ඔබේ Blogger හි බ්ලොග් එකට වෙනත් අඩවියකින් සොයා ගත් template එකක් දාන්න ගියාම සමහර වෙලාවට වැඩේ අප්සෙට් යනවා දැකල ඇති. මෙන්න මේ වගේ Error Message දැකල ඇති නේද?

මේක හදාගෙන ටෙම්ප්ලේට් එක දාගන්න පුලුවන් ටෙම්ප්ලේට් එකේ xml file එකේ පොඩි වෙනස්කමක් කරලා.
1. මුලින්ම xml file එක text editor එකකින් (Notepad, Notepad++, gedit, kwrite) ඇරගන්න.
2. ඒකෙ සර්ච් කරන්න ‘widget id’ කියල කොටසක් තියෙනවද කියල. (මතක තබා ගන්න, එකක් නෙමෙයි කීපයක්ම හමුවෙනවා)
3. අපි හිතමු මෙහෙම කොටසක් හමුඋනා කියල
අපි කල යුත්තේ මේ widget එකේ නමේ අංකය, මෙහි නම් Blog1 හි 1, වෙනස් කිරීමයි. ඔබට පුලුවන් එතනට තවත් 1ක් එකතු කරන්න. එතකොට මෙහෙම වේවි.
4. මේ ආකාරයෙන් HTML1, Label1,….. වැනි widget කිහිපයක් හමුවේවි. ඒවාත් HTML11, Label11,…..ලෙස වෙනස් කරන්න.
5. දැන් ඔබට පුලුවන් මේ අලුත් xml file එක blogger වෙත upload කරන්න. ඔබේ template එක කදිමට ඔබේ බ්ලොගයට එකතු වේවි.
ස්තුතියි. මටත් ඔය අවුල තිබුණා. ඒත් දැන්, මට ඔය error එක දීපු template එක මොකක්ද කියලවත් මතක නෑ. :P
සමහර ටෙම්‍ප්ලේට් තියෙනවා වෙලාවකට වැඩ.වෙලාවකට ඔය එරර් එක දෙනවා. එහෙම දෙන්න ගත්තම කලින් වැඩකරපු එකවත් ආයෙ දාන්න බෑ ටිකක් වෙලා යනකම්.
Previous comment was removed as it is subjected to Spamming.