Source Code පෝස්ට් කරන හැටි තවදුරටත් හොයනකොටතමයි මේ අපූරු ටිප් එක හම්බුනේ. අපේ පෝස්ට් එකට දාන code වල syntax highlight වෙනවනම් කොච්චර අපූරුද? ඒකත් ලේසියෙන්ම කරගන්න පුලුවන් මෙන්න මෙහෙම. මේක Google Code හි project එකක්.

1. මුලින්ම files ටික බාගන්න මෙතනින්.
2. ඒ archive එක දිගඇරලා files ටික direct link දෙන්න පුලුවන් web space එකකට upload කරගන්න. (Google Pages නොමිලේ ලැබෙන හොඳ සේවාවක්)
හොඳට බැලුවොත් තේරේවි Scripts ෆෝල්ඩරය තුල තියෙන්නේ විවිධ languages වලට අදාල ෆයිල් බව. මෙතනින් ඔබ බ්ලොග් එකේ ලියන්න බලාපොරොත්තු වෙන languages විතරක් දැම්මාම ඇති.
ඒ වගේම ඔබේ ෆයිල් upload කලාට පසු ලැබෙන direct links සොයාගන්න.
3. දැන් ඔබේ බ්ලොග් එකේ Dashboard එකේ “Layout > Edit HTML” වෙත ගිහින් එහි මෙන්න මෙහෙම comment එකක් සොයන්න


<!-- end outer-wrapper -->

4. එය සොයා ගත් පසු ඊට පහලින් මේවා එකතු කර template එක ‍save කරන්න. (මෙහිදී YOUR_HOST කියන එක වෙනුවට ඔබේ ෆයිල් එකට direct link එක දෙන්න)

[source language="xml"]
<span style="font-family: Malithi Web;"><code><link href=’YOUR_HOST/SyntaxHighlighter.css’ rel=’stylesheet’
type=’text/css’/>
<script language=’javascript’ src=’YOUR_HOST/shCore.js’/>
<script language=’javascript’ src=’YOUR_HOST/shBrushCpp.js’/>
<script language=’javascript’>
dp.SyntaxHighlighter.BloggerMode();
dp.SyntaxHighlighter.HighlightAll(‘code’);
</script></code></span>
[/source]

මෙහි පෙන්වා ඇත්තේ C++ script file එක පමණයි. මෙසේ ඔබට අවශ්‍ය අනෙක් script file ද එකතු කරන්න.
දැන් මූලික වැඩේ හරි.
දැං තියෙන්නේ ඔබේ පෝස්ට් එකේ අදාල code එක ලියන්න ඕනෙ තැනදී Edit HTML තැනට ගිහින් මෙන්න මේ ටික ඇතුලත් කරන්න තමයි. Insert Code Here කියන තැන අවශ්‍ය code එක ලියන්න.

<pre name="code" class="Cpp">
...insert code here...
</pre>

සැ.යු: මෙහි class=” ” යන ස්ථානයේ ඔබ ලියන language එකේ නම දෙන්න. Cpp, CSharp, Java, Css, Xml යනාදී වශයෙන්. (නම් ටික බලාගන්න පුලුවන් download කරගත්ත files වල scripts folder එකෙන්)

———————————————————————
විශේෂ: මම මෙය අත්හදා බැලුවේ නැහැ. මෙහි යම් කිසි දෝෂයක් පවතීනම් හෝ එයට විසඳුම ඔබ දන්නේ නම් කරුණාකර මෙතැන කමෙන්ට් කරන්න.

Tagged with:  

4 Responses to Syntax Highlighting එක්ක බ්ලොග් එකේ Source Code යෙදීම

  1. පිටස්තරයා පවසන්නේ:

    ඉතාමත් හොඳයි ඉනා මේක හඳුන්වලා දුන්න එකට. මගේ බ්ලොග් එකක ඕක පාවිච්චි කරනවා.

    මේ තියෙන්නේ class attribute එකට දාන්න පුලුවන් language aliases

    http://code.google.com/p/syntaxhighlighter/wiki/Languages

  2. ශාකුන්තල පවසන්නේ:

    බොහෝම ස්තුතියි මේ ගැන ලිපියක් ලිවුවට. ඔන්න මමත් දාගත්තා. ඒ වගේම මේ පිටුව bookmark කළා.

    http://www.shaakunthala.co.cc/dp.SyntaxHighlighter/Styles/

    http://www.shaakunthala.co.cc/dp.SyntaxHighlighter/Scripts/

    මේ folders ඇතුලේ තියෙනවා මම දාගනිපු කේත. ;)

  3. har පවසන්නේ:

    WordPress වල නම් ප්ලගින් කිහිපයක්ම තියෙනව මම දැකල තියෙනව. හැබැයි self hosted තමා මම භාවිතා කරන්නෙ http://wordpress.org/extend/plugins/codesnippet-20/screenshots/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>