The Onion : කඳුලු එනකං හිනාවෙන්න

On 2009 මාර්තු 26, in අන්තර්ජාලය, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

The Onion News Network ගැන අහලා තියෙනවද? මමත් මේ ගැන මුලින්ම දැනගත්තේ The Onion Movie චිත්‍රපටයෙන්. (අන්න බලනවනං නියම චිත්‍රපටිය ! හොයාගෙන බලන්න. ඒක බලලා මට මැරෙනකං හිනා ! )

The Onion කියන්නේ Fake News සේවාවක්. දැං කට්ටිය බලනවා ඇති බොරු නිවුස් මොකටද කියලා.. මේක විනෝදාත්මක සේවාවක් කිව්වොත් නිවැරදියි. ඔවුන් කරන්නේ සත්‍ය ලෝකයේ කාලීනව සිදුවන නිවුස් වලට විකට කතාවක් ගොතලා විකට නිවුස් හැදීමයි. මේවා ඔවුන්ගේ වෙබ් අඩවියෙන් හා මුද්‍රිත පුවත්පතෙන් පාඨකයන් වෙතට එනවා.

මේ විහිලුව කොච්චර තාත්වික විදියට කරනවද කිව්වොත් ඔවුන්ගෙ වෙබ් අඩවිය හරියට CNN වැනි නිවුස් අඩවියක් තරම් professional විදියට හදලා තියෙනවා. ඒකෙ තියෙන නිවුස් වීඩියෝ පවා ඒ තරම් තාත්විකයි.

වැඩිය කතා කරල වැඩක් නෑ. ගිහිල්ලම බලන්න. පණ යනකං හිනාවෙන්න පුලුවනි.

http://www.theonion.com
—————
බින්කු මල්ලී ගේ කමෙන්ට් එක දැක්කාමයි මේක කියන්න මතක් උනේ. මේ The Onion සමාගම අපක්ෂපාතී එකක්. ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකට “පමණක්” පහර දෙන්නේ නෑ. ඔක්කොටම දෙනවා බඩ යන්න !
Tagged with:  

3 Responses to The Onion : කඳුලු එනකං හිනාවෙන්න

  1. -බිன்ku- පවසන්නේ:

    හරි, මේ වගේ එකක් ලංකාවේ හැදුවා නම්? අපක්ෂපාතිව?

    sorry.lk තමා ඉතිං!

    ස්තුතියි කිව්වාටත්!.

  2. @බින්කු,
    සුදු වෑන් + නාඳුනන තුවක්කුකරුවන් තමයි !

  3. -බිன்ku- පවසන්නේ:

    අයියාගේ පිළිතුරට මමත් හිනා වුණාට ඇත්තටම කණගාටුයි ඒ ගැන. ඇත්තමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>