පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන මගේ අදහස

On 2009 මාර්තු 24, in ඇසි-දිසි, සමාජයීය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

‍දිනපතාම විශ්වවිද්‍යාලයට ඇතුල්වෙන විටදීද, දවල්ට බත්මුලක් ගැනීමට එන විටදීද, ආපහු සවස යන විටදීද මගේ ඇස ගැටෙනා විශාල පුවරුවක් තිබේ.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා හකුලා ගනු
යුද ජයග්‍රහණ වලට මුවා වී අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම නවතනු !


මම සතිපතා කියවන පුවත්පත් දෙකෙන් එකක් වන ලක්බිම ඉරිදා පුවත්පතේද හැමදාම මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන සංවාදයක් ඇත. එපමණක් නොව සිංහල බ්ලොග් අවකාශයටද මෙහි රස්නය දැනී ඇති බව පෙනේ.

රාජ්‍ය විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයෙක් හා තවත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බාහිර ශිෂ්‍යයෙක් ලෙස මම මේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල කිරීමට එකඟය, නමුත් ඒ මෙම කරුණු කාරණා ඉෂ්ඨ වෙනවානම් පමණය.

  • පෞද්ගලික විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීම විධිමත් විය යුතුයි. – එනම් උපාධියක් හැදෑරීමට අවශ්‍ය මූලික සුදුසුකම් (උසස්පෙල සමත් වීම) සපුරා තිබිය යුතුයි. මුදල් ඇති පමණින් සාමාන්‍යපෙල අසමතුන්ටත් උපාධියට ලියාපදිංචි විය හැකිනම්…?
  • අදාල පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන තත්ත්වය හා විශේෂයෙන්ම ඇගැයීම් ක්‍රමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිරීක්ෂණය යටතේ ප්‍රමිතියකට අනුකූලව සිදුවිය යුතුයි. – එනම් මෙම පෞද්ගලික විශ්වවිද්‍යාල මුදලට උපාධි විකුණන ‘පොට්’ එකක් නොවියය යුතුයි. (හරියට IOUCM වගේ)
  • පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවීම නිසා රාජ්‍ය විශ්වවිද්‍යාල පරිහානියට පත් වීමට ඉඩ නොහල යුතුයි – මෙතෙක් මේ රටේ පෞද්ගලීකරණය වූ බොහෝ ආයතන වලට අඩු වැඩි වශයෙන් අත්වූයේ පරිහානියයි. (එසේ නොවූ යමක් මේ ලියුම්කරු දනී නම් ඒ ටෙලිකොම් පමණය. එය ටෙලිකොම් නොවී තවමත් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව වූවානම් අපට තවමත් ADSL සිහිනයක් පමණක් වනු ඇත) මා මෙසේ කියන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබීමට පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යාමට මුදල් නැති, උසස්පෙලින් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරෙන සිසුන් වෙනුවෙනි. මේ වෙනුවට පෞද්ගලික හා රාජ්‍ය යනුවෙන් විශ්වවිද්‍යාල අතර විභේදනයක් ඇතිවීමට ඉඩ නොසලසනු වස් රාජ්‍ය විශ්වවිද්‍යාල වල පහසුකම් ද දියුණු කල යුතුය.

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට මම එකඟ මන්දැයි සඳහන් කිරීමද වටී. වසරක් පාසා ලාංකික සිසුන් විශාල සංඛ්‍යාවක් උසස් අධ්‍යාපනය සඳහා එතෙර යති. ලියුම්කරු හා එකට අකුරු කළ වැඩි පිරිසක් ද දැන් ඉන්නේ විදේශීය විශ්වවිද්‍යාල වල ය. පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට ඇති කිරීම මගින් මෙසේ පිටරටට ගලා යන දේශීය මුදල් යම් ප්‍රමාණයක් හෝ රට තුල ඉතිරි වනු ඇතැයි මම සිතමි. මගේ මිතුරන් වැඩි දෙනෙක් පිටරට සිටින්නේ වෙන කරන්නට දෙයක් නැතිකම නිසාය. මුදල් වියදම් කර හෝ ලංකාවේදීම ඉගෙනීමට ලැබෙන්නේ නම් හොඳ බව ඔවුන්ගේ අදහසයි. ඒ ගෙදර සිටීම තරම් වෙනත් සැපතක් නොමැති‍ නිසාය.

ඊලඟ කරුණ නම් පෞද්ගලික විශ්වවිද්‍යාල යන නාමයෙන් නොවුනත් මුදල් අයකර පවත්වන, ලංකාවේදී පාඨමාලාව පවත්වා විදේශීය විශ්වවිද්‍යාලයක උපාධියක් පිරිනමන ආයතන දැනුදු මෙරට පිහිටා තිබීමයි. APIIT, SLIIT, ACBT, ANC වැනි ආයතන අයත් වන්නේ එම ගණයටය. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධව හඬ නගන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට වත් මෙම කරුණ විෂය නොවීම පුදුමයකි.

ප්‍රශ්ණය වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල ද දියුණු කරන පොරොන්දු දී පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කලද කිසිදු රජයක් දෙන පොරොන්දු විශ්වාස කල නොහැකි වීමයි. පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවිට රජයට තම රාජ්‍ය විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව තදින් නොදැනේ. කලක් ගිය විට ප

Tagged with:  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>