මේක කියවන්න කලින් 1 වෙනි කොටස කියවලා ඉන්න, මෙතනින්.
පලමු අදියර
දැන් පැතිරෙන වර්ම්ස් වැඩිහරියක icon එක වෙන්නෙ XP වල default Folder Icon එක, ඒ කිව්වෙ මේක.
මේ විදියට තියෙන වර්ම් එකක් අපේ folder අතරෙම තිබුනාම අපිට වෙන් කරලා අඳුරගන්න බැරිවෙන නිසා අපේ අතින් ඩබල් ක්ලික් වෙන්න පුලුවන්.
මේකෙන් බේරෙන්න අපිට පුලුවන් අපේ කොම්පියුටරේ folder icon එක විදියට වෙන එකක් යොදාගන්න. උදාහරණයක් විදියට මම පාවිච්චි කරන්නෙ මේක.
අවාසනාවකට වගේ XP වල මේ වැඩේ කරන එක ලේසි නෑ. වෙනත් tool එකක් යොදාගන්න වෙනවා. මම පැහැදිලි කරන්නම් Tune-Up Utilities වලින් මේක කරගන්න හැටි.
- ඔබට කැමති folder icon එකක් (.ico file එකක්) මුලින්ම හොයාගන්න. අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.
- Tune-Up Utilities 2009 වල දවස් 15ක Trial එකක් ලබාගන්න මෙතනින්. ඒක අපේ වැඩේට හොඳටම ඇති.
- Tune-Up වැඩසටහන open කරලා වම් පැත්තෙ pane එකෙන් Customize Windows තෝරන්න. ඊට පස්සේ TuneUp Styler තෝරන්න.
ඒකෙ System Elements කියන තැන තියෙන ටැබ් වලින් Explorer ටැබ් එක තෝරන්න. පහල ඇති Folder (Closed) කියලා එකක්. ඒක select කරලා දකුණු පැත්තෙන් Replace Icon තෝරන්න.
- දැන් ඔබ ලඟ තියෙන අලුත් icon එක යොදන්න. මේ ආකාරයටම Folder (Open) එකේ icon එකත් මාරු කරන්න.
දැන් ඔබේ පරිගණකයේ සියලුම folders අලුත් icon එකෙන් දිස්වේවි.
ඉතිරි ටිකත් දැනගන්න, 3 වෙනි කොටසත් කියවන්න.
ටියුන් අප් යුටිලිටි ටොරන්ට් වලින් ගන්න පුලුවන්.
Thankx