දැං මම ආයෙත් නිදහස් !

On 2009 අප්‍රේල් 15, in මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


පහුගිය දවස් ටිකේ බ්ලොග් එකේ මුකුත්ම ලිව්වෙත් නෑ. පිස්සු හැදිලා වගේ හිටියේ. මොකද මගේ බ්ලොග් එකට (විතරක් නෙමෙයි මගේ බ්ලොග් ඔක්කොටම) පිවිසීමේ ගැටලු තිබුණ නිසා. ඉතින් පිරිසකට කියවන්න බැරුව තිබියදී පෝස්ට් කරලා පලක් නැති නිසා මම ලියන්න ගියේ නෑ.

මෙන්න මේකයි සිද්ධිය උනේ. මුලින්ම කියන්න ඕනෙ මේ ප්‍රශ්නෙ මට විතරක් නෙමෙයි ප්‍රභාත් රණසිංහ (නාගයා) හා මුදිත මදුසංක යන මල්ලිලාටත් තිබුනා. මොකද අපි තුන් දෙනාටම ඩොමේන තිබුණට හොස්ටිං ඉඩකඩක් නෑ. ඩොමේනය මිලදීගත් තැන ම පාක් කර CNAME රෙකෝඩ් හැදීමෙන් තමයි බ්ලොග් අඩවි එම ඩොමේනයෙන් පවත්වාගෙන ගියේ. පසුගිය 10 වෙනිදා සිට එක් වරම අපේ බ්ලොග් වලට යාමට නොහැකි උනා. මුලින් මෙය බ්ලොගර් හි දෝෂයක් කියා සිතුනත් මගේ OpenID සබ්ඩොමේනය (එය බ්ලොගර් හා සම්බන්ධ නෑ) ටත් යාමට නොහැකි වීම නිසාත්, ටෙලිකොම් විසින් ලබාදෙන DNS සර්වර වෙනුවට OpenDNS සර්වර යෙදූ විට බ්ලොග් වලට යාමට හැකි වීමත් නිසා මෙය ඩොමේන මිලදී ගත් ආයතනයේ Parking Nameservers වෙත ටෙලිකොම් හි DNS හරහා සම්බන්ධ විය නොහැකි වීමක් බව සිතුනා.

ටෙලිකොම් කස්ටමර් කරේ (care) වෙත කතා කර ප්‍රශ්ණය කී පසු (එතැන සිටි ගෑණු ලමයා DNS කියන්නෙ මොකක්ද කියල අහලවත් නෑ) පසුදිනම ටෙලිකොම් වෙතින් Breakdown Maintenance කණ්ඩායමක් ආවා. මම කිව්වා මෙය ඔවුන්ට කල හැකි දෙයක් නොවන බවත් මට ජාලකරණය සම්බන්ධ නිලධාරියෙකුට කතා කල යුතු බවත්. මීට පසු තවත් දෙවරක් කස්ටමර් කරේ වෙත කතා කිරීමෙන් පසු සිද්ධිය තේරුම් ගැනීමට හැකියාවක් තිබූ නිලධාරියෙකු මට කතා කලා. ඔහු සරල පරීක්ෂණ දෙකක් (ping, tracert) ද කර පසුව අමතන බව කියා දුරකථනය තිබ්බත් ආපහු කතා කලේ නෑ.

අවුරුදු දින රාත්‍රියේ තවත් කෙනෙක් කතා කලා. ඔහුටත් මම ප්‍රශ්ණය මුල සිටම කී පසු ඔහු කලෙත් කලින් පුද්ගලයා කල දේමයි. ටෙක්කතා වෙත මෙම ගැටලුව ඉදිරිපත් කල විට පිලිතුරු ලැබුනේ තාවකාලිකව හෝ නොමිලේ DNS දෙන තැනකට අපේ ඩොමේන මාරු කරන ලෙසයි. නාගයා මේ අනුව එවැනි අඩවියක පිහිට පැතුවත් මට ඒ අඩවියේ විශ්වාසනීයත්වය ගැන සෑහීමකට පත්වීමට නොහැකි වූ නිසා මම එය භාවිතා කලේ නෑ.

වෙනත් කරන්නම දෙයක් නොවූ තැන මම අද දහවල් වෙබ් හොස්ටිං ආයතනයකින් ඉඩකඩක් මිලට ගෙන ඔවුන්ගේ Nameservers වෙත මගේ බ්ලොග් යොමුකලා. දැන් ඒවා දෙයියනේ කියලා වැඩ කරනවා. මේ අතරේ නාගයා ගේ බ්ලොග් අඩවි ද වැඩකරන බව ඔහු දැනුම් දුන්නා. මුදිතගේ ඩොමේන ද නාගයා භාවිතා කල අඩවියටම දැම්මත් තවමත් එය අප්ඩේට් වෙමින් පවතිනවා.

