මගේ අන්තර්ජාල භාවිතය

On 2009 මාර්තු 3, in මගේ වැඩ, මට වෙච්ච දේවල්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


මගේ පරිගණක භාවිතයේ ඉතිහාසය ගැන කලින් කියපු නිසා මට හිතුනා මගේ අන්තර්ජාල ඉතිහාසය ගැනත් ලියන්න.

ඉන්ටර්නෙට් කියන එක මම මුලින්ම දැක්කේ 2000දී, මම 9 වසරෙ ඉන්නකොට. කවුරුහරි යාලුවෙක්ගෙ ගෙදරදී තමයි, ඒත් කවුද කියල මතක නෑ. ඒ කාලෙ ඩයල්-අප් තමයි. පේජ් ලෝඩ් වෙන්න මාර වෙලාවක් යනවා. හැබැයි දැං කාලෙ වගේ ෆ්ලෑෂ් ද, අජැක්ස් ද, සිල්වර්ලයිට් ද යනාදී මෙකී නොකී බර දේවල් නෑ (ෆ්ලෑෂ් තිබුණත් බොහොම දුර්ලභයි) සයිට් වල. සම්පූර්ණයෙන් html තමයි.

මං ඔය කාලෙ ඊමේල් ඇඩ්රස් එකකුත් හදාගත්තා. ඒක i_pravin[at]hotmail.com. ගොඩක් දෙනෙක් ඒ කාලෙ පාවිච්චි කලේ හොට්මේල් තමයි. යාහූ මේල් ටිකක් තිබුනා. මට මතක හැටියට ඕකට එකම එක මේල් එකයි ආවෙ. මං ගෙදර ඉන්ටර්නෙට් තියෙන යාලුවෙකුට ඕක දුන්නාම එයා අර්ජුන වර්ල්ඩ් කප් එක උස්සගෙන ඉන්න පොටෝ එකක් එවල තිබුනා.

ඊට පස්සෙ අපේ ගාල්ලෙ පුස්තකාලෙ ඉන්ටර්නෙට් කැෆේ එකක් පටංගත්තා ඩයල්-අප් කනෙක්ෂන් එකෙන්. කැෆේ කිව්වට එක කොම්පියුටරයයි. ගාණ කීයක් කියලද හිතන්නෙ? විනාඩියට රුපියල් 4.50 ! දැං මේ කරදඬු උස්මහත් වෙච්ච කාලෙ වගේ පොඩිකාලෙ අතේ එච්චර සල්ලි නෑ නේ. වැඩිම උනොත් රුපියල් 45ක් දීලා විනාඩි 10යි ඉන්නේ. ඒත් ඉතින් සයිට් ලෝඩ් වෙන්න යන වෙලාවත් එක්ක එච්චර දෙයක් කරන්න බෑ. ඔය කාලෙ මට සැරට astronomy පිස්සුව තිබුනා. ඉතිං වැඩිහරියක් යන්නෙම NASA සයිට් එකට.

ආපහු මේ ඉන්ටර්නෙට් පිස්සුව සැරට ආවේ ඒලෙවල් කරන කාලේ. ඒ වෙනකොට ඉතිං ADSL ඇවිත් කැෆේ වැහිවැහැලා. ගාණ පැයකට 40යි. මම ගියපු ක්ලාස් එක ලඟ කැෆේ එකක් තිබුණා. හැමදාම ක්ලාස් ඉවරවෙලා කැෆේ ගිහින් පැයක් දෙකක් ඉන්නවා. ඔය කාලෙම මම 512MB flash drive එකක් ගත්තා රුපියල් 4500කට ! ඉන්ටර්නෙට් එකෙන් අනං මනං ෆ්ලෑෂ් එකට පුරවගෙන ඇවිත් යොහාන්ගෙ කොම්පියුටරේට පුරවනවා. මොකද මට කොම්පියුටරයක් නෑ.

2006දි මම කොම්පියුටරයක් ගන්නකොටත් මම ගත්තෙ ඩයල්-අප් මොඩමයක්. රෑ 9 පහු උනාම (එතකොට ගාණ අඩුයිනේ) මාර කට්ටක් කාලා කනෙක්ට් වෙන්නේ. පස්සෙ ගිය අප්‍රේල් වල ටෙලිකොම් එකෙන් offer එකක් දුන්නා ADSL ගන්නවනම් router එක නිකං දුන්නා. ඒ පාර ඉතිං අපි adsl ගත්තා.

දැං නං හිතෙනවා ඒලෙවල් කාලෙ කැෆේ ගානෙ රස්තියාදු වෙච්ච කාලෙ අපරාදෙ කියල. ඒත් ඉතිං මං ඉන්ටර්නෙට් එක, ඒකෙ කල්චර් එක, ඒකෙ ට්‍රෙන්ඩ්ස් ගැන හොඳ අත්දැකීම් ලැබුනා.

