අරුම පුදුම ගුවන්තොටුපොලක් !

On 2009 මැයි 1, in වර්ගීකරණය නොකළ, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මේක මම දැක්කෙ මට ආපු ෆෝවර්ඩ් ඊමේල් එකකින්. මේක හරි strange දෙයක් නිසා මට හිතුනා මේ ගැන ටිකක් හොයලා බලලා බ්ලොග් එකටත් ලියන්න.

ජිබ්රෝල්ටා කියන්නේ ස්පාඤ්ඤ අර්ධද්වීපයේ පහලින්ම ඇති කුඩා බිම් කඩක්. ඒ අසල ඇති ජිබ්රෝල්ටා සමුද්‍රසන්ධියට නම වැටී ඇත්තේද මේ රට නිසා. මෙය අභ්‍යන්තර පරිපාලනයක් ඇති බ්‍රිතාන්‍ය භූමියක් (self-governing British overseas territory), හරියට ඕස්ට්‍රේලියාව වගේ.

අරුමපුදුම දේ තමයි ජිබ්රෝල්ටාවේ ගුවන්තොටුපලේ ධාවන තීරුව (runaway) හරහා මහාමාර්ගයක් වැටී තිබීම ! අපේ රටේ දුම්රිය මාර්ග හරහා වැටී ඇති පාරවල් වල වාහන ගමනාගමනය දුම්රියක් එන විට ගේට්ටු දමා නතර කරන්නාක් මෙන් මෙහි ගුවන්යානයක් පැමිනෙන/යන විට මහාමාර්ගයේ වාහන ගමනාගමනය ගේට්ටු මගින් නවත්වනවා.


මෙසේ වීමට හේතුව මොකක්ද කියලා මේ චන්ද්‍රිකා ඡායාරූපයෙන් පේනවා. මේ රට බොහොම පටු එකක්. හරස් අතට ගුවන් පථයක් ඉදිකරාට පස්සේ පාරක් හදන්න ඉඩ කොහෙද? මේ ගුවන් පථයෙත් කොටසක් හදා තියෙන්නෙ මුහුද ගොඩකිරීමෙන් බවයි පේන්නෙ.

මෙන්න බලන්න ඡායාරූප ටික:





මට මේක දැක්කාම තවත් දෙයක් මතක් උනා. ඒ තමයි “හිත ඇත්නම් පත කුඩාද?” කියන ආප්තෝපදේශය.

 

12 Responses to අරුම පුදුම ගුවන්තොටුපොලක් !

  1. -බිன்ku- පවසන්නේ:

    හික්ස්! හිත නැතුවට අපේ පත ලොකුයි නේද?

    මරැ ලිපිය + ගුවන් තොටුපල! ;)

  2. Manushan පවසන්නේ:

    මරු ගුවන් තොටුපොල
    මේ ඉන්දරනාම අයියේ ඔයා මේ දවස් වල කොහෙද හිටියේ
    එක බ්ලොග් එකකවත් පේන්න හිටියේ නෑනේ

  3. malee_msg පවසන්නේ:

    හොද වෙලාවට අපේ රට පොඩි උනාට ඉඩ තියෙන්නේ නැත්තං අපිට මාස 2-3 කට සැරයක් වාහනයක් ප්ලෙන් එකක හැප්පුනා කියලා අහන්න වෙයි.. ඒ ‍වගේම ඒ රටේ විනීත රියදුරෝ ඇති. නැත්තං ඉතිං පේනවානේ අපේ රටේ‍ කෝච්චියට කලින් යන්න ගිහිං කට්ටිය කරගන්න වැඩ.

  4. @මනුෂාන්,
    මට අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන්නේ සති අන්තේ විතරයි මල්ලි.
    පහුගිය ටිකේ දවසෙම හිටියේ අවුරුදු නිවාඩුවට ගෙදර හිටපු නිසා.

  5. Manushan පවසන්නේ:

    මම දන්නේ නැනේ ඔය වගක්
    මම බැලුවා මොකො නැත්තේ කියලා

  6. පවසන්නේ:

    මෙහෙ තිබ්බනම් ගුවන් පාලමක් දන්න තිබ්බ අප්පා

  7. නිලන්‍ත පවසන්නේ:

    @ම
    ගුවන් පාලම දාන්නෙ ගුවන්යානයට යන්නද? හැක්..හැක්..

  8. පවසන්නේ:

    නැහැ නැහැ බන්
    වාහන වලට යන්න
    ලෝකෙටම එකයි
    ගුවන් පථයකට උඩින් ඇති එකම ගුවන් පාලම

  9. think.......... පවසන්නේ:

    නියමයි… අද තමයි ඇහුවෙ… අද තමයි දැක්කෙ…

  10. Thilina පවසන්නේ:

    හික් හික්…මෙහෙම එකක් මම දැක්කමයි. වාහන වල‍ට උමං මාර්ගයක් දාන්න තිබ්බා.

  11. meegodaya/sman පවසන්නේ:

    ප්‍රවීන් මල්ලිට බ්ලොග් අටපට්ටමක් ලියන්න තරම් දුර්ලභ ඊමේලක්නේ ලැබිලා තියෙන්නෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>