බ්ලොගය (අර්ධ වශයෙන්) අක්‍රියව තිබූ අවස්ථාවේ මා වෙත ඊමේල් එවා ඒ ගැන විමසන්නට තරම් උනන්දුවක් දැක්වූ බන්දුල රණතුංග හා නුවන් අබේසිංහ මහත්වරුන්ටත්, ට්විටර් හරහා ඒ ගැන විමසූ ශ්‍රීශානු ලොකුපතිරගේ, කිසංක රත්නාය, චරිත් වීරක්කොඩි, චතුර වික්‍රමරත්න යන මහත්වරුන්ටත් චැට් හරහා මා සමග ඒ ගැන සාකච්ඡා කල පහන් සරත්චන්ද්‍ර, කණිෂ්ක නාරද (බින්කු), සුපුන් සුදාරක, සුපුන් බුධාජීව, ගයාන් කල්හාර, ඉසුරු උදාන, ගයන්ත සමරදිවාකර, රවිමල් බණ්ඩාර මහත්වරුන්ටත්, ටෙක්කතා හි උදව් කල කාලිංග ඇතුලත්මුදලි මහතාටත් පැය ගණන් මා සමග චැට් සංවාදයේ යෙදෙමින් විසඳුමක් සෙවූ ප්‍රභාත් රණසිංහ (නාගයා) මල්ලීටත් මගේ ස්තූතිය පිරිනැම
ේ. (අමතක වූ නමක් තිබේ නම් සමාවෙන්න)

[නිදහස් කිව්වට නිදහස් ම නෑ. මොකද මේ ආයතනය මට තනියම CNAME records හදාගන්න දෙන්නෙ නෑ. එයාලට ඊමේල් එකක් යවන්න ඕනෙ ඉල්ලීමක් කරලා. හැබැයි ඉක්මනට වැඩේ නං කෙරෙනවා]

Tagged with:  

6 Responses to දැං මම ආයෙත් නිදහස් !

  1. ඩනිෂ්ක පවසන්නේ:

    “මීට පසු තවත් දෙවරක් කස්ටමර් කරේ වෙත කතා කිරීමෙන් පසු සිද්ධිය තේරුම් ගැනීමට හැකියාවක් තිබූ නිලධාරියෙකු මට කතා කලා. ඔහු සරල පරීක්ෂණ දෙකක් (ping, tracert) ද කර පසුව අමතන බව කියා දුරකථනය තිබ්බත් ආපහු කතා කලේ නෑ.”

    කතා කරන්න කලින් ඔබට අමතන නිලධාරියා හදුනාගන්න පළමුව.

    ඉන්පසු යළි උත්තර නැත්නම් දුරකත නාමවලියෙන් අදාල අංශ ප්‍රධානියා අමතන්න. ඔවුන්ට එම ආයතනයෙන් ගෙවීමක් කරන්නේ විශිෂ්ඨ සේවයක් සඳහා මිස කොල් එක පැත්තකින් තියා මාරූ විමට නොවෙයි. :)

  2. Supun Budhajeewa පවසන්නේ:

    > "පසුදිනම ටෙලිකොම් වෙතින් Breakdown Maintenance කණ්ඩායමක් ආවා"

    හික් !

    ඒකට්ටිය ඔයාගෙ ගෙදරටද ආවෙ ? හිහි.. ගෙදර සර්වර් එක තියනව කියල හිතාගෙන එන්න ඇත්තෙ. කිවුවනං හරි සර්වර් එක මෙහෙ නෙවෙ, ඇමරිකාවෙ, එහෙ ගිහිං හදන්න කියල.

    SLT එකට බැරියැ ඔය පිටරට domian කම්පැනි වලට breakdown maintenance services සපයල කීයක් හරි හොයාගන්න !!

    කස්ටමර් කරේ එකේ ඉන්න අක්කල දන්න මගුලක් නෑ. මගෙ OS එක ලිනක්ස් කිවුවම එක්කෙනෙක් කිවුව, "එහෙනං සර්ගෙ windows වල දෝෂයක් වෙන්න ඇති. windows re-install කරන්න." ලු !

  3. @ඩනිෂ්ක
    ඒක නං ඇත්ත. මට මීටර් උනේ නෑනේ එහෙම දෙයක් කරන්න

    @බුධාජීව
    එතන වැරැද්ද කස්ටමර් කරේ එකේ හිටපු කෙල්ලලේ. එයාට මේ ප්‍රශ්නෙ තේරුම් අරන් තියෙන්නෙ මගේ ADSL සම්බන්ධතාවයේ අවුලක් විදියට. ඒකයි maintenance කණ්ඩායමට එන්න කියලා තියෙන්නේ.

    මං හිතන්නෙ නෑ මේ අවුල විස‍ඳේවි කියලා. මොකද පැමිණිලි කලෙත් එක්කෙනෙක් විතරයි. යන්න බැරි වෙලා තියෙන්නෙත් සයිට් දෙකතුනකට විතරයි. ඒකයි මම තකහනියක් හොස්ටිං එකක් අරන් දැම්මේ.

  4. Supun Budhajeewa පවසන්නේ:

    පැමිණිලි කරන්න ඒ අයට කෝල් කරන්න ඕනම ද ? මම යවපු ඊමේල් එකට මොකද දන්නෙ නෑ උනෙ ?

  5. @බුධාජීව
    ආහ් මට කියන්න අමතක උනානෙ. මමත් බෙහොම පැහැදිලි විදියට ඊමේල් එකක් යැව්වා අප්‍රේල් 11 වෙනිදා. ඒක හම්බූඋන බව තියලවත් පිලිතුරක් ආවෙ නෑ.
    මං හිතන්නේ ඔය info@sltnet.lk කියන්නෙ චෙක් කරන ඊමේල් එකවුන්ට් එකක් නෙමෙයි !

  6. Thilina පවසන්නේ:

    මෙවන් දෙයක් නැවත නොවෙ‍්වායි ප්රාර්ථනා කරනටා

    සුභ අලුත් අවුරුද්දක් වේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>