරන් සදා අප සිත්තුල අමරණීය වනු ඇත. ඔවුන් සියලුදෙනා වෙනුවෙන් මම ශීර්ෂප්‍රණාම ගෞරවය පුද කරමි. එසේම සටන මෙහෙයවූ බලසේනාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් තුමන් හා දේශීය, විදේශීය සතුරු බලවේග “ෂේප් කර ගනිමින්” ජනතාව ඔහුට බාරදුන් කර්තව්‍යය නිසියාකාරව ඉටු කල ජනාධිපතිතුමාටද මගේ ගෞරවය පුදකරමි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුල ලංකාවට විරුද්ධව යෝජනාවක් මතු වී ආවේ නම් මේ සියල්ල වෙනස් වන්නට තිබිණි. එම අවස්ථාවේ ලංකාවේ සහයට පැමිණි පැරණි මිතුරන් වූ චීනය හා රුසියාවට ලාංකික අපගේ ගෞරවය හිමිවිය යුතුය.
මේ සටහන අවසන් කරන්නට සිත්වූයේ මේ දිනවල දක්නට ලැබෙන රතිඤ්ඤා හරඹයෙනි. ජය සැමරිය යුතුය. ඒත් ඒ සුදුසු ආකාරයටය. තිස් අවුරුද්දක් ත්‍රස්ත ග්‍රහණයේ තිබූ රටක් ඉන් නිදහස් වූ විට ඇතිවන සතුට අතිමහත් ය. ඒත් ලක්ෂ ගණන් මුදල් රතිඤ්ඤා වලට පුලුස්සන්නේ නැතිව ඒවා දිවිපිදූ හමුදා සෙබලුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නංවන්නට යෙදවීමට හැකි නම් එය අගනේ නොවේද? (අපි වෙනුවෙන් අපි වැඩසටහන යටතේ මියගිය හමුදා සෙබලුන්ගේ පවුල් වලට කියා තැනූ ගෙවල් ඔවුන්‍ට දෙන්නේද කුලී පදනමට බැව් ආරංචි ය.) අනෙක් වරද නම් ජාතික ධජයට අපහාස වන අයුරින් සිදුකරන නානාප්‍රකාර විගඩම් සමූහයයි.
මා ඉපදුනේ ද යුද්ධයක් ඇති, බෝම්බ පුපුරණ රටක ය. අනුරාධපුරයෙන් එහා උතුරට මා පය තබා වත් නැත. ඉදින් ලංකාව එකම සිංහ ධජයක් යටතේ එක්සත් වීමේ සතුට මටද හොඳින් දැනේ. සියලු බේද දුරුවී මටත් යාපනය, කිලිනොච්චි, අලිමංකඩ මෙන්ම තම ජනතාව රැවැට්ටූ හා පාවා දුන් පාදඩයෙක් අවසන් සුසුම් හෙලූ නන්දිකුඩාල් කලපුව ද දැක ගැනීමට ඉක්මනින්ම හැකි වේ යයි යන්න මගේ එකම පැතුමයි.
දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ
එකම දැයක් වී මහ බලයක් වී පෙරටමැ යමු ලංකා
ඉපැදුනු අප හට ලක් පොලොවේ – සුරු විරු කම් උපතින් හුරුවේ
දක්වමු දස්කම් ලක්කම් විස්කම් විස්මවමින් මුලු ලෝ…..

සැලකිය යුතුයි

ඇත්ත. කොටි ඉතාම නින්දිත හා තුච්ඡ ලෙස අහිංසක ජනතාව මරා දැමුවෝය. එහෙත් මේ වරද කළ එකම කණ්ඩායම කොටින් ලෙස වරදවා වටහා ගත යුතු නැත. ජනතා විමුක්ති පෙරමුණද, ඊට එරෙහිව ආණ්ඩුද 1971දීත් 1989දීත් එකිනෙකා මරා ගත්තේ ඉතා කෲර ලෙසය. (සංඛ්‍යාත්මකව විජේවීර අතින් හා ඔහු නිසා මිය ගිය සංඛ්‍යාව ප්‍රභාකරන් අතින් හා ඔහු නිසා මිය ගිය සංඛ්‍යාවට වැඩිය.) 1958, 1979 හා 1983 වසර වලදී ඉතාම කුරිරු ලෙස දෙමළ ජනතාව සිංහලයන් අතින් ඝාතනය විය. ඔවුන් ඩහදිය මහන්සියෙන් උපයා ගත් දේපළ ගිණි තබා විනාශ කර දමන ලදී. කොටින් ගැන නිවැරදි තක්සේරුවක් තබා ගැනීම සේම ඒ හා සමාන අපරාධ කළ අනෙකුත් කණ්ඩායම් ගැනද අමතක නොකිරීම වැදගත්ය.
