බ්ලොග් හා කමෙන්ට්

On 2009 මාර්තු 20, in ඇසි-දිසි, බ්ලොග්කරණය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

පුවත්පත් ලිපියකට වඩා බ්ලොග් පෝස්ට් එකක් වඩා සාර්ථක මාධ්‍යයක් ලෙස මා දකින්නේ එහි ඇති ප්‍රතිචාර (comments) විශේෂාංගය නිසාය. එනම් පාඨකයන්ට ලිපිය ගැන තම අදහස් එවෙලේම ප්‍රකාශ කිරීමට ඇති හැකියාවය.
මා දකින කමෙන්ට් කරන පාඨකයන් වර්ග හතරකි.

  1. ලිපියේ ඇති දේ ගැන සතුටු වී හෝ එමගින් අලුත් දෙයක් ඉගෙන ගත් නිසා ඊට ස්තූති කරන්නන්.
  2. ලිපියේ අන්තර්ගතයට එකඟ වී ඊට තවත් තම අදහස් එකතු කරන්නන්.
  3. ලිපියේ අන්තර්ගතයට එකඟ නොවී ඒ ගැන සිය අදහස පල කරන්නන්.
  4. ලියුම්කරුට පෞද්ගලිකව මඩ ගැසීමට කමෙන්ට් යොදාගන්නන්.

වශයෙනි. මෙම හතර වන වර්ගය දැන් සිංහල බ්ලොග් අවකාශයේ බහුල වීගෙන එයි. මට මෙය කීමට සිත් වූයේ මගේ ක්ෂුද්‍ර බ්ලොග් එකේ දී සිදුවූ සිද්ධියක් නිසා වුවත් මෙ මා කියවා ඇති beyondframe, බුමුතුරුණු (ශාන්), සුදාරකගේ සටහන මෙන්ම මකබාස්ට ද පොදු තත්ත්වයකි.

කමෙන්ට් යනු අදහස් පල කිරීමේ අයිතිය පෙන්වා දීමක් බව ඇත්තය. එහෙත් බ්ලොග් පෝස්ට් එකක කමෙන්ට් එකක් විය යුත්තේ පෝස්ට් එක ගැන අදහස් මිස ලියුම්කරුට ගසන මඩක් නොවේ. කමෙන්ට්ස් moderate කිරීමට පෞද්ගලිකව මම විරුද්ධ වෙමි. එමගින් ලියුම්කරුට කැමති කමෙන්ට් පමණක් අනුමත කල හැකි නිසාය. එහෙත් කමෙන්ට් වල අදාල දේ පමණක්, වැදගත් භාෂාවෙන් ලිවීම කමෙන්ට් කරන්නන් ගේ වගකීමකි. විවිධ බ්ලොග්කරුවන්ට විවිධ අදහස් තිබිය හැකිය. බ්ලොග් එක පෞද්ගලික බූදලයක් වන බැවින් අයිතිකරුට එහි කැමති දෙයක් ලිවීමේ අයිතියද තිබෙන බව අමතක නොකල යුතුය. (මෙම අයිතිය නිසා කෙනෙකුට කැමති නම් අසභ්‍ය බ්ලොග් එකක් වුවද ලිවීමට හැකි අතර එය බ්ලොග් සින්ඩිකේටරයට ඇතුලත් කිරීම නොමනා බව දැනුදු මගේ මතය වේ. සින්ඩිකේටරය එවන් පාදඩ වැඩ සඳහා තැනක් නොවන බැවිනි)

එලඹ ඇත්තේ පාඨක ඔබේ වාරයයි. බ්ලොග් පෝස්ට් වල කමෙන්ට් කියවන විට පෙර කී සිව්වන ආකාරයේ කමෙන්ට්ස් ඔබටම හඳුනා ගත හැකි වනු ඇත. ඒවායේ පෝස්ට් එකට අදාල දෙයක් නොමැති බවත් ඒකායන පරමාර්ථය මඩ ගැසීම බවත් වැටහෙනු ඇත. ඒවා කියවා සිනාසෙන්න. වෙනත් ප්‍රයෝජනයක් ඒවායින් නොමැත.

