
මේ තියෙන්නෙ අද දවාලෙ මම හාරපු අලයක්. දන්නවද මොනවද කියල? අර දම් පාට අල ජාතිය හෙවත් දන්දිල. සමහරු මේවා කොඬොල් කියලත් හඳුන්වනවා. මේකෙ විද්‍යාත්මක නාමය නං අහන්න වෙන්න අපේ නුවන් මහත්මයාගෙන් තමයි.

අපේ වත්තේ මේ වැල් තියෙනවා අම්බානෙකට. ඉතාම පෝෂ්‍යදායක කෑමක් උනත් මේවා තැම්බුවාම තියෙන සෙවල ගතිය නිසා මම කන්න නම් අකමැතියි. ඒත් මේවා හාරන එක නං මගේ හොඳ විනෝදාංශයක්. මේ හාරපු අලය අඩුගානෙ කිලෝ 3ක් වත් බර ඇති.
මේකෙ දම්පාට නොවන සුදු පාට ප්‍රභේදයකුත් තියෙනවා. ඒක නම් සෙවල ගතියක් නෑ. මඤ්ඤොක්කා වගේ. අන්න ඒවා නම් මම කනවා.
දන්දිල කියන්නේ පහසුවෙන්ම නිවසේ වගා කර ගන්න පුලුවන් අල වර්ගයක්. හාරන්න ගියාම ටිකක් අමාරු වෙන නිසා, හොඳ පෝර පස් පිරවූ පෝර උරයක වගා කරගන්න පුලුවන් නම් හොඳයි. එතකොට ඉතින් උරය ඉරලා දාන්න විතරයිනේ තියෙන්නේ.
සුදු වර්ගෙ නම් මගෙත් ප්‍රියතම ජාතියක් තමා. තම්බල ලුණු පොඩ්ඩකුත් එක්ක තියනවනම්. දවසකටම ඇති (එහෙම ඉඳලත් තියෙනව :) ), දම් එකෙත් අවුලක් නෑ
අපිනම් රාජ අල කියල කියන්නේ
ලුණුමිරිස් එක්ක මරු
වවන්න සිම්පල්. නිකන් අල කැල්ලක් දැම්මත් පැළ වෙනවා ගලවන එක තමා එපා වෙන්නේ
අපිට නැද්ද?
අපේ වත්තෙත් මේ අල ජාතිය තිබ්බා. මට මතකයි ඉස්සරම ඉස්සර දවසක අම්මා මේ අල හැදුවා කැඳ එකක් වගේ. ම්ම්ම්ම්ම්…. හරිම රසයි. දැන් නම් මෙව්වා තියෙනවද දන්නෙ නැහැ.