අරන්තලාවේ දී භික්ෂුන් වහන්සේලා කපාකොටා ඝාතනය කිරීම, කැලෑබද ස්ථාන කිහිපයකදීම බස් රථ නවත්වා දෙමල මිනිසුන් ඉවත් කර සිංහලයන්ට වෙඩි තබා පණ අදින්නන් බස්රියටම දමා ගිණි තැබීම, ජය ශ්‍රී මහා බෝ සමිඳු ඉදිරියේ සිල් සමාදන් වී සිටි සැදැහැවතුන් මරා දැමීම, සිරි දළදා සමිඳුන් වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම,
ඕව කරන්න සක්‍රීයව දායක වුන එක්කෙනෙක් මහරජතුමාගෙ පක්ෂයේ උප සභාපති ධූරයක් දරනවා නේද ???? එයාට මුකුත් කරන්න ඔනේ නැද්ද ???
@chrishi,
ඕව කරන්න සක්‍රීයව දායක වුන එක්කෙනෙක් මහරජතුමාගෙ පක්ෂයේ උප සභාපති ධූරයක් දරනවා නේද ???? එයාට මුකුත් කරන්න ඔනේ නැද්ද ???
Hey don’t be a racist, people like you are the main cause for this problem. KA is the man who gave up arms and he is now in the democratic flat form, if he was with prabhakaran he may continue his bloody agenda. Enough is enough we are Buddhists and lord Buddha gave similar example for us (angulimala)
@ sana
තමන්ට වාසිය තකා බෞද්ධ ආගමික කරුණු ඉස්මතු කිරීමට සමහරුන් ඉතා දක්ෂය. ඔය ඉගැන්වීම් අතර වෛරයෙන් වෛරය සංසිදේ වැනි දෙයක් ඇත්දැයි කියා ඇසීමට සිත්වේ. කුඩා කල අපට උගන්වන්නේ චන්ඩාශෝක කොතරම් වැරදිද ධර්මාශෝක කෙතරම් උතුම්ද කියාය. සාමකාමීව යුද්ධය අවසන් කිරීමට ක්‍රියා කලා අය අද රටට ආදරය නොකරන සුළු පිරිස බවට පත් වී ඇත.
ඔය කියන උප සභාපතිතුමාද සහ ඔහුගේ ගෝලයන්ද හරි මාර්ගයට ගත්තේ යුද්දය නොවන බව ඔබ වැනි පුද්ගලයන්ට නොතේරීම ජාතියේ (ශ්‍රි ලාංකික ) අවාසනාවකි.
නOගි නැට්ට පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ.
(ඔය ඉගැන්වීම් අතර වෛරයෙන් වෛරය සංසිදේ වැනි දෙයක් ඇත්දැයි කියා ඇසීමට සිත්වේ.)
යුද්ද කරන්න හරි කවුරුවත් මරන්න හරි කියලා මම කියලා තියෙනවද?
(ඕව කරන්න සක්‍රීයව දායක වුන එක්කෙනෙක් මහරජතුමාගෙ පක්ෂයේ උප සභාපති ධූරයක් දරනවා නේද ???? එයාට මුකුත් කරන්න ඔනේ නැද්ද ???) එහෙම කියලා තියෙන්නෙ හරි අගවලා තියෙන්නෙ හරි ඔයා මයි-LOLz
දැන් යුද්දය ඉවරයි..කරුනා වගෙ වරදි කරපු අයට සමාව දීම නෙද අපි දැන් කල යුත්තෙ ?
(සාමකාමීව යුද්ධය අවසන් කිරීමට ක්‍රියා කලා අය අද රටට ආදරය නොකරන සුළු පිරිස බවට පත් වී ඇත.) හැගිම් අවන්ක නම් දෙවියනුත් උදව් කරනවා..අනෙක් අතට තමන්ගෙ පක්ෂෙ බලය බෙදීමට අකමැති අය රටේ බලය බෙදීම ගැන කතා කරනවා
දැන්වත් හැදෙන්න බලන්න
මේක ඉතාම සරල ප්‍රශ්නයක්.
