[මෙම ලියුම්කරු කිසිදු දේශපාලන දැක්මක් අනුගමනය නොකරන අතර පවතින දේශපාලන ක්‍රමය ගැන කළකිරී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ද වැලකී සිටින්නෙක් බව කරුණාවෙන් සලකන්න]
ගිය සතියෙ මට ඊමේල් එකක් ආවා ඡන්ද දැන්වීමක්. මම මේල් එකේ හෙඩර් එක බලනකොට ඒක එවල තියෙන්නෙ ***[at]stl.lk ඇඩ්රස් එකකින්, reply-to තියෙන්නේ එක්තරා GMail ලිපිනයකට.
හොඳට බැලුවාම ඒ ඊමේල් එකේ යටින් තිබුනා ඒ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකේ දැන්විමක්.
ඔවුන්ගේ බිස්නස් එක තමයි සේවාදායකයා ලබා දෙන දැන්වීම 71,300+ ලාංකිකයන්ගේ ඊමේල් ලිපින වලට යැවීම. වෙනත් වචන වලින් කිව්වොත් ඔවුන් මුදල් සෙවීමට අපේ ඊමේල් ලිපින අනවසරයෙන් යොදා ගැනීම.
ඒ මේල් එකේ යටින් තියෙන disclaimer එක ඊට එහා. ඒකෙ තියෙනවා මේල් ලිස්ට් එකෙන් ඉවත් වීමට ක්‍රමයක් දක්වා තිබෙන තුරු මෙවැනි මේල් ස්පෑම් නෙමෙයි කියලා. කාට කියන්නද මේවා ! ඒ කියන්නෙ මේ වැඩේ නිත්‍යානුකූලයි !
මම ඒ තිබුණ ඇඩ්රස් 2ටම ඊමේල් කලා මම මෙවැනි දැන්වීම් ගැන interest එකක් නැතිබවත් එමනිසා කරුණාකර මාව mailing list එකෙන් ඉවත් කරන ලෙසත්. කිසිම රිප්ලයි එකක් ආවෙ නෑ.
මේ සතියෙ ගෙදර ඇවිත් බලනකොට තවත් හාල්පාරුවෙක්ගෙ ඡන්ද දැන්වීමක් එවලා ඒ ෆර්ම් එකෙන්ම ! මම කුණුහරප දෙකක් කියලා රිප්ලයි කලා ආපහු මේල් කරන්න එපා කියලා. ඔන්න ඒ පාර රිප්ලයි එකක් ආවා ලිස්ට් එකෙන් ඉවත් කරන්නම් කියලා, හැබැයි ඒකට ටිකක් වෙලා යයිලු, ඒ අතරේ එන මේල් වලට කරන්න දෙයක් නැතිලු. මට නම් ෂුවර් නෑ මෙයාලා මගේ ඇඩ්රස් එක ඉවත් කරාවි කියලා.

වැදගත්ම කරුණ වෙන්නේ මේ කට්ටිය මේ ඊමේල් ලිපින 71,300 එකතු කලේ කොහොමද කියලා. දැන් පේනවා නේද යාලුවන්ට ඊමේල් ෆෝවර්ඩ් කිරීමේදී to: වෙත ලිපින සියල්ලම දැමීමේ විපාක? ඒ වගේම පහුගිය දවස් වල Airtel එකෙන් iPhone එකක් දෙන බවට ගිය ඊමේල් එකත් මෙයාලගෙම වැඩක් වෙන්න පුලුවං.








සැලකිය යුතුයි

Comments