ඔබේ ඊමේල් ඇඩ්රසය දීලා සයිට් එකregister වෙනකොට ඔබට ෂුවර් නැද්ද ඔබේ ඇඩ්රසයට ඔවුන් SPAM mail එවාවි කියලා? අර පහුගිය කාලෙ සංවාදයක් ගියේ මේ සින්ඩිකේටරයෙ තියෙන බ්ලොග් එකකුත් කමෙන්ට් දාන අයගෙ ඊමේල් ලිපින වලට SPAM එවනවා කියලා. මෙන්න මේ වගේ වෙලාවට හොරා අතටම අල්ලගන්න පුලුවං රහස්පරීක්ෂක ක්‍රමයක් තමයි මේ.


හැබැයි දැනට දන්න තරමින් මේක වැඩ කරන්නෙ Gmail ලිපින සඳහා පමණයි. අනෙක් සේවා සඳහා පරීක්ෂා කර බලා නැහැ.

මෙන්න මෙහෙමයි වැඩේ කරන්න තියෙන්නේ,

  • උදාහරණයකට අපි හිතමු ඔබේ ඊමේල් ලිපිනය sinhalablogger@gmail.com කියලා.
  • ඔබට ෂුවර් නැති සයිට් එකක රෙජිස්ටර් වෙනකොට, එහිදී ඊමේල් ලිපිනය දෙන්න sinhalablogger+anyidentifier@gmail.com කියලා.


මෙම anyidentifier කොටසට ඔබට කැමති නමක් දාගන්න පුලුවන්. එක එක සයිට් සඳහා එක එක නම් යොදා ගැනීමෙන් රහස්පරීක්ෂක කාර්යය වඩාත් සාර්ථක වේවි. (ඔබ‍ට පුලුවන් අදාල සයිට් එකේ නම ම යොදාගන්න.)

  • මෙහෙම ඊමේල් ලිපිනයේ + සලකුණක් තිබුනාම Gmail ඊට වම් පසින් ඇති username එක වෙත මේල් එක එවනවා. ඒ නිසා මෙහෙම වැඩිපුර කෑල්ලක් දැම්මා කියලා බය වෙන්න එපා, මේල් එක ඔබට ඒවි.
  • දැං ටික දවසක් ගිහින් ඔබට ඇවිත් තියෙන Spam මේල් ඕපන් කරලා ඒවායේ “Show Details” මගින් එය එවා ඇත්තේ මොන ලිපිනයටදැයි (To:) බලන්න. එය ඇවිත් තියෙන්නේ sinhalablogger@gmail.com නැමති ඔබේ සාමාන්‍ය ලිපිනයට නොව sinhalablogger+identifier1@gmail.com කියන ලිපිනයට නම්, ඔබේ ඊමේල් ලිපිනයට SPAM එවන්නේ හෝ ඔබේ ලිපිනය SPAM මුදලාලිට විකුණා තියෙන්නේ ඔබ identifier1 කියන කොටසත් එක්ක ලිපිනය දීපු සයිට් එකෙන්.

හොඳයි නේද රහස්පරීක්ෂක ක්‍රමය?

Tagged with:  

7 Responses to SPAM කරන සයිට් අඳුරගන්න ක්‍රමයක්

  1. -බිன்ku- පවසන්නේ:

    ස්තුතියි අයියා මම Yahoo! එකේ මේ විඩියටම පාවිච්චි කරනවා (AddressGuard™ – http://antispam.yahoo.com/addressguard). කොහොම වුණත් Gmail වල තියෙනවා කියලා දැන ගත්තු එකත් ලොකු දෙයක්.

  2. පහන් පවසන්නේ:

    මරු මරු. ෙහාරු අතටම අල්ලගන්න පුළුවන්.

  3. නියම වැඩේ බඩුත් එක්ක හොරැ මාට්ටු.

  4. Reader පවසන්නේ:

    සිරා වැඩේ. ස්තූතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>