ජෛව ත්‍රස්තවාදියා

On 2009 මාර්තු 26, in ඇසි-දිසි, කාලීන, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


උදේ මම කෙසෙල් ගෙඩියක් කන්න ගත්තාම ඒකෙ ලෙල්ලේ හිටපු මෙයාව දැක්කාමයි මට මේ ගැන ලියන්න හිතුනේ. මෙයා ජෛව ලෝකයේ ත්‍රස්තවාදියෙක් කිව්වට වරදක් නෑ. මේ “පිටි මකුණා” හෙවත් ඉංග්‍රිසියෙන් නම් Mealy Bug. විද්‍යාත්මක නාමය Maconellicoccus hirsutus. (මම ඕවා ගැන නම් එච්චර දන්නේ නෑ)

මට මේ ගැන ලියන්න හිතුනේ මට ඇති වෙච්ච අදහසක් නිසා. මගේ නුගේගොඩ නවාතැනේ තියෙනවා එලවලු පාත්තියක් හා ගස්ලබු ගස් 2ක්. මේ ඔක්කෝම පහුගිය මාසයේ මේ පිටි මකුණන් බෝ වෙලා විනාශ වෙලා ගියා. මම පත්තරේ තියෙනවා දැක්කා පිටිමකුණන් බෝ වීම මේ වසරේ ශීඝ්‍රයෙන් ඉහල ගිහින් කියලා. මට නම් හිතෙන්නේ මේක මේ රටේ (විතරක් නෙමෙයි, වෙනත් රටවල්වලත් වෙන්න පුලුවන්) වගාවන් විනාශ කිරීම සඳහා කවුරුන්හෝ ඕනෑකමින් ව්‍යාප්ත කල අලුතෙන් නිර්මාණය කල ජීවී විශේෂයක් කියලා. එහෙම වැඩක් නම් ඒක වෙනත් රටක වැඩක් වෙන්න තමයි ඉඩ තියෙන්නේ, මොකද අපේ රටේ ජෛව තාක්ෂණය මෙවැනි අලුත් ජීවී වර්ග හදන්න තරම් තවම දියුණු නැති නිසා. නූතන ජෛව තාක්ෂණයේ හැටියට එවැනි අලුත් ජීවී විශේෂ, ශාක විශේෂ වගේම වෛරස වර්ග නිර්මානය කරන එක මහ කජ්ජක් නෙමෙයිනේ.

ඒ වගේ දේවල් ඉතිහාසයේ ඕනෙ තරම් වෙලා තියෙනවනේ. (එවැනි සිදුවීම් ගැන දැනගන්න ක්‍රිෂ්ණ විජේබණ්ඩාර ගේ “මහ වන මැදට රකුසන් ඇවිත්” කෘතිය කියවලා බලන්න)

Tagged with:  

2 Responses to ජෛව ත්‍රස්තවාදියා

  1. Bandula - බන්දුල පවසන්නේ:

    ඇත්තටම මේවන විටත් විශාල ප්‍රශ්නයක් වෙලා ඉවරයි. මම ඊයේ පත්තරේක දැක්කා මේ උවදුර වී ගොවිතැනට බෝවෙන්න පුළුවන් කියල. එහෙම උනොත් නම් පිස්සු හැදෙයි. දැනට වත්තේ තියෙන හැම ගහකටම වගේ බෝ වෙලා.

  2. දිසා පවසන්නේ:

    දැන් තියන විසදුම තමයි මුව කන්න තව එකෙක් හදන එක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>