Tagged with:  

5 Responses to මගේ අන්තර්ජාල භාවිතය

  1. බුද්ධික පවසන්නේ:

    අයියා අපි පොඩි කාලේ v.92 තිබ්බෙත් නෑ….
    මං ගාව තිබ්බේ v.90 හා k56Flex සහාය ඇති මොටෝරෝලා මොඩෝමයක්….ඒ කාලේ රෑ 10 වෙනකන් ඉදලා 01474747 ඩයල් කරන්නේ…..
    පරිගනකය පෙන්ටියම් MMX 233Mhz/32MB RAM
    ඕනෙ දේකට 3.5″ ෆ්ලොපි තමා :)
    බර්ව්සරය නෙට්ස්කේප් නැවිගේටර්(පස්සේ IE4 ටද කොහෙදෝ මාරු උනා….වින්ඩෝස් 95 වල තමා ඉතින්)

  2. -බිன்ku- පවසන්නේ:

    ඔන්න මගේ නම් කිව්වොත් ඉතිං මුලිං internet කියන එකක් තියෙනවා කියලා දැන ගත්තේ අවුරුදු 6දි, ඉතිං ඒත් මගේ කොම්පුටරයක් නෙමේ, අපේ මාමාගේ, ඒ දවස් වල අපේ ගෙදර හිටියේ. වින්ඩෝස් 95 එකක් තමා (වින්ඩෝස් 2000 ආපු කාලෙක තමා 98 දැම්මෙත් මතක හැටියට.) ඉතිං ඒත් මම ගියේම නෑ Lego races, Nascar, NFS IIse, NFS III, AOE, Rayman, Mario Super ගැහුවා මිසක්. ඊට පස්සේ දවසක් අපේ ගෙදර ආපු රට අක්කා කෙනෙක් එයාලාගේ නෑ කෙනෙක්ට හරි කොල්ලට මේල් එකක් යවලා මට මොකද්ද ඉන්ටර්නෙට් එකේ කඩ්ඩ learning site එකක් දාලා දුන්නා, ඒත් මම එක ගහලා දැම්ම මුල් විනාඩි 15දිම. එතකොට මම පහේ. ඊට පස්සේ මම ඇල්ලුවේ මම Grade 7දි ඉද්දි තාත්ති මට කොම්පුටර් එකක් දුන්නට පස්සේ තමා. ඒතකොටත් තිබ්බේ Dial-up තමා. මහා රෑ 10ට පස්සේ යන්නේ එක්ක, ඒත් මට නීතී තිබ්බ නිසා මම යැවුණේ නෑ වැඩිය ගියොත් CA ඉන්න අපේ ලොකු අම්ම එක්ක අම්මල ‍Ya! එකේ කත කරද්දි තමා. ඉට පස්සේ Grade 8දි තමා ඔන්න ටික ටික යන්න ගෙන Grade 11 වගේ වෙද්දි පිස්සුවක් වුණේ, ඒත් ගියෙම UFO ගැන තේරුමක් නැති එව්වටයි කපුටා එකේටයි එයාගේ පුතාගේ රචනය කියවන්නයි තමා., ඒ වගේම අම්ම එක්කත් කතා කරේ එකේන්. ඔන්න ඕක හින්දා ගෙදර බිලත් මම කෑවා. ඉට පස්සෙ ADSL ආව කාලේ මාස 5 1/2ක්ම යනකල් මට දුන්නේ නෑ මගේ මේ පිස්සුව හින්දා, ඒත් කොහොම හරි දුන්නා අම්මලාගේ වැඩ වලට මදි හින්දා ඒත් වැඩක් නෑ එතකොට මට ඒ ආසාව ගිහින් තිබ්බේ. ඊට පස්සේ ඉතිං දැන් තමා, හැබැයි දැන් ඉස්සරට වඩා මට ප්‍රයොජනවත්.

  3. ගයාන් කල්හාර පවසන්නේ:

    බොහොම හොඳ ඉතිහාසයක් නෙව.. මම මුලින්ම නෙට් අතගෑවෙ. මට මතක හැටියට 2004 (මම 7වසරෙ ) ආරියදාස එකේ කැෆේ එකෙන්. එදා ඩවුන්ලෝඩ් කලේ Python for Non Programmers කියන ඊබුක් එක. ඒක තාම මං ගාව තියනව. එදා පැයකට රු75යි. එදා ඉන්ටනෙට් යන්න කලින් දවසෙ. මම පුලුවන් තරම් පත්තර කෑලි. පොත් කෑලි වලින් ඉන්ටර්නෙට් ගැන හෙව්ව.ගියේ නම් බයේ බයේ. ඒත් එතන පොඩ්ඩක් පුරුදු උනාම ගානක් නැතුව ගියා. ගූගල් කියන එක තමයි මුලින්ම ටයිප් කලේ ඇඩ්‍රස් බාර් එකෙ. හික්.

    අදටත් අපි සන්ටෙල් CDMA ඩයල් අප් තමයි අපේ පැත්තට(ගාල්ල ,පෝද්දල) හරියට ADSL නෑ නොවැ,අදටත් මොකක් හරි බාගන්න, වීඩියෝ කෝල් ගන්ට නම් ඉතින් GalleZone Cafe එකේ පිහිට තමා..

  4. Thilina පවසන්නේ:

    මම නම් internet ඒකට මුලින්ම enter වුනෙ 2005 දි. 2006 මැද ගත්තා suntel CDMA connection ඒකක් (ඒක දවසක් 2MB බාන්න පැය 1.5 ගියා) 2009 Jan ගත්තා Mobitel (M3) 2GB ඒකක් දැන්නම් ඒක මදි

  5. ගීත් | Geeth පවසන්නේ:

    මමනම් තවත් Dial-Up හී හී හැබැයි ඉහල කමෙන්ට් එකේ තිලිණ කියනවට වඩා වේගයක් තියනවා.. 2 MB විනාඩි 3 කින් විතර බෑවෙනවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>