දේශප්‍රේමීන් = මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේගේ පැවැත්මට තර්ජනයක් නොවන පිරිස
දේශ ද්‍රෝහීන් = මහින්ද මහ රජ්ජුරුවන් වහන්සේගේ පැවැත්මට තර්ජනයක් වන පිරිස
ඒ හැරුණු විට මෙතන සිංහල දෙමළ කියලා භේදයක් වත්, ත්‍රස්තවාදී / ත්‍රස්තවාදී නොවන කියලා භේදයක් වත් නැහැ.
පුලිදේවන් ත්‍රස්තවාදියකු වන්නෙද, එවැනිම පසුබිමක් ඇති දයා මාස්ටර් දේශප්‍රේමියකු වන්නේද ඒ නිසා.
@ සියළුම Taboo ලාට…
මුලින්ම අපට අපේකම මතක් කර දුන් ත්‍රිවිධ හමුදාවන්ට සහ අපට රජෙක් වූ ජනාධිපතිතුමා ඇතුඵ අපේ වීර සෙන්පතියන්ට හදවතින් ස්තූතිවනත වෙමි.
මේ ඉතාම සරල ප්‍රශ්නයට වත් උත්තර දන්නේ නැතුව වැරදි අර්ථ කථන දෙන්න හදනවානෙ..
“1/2 ඇරලා = 1/2 වහලා” නම් 1/2 කපලා ” ඇරලා = වහලා” කියන්න පුළුවන්ද ? පිස්සොනේ..
මේ වෙලාවේ රටට ආදරේ කරන අයනම් ඉන්න ඕන පැත්තයි අනිත් පැත්තයි මොකක් ද කියල ඔන කෙනෙක් දන්නවා
යුද්ධෙ හරියට වෙන දවස්වල (කොටියට අවාසි වෙන කොට) ” තොප්පි ගල කියන්නේ කැලයක්” , “යුද්ධෙ කරන්න ඔන ගොනෙකුට පුළුවන් ” , ” කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා” වගේ දේවල් කියලා අපේ උන්ගේ මොරාල් එක බස්සන්න හදන උන් ට “දේශ ද්‍රෝහීන්” කියන්නැතුව මොනවා කියන්න ද? දේශ ද්‍රෝහීයෝ …
තමන් කරන දේ වැරදියි කියලා අවබෝධ වුනාම උන්ට හරිදෙ කියල දෙන එක මනුස්සකමක්
තමන් කරන දේ වැරදියි කියලා දැන දැන ඒකම කරන උන්ටත් උන් ට කඩේ යන උන්ටත් දේශ ද්‍රෝහීයෝ කියන එකත් මනුස්සකමක්දන්නවද ?
දේශ ද්‍රෝහීයෝ …
මේ සටහන තුල බෞද්ධාගම ඉස්මතු වී ඇති සේ පෙනේ නම් මම ඒ පිලිබඳව කණගාටු වෙමි. මම මේ ලිපිය ලීවේ එසේ ආගම්වාදීව නොවේ. මේ ලියා ඇත්තේ බෞද්ධයකු වූ මට මතක කරුණු පමණකි. මෙහි සඳහන් කිරීමට මට අමතක වුවත්, අපගේ මුස්ලිම් සහෝදරයන් රැසක් ද (තම ආගමික ස්ථාන වලදී, ගම් වලදී) කොටි විසින් ඝාතනය කර ඇති බව මම දනිමි.
ආතල් වලට වචනයක් හෝ කීම පාපයක් යැයි සිතන කරගෙන ඉන්න අය මේ ලිපියට වචනයක් නොකියන්නේ මන්ද? ලියන්න දිගටම, ඔබ මතු කරන කාරණ සමඟ මා එකඟ වෙමි.
අපූරු ලිපිය. අදයි දෑක්කෙ.
සින්හල බ්ලොග් තියෙන බව මා අද වෙනතුරු දෑනගෙනනොසිටියෙමි .එය මහත් බ්ලපොරොත්තු දනවන්නක් බව කිවයුතුමය්.ඔබෙ ලිපිය ඉතා උසස් කොට සලක අතරම නිතර මෙහි ඒමට බ්ලපොරොත්තු වෙමි.
මීයා.