වැදගත් භාෂාව ගැන මගේ මතයත් අවසාන වශයෙන් දක්වන්නෙමි. ඉංගිරිසියෙන් ලියැවුනු වෙබ් අඩවි අන්තර්ජාලයේ නහුතෙට ඇති අතර අශිෂ්ඨ භාෂාව ඇතැම් ඒවාට සාමාන්‍ය දෙයකි. එහෙත්… සිංහලෙන් අන්තර්ජාලයේ ඇත්තේ අඩවි ස්වල්පයකි. ඒවාද පහත් මට්ටමේ පහත් භාෂාවෙන් ලියවුනොත් රටේ හා භාෂාවේ ප්‍රතිරූපය කුමක්ද? සිංහල අඩවි වල තත්ත්වය රැක ගැනීම සිංහලෙන් ලියන ඔබේ වගකීමකි.

Tagged with:  

5 Responses to බ්ලොග් හා කමෙන්ට්

  1. Anonymous පවසන්නේ:

    “ඔබේ සියලුම අදහස් සාදරයෙන් පිලිගන්නවා” යැයි පවසන ජෝකරයෙකු විරුද්ධ අදහස් ඇති කමෙන්ට් ඉවත් කර දමයි.

    ඒ සඳහා තවත් නිදහසට කාරණයක් ඉදිරිපත් කර ඇත. “කරුණාකර පෝස්ට් එකට අදාල දේවල් ශිෂ්ඨ බාසාවෙන් කියන්න”

    ඔබ මගේ කලින් කල කමෙන්ට් ඉවත් කලේය. එහි ඇති අශිෂ්ඨ වචන ටික පෙළ ගස්වන්නේ නම් මැනවි.

    ඔබට පෞද්ගලිකව මඩ ගසා ඇති තැන්ද පෙන්වන්න.

    පෝස්ට් එකට අදාල නැති අදහස් පෙන්වන්න.

    මෙම කමෙන්ට් එකද ඉවත් කිරීමේ අයිතිය බූදලයකින් ලබා ඇති ඔබ එසේ කලහොත් anonymous තව දුරටත් anonymous නොවිය හැක.

    ඔබ මගේ කලින් අදහසට තවම උත්තර දී නැත.බනින්න ඕන නිසා මිසක් බනින්න දෙයක් එතන නෑ නේද?

    ළදරු මානසිකත්වයෙන් අත්මිදීමට සහය දෙන මම ඔබගේ මිතුරු Anonymous.

  2. janaka පවසන්නේ:

    oya owa ganan ganna epa…api oyath ekka innawa. BALLEK KAGAHUWATA KADU PATH WENNA!

  3. amila pathum පවසන්නේ:

    ඔබේ කථාව හරි. නමුත් මම නොදන්න දෙයක් ගැන අැහුවාම ඒකට කවදාවත් උත්තර ලැබිල නෑ, ඒත් බ්ලොග් ලියන කෙනෙක් අහන ඕනම දෙකට ඉක්මනින් උත්තර ලැබෙනව,අපිට කුඩඅම්මගෙ සැලකිල්ල,කමෙන්ට් දාන බ්ලොග් නොලියන මම වගේ අයට කාටත් අැතිවී තිබෙන තත්වය මෙයයි.මීට වඩා අපි ගැන ඔබලාගේ අවදානය යොමුවෙයැයි සිතමි.

  4. @amila pathum
    අමිල, ඔය ප්‍රශ්ණය ඇතැම් විට මටත් වෙනවා. මම අහපු ප්‍රශ්න ඕනෙ තරම් තියෙනවා මට එක උත්තරයක්වත් නොලැබුණු. මං හිතන්නෙ නෑ ගූග්ල් සමූහයේ ඉන්න කවුරුත් එහෙම තෝරලා බේරලා උත්තර දෙනවා කියලා. මම දන්න දෙයක් අහලා තියෙනවනම් මමත් උත්තර දෙනවා.

    කොහොම උනත් ඔයාට එහෙම හිතෙනවනම් ඔයා ඒ බව ගූග්ල් සමූහයට ලියන්න. එවිට එය අනිත් අයටත් විෂය වේවි.

  5. amila pathum පවසන්නේ:

    හරිම සතුටුයි ඔබේ අදහස් වලට ස්තූති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>