USB Pen වලින් එන වෛරස් වලින් බේරෙමු (1 කොටස)

On 2009 පෙබරවාරි 24, in තාක්ෂණික, වෛරස, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මෙම සටහනට පාදක වන්නේ ‘විදුජය’ ප්‍රදර්ශනයේදී මා ඇතුලු පිරිස විසින් පරිගණක වෛරස පිලිබඳ ප්‍රදර්ශන කුටියේදී ඉදිරිපත් කල කරුණු හා එහිදී නරඹන්නන් අප වෙත ඉදිරිපත්කළ ප්‍රශ්න වේ.

Computer Virus. . . පරිගණක භාවිත කරන්නන්ට ඒ තරම් තවත් හිසරදයක් නෑ. කොච්චර කරත් වෛරස් වලින් බේරෙන්න බෑ කියලයි වැඩිදෙනෙක් කියන්නෙ. ඒ නිසා වැඩි දෙ‍නෙක් ඔන්න ඔහේ වෛරස් තිබුනාවෙ කියලා වෛරස් පිටින්ම කොම්පියුටරේ තියාගෙන ඉන්නවා. (ඒ වැඩේ හරිද? ඒකෙන් වෙන්නේ තමනුත් වෛරස් බෙදාහරින්නෙක් වෙන එක. වෛරස් හදන එක වගේම වෛරස් බෙදාහරින එකත් නීතිවිරෝධීයි.) වැඩිදෙනෙක් නොදන්නවා උනාට සරල උපක්‍රම කීපයක් භාවිතයෙන් මේ වෛරස් වලින් බේරෙන්න පුලුවන්. එතකොට නිතරම අලුතෙන් Windows දාන්න ඕනෙත් නෑ.

ලංකාවෙ අපට නම් computer virus පැතිරෙන ප්‍රධාන මාර්ගය වෙන්නෙ USB Flash/Pen Drives තමයි. ඒ නිසා අපි බලමු කොහොමද පෙන් වලින් එන වර්ම්ස් වලින් බේරෙන්නේ කියලා. මතක තියාගන්න වෛරසයක් පරිගණකයට ආවාම ඒක එලවන්න හරිම කරදරයි. ඊට ලේසියි එන එක වලක්වාගත්තාම. Prevention is better than Cure. හරිම සරලයි. මූලික විධිවිධාන + අදියර 3 යි.

මූලික විධිවිධාන
හැම දේම fresh එකේ පටන් ගත්තොත් තමයි හොඳ. ඒ නිසා දැනටමත් ඔබේ කොම්පියුටරේට වෛරස් ඇතුලුවෙලා නම්, අලුතෙන්ම Windows install කරලම වැඩ පටන් ගනිමු.
ඊලඟට ඔබේ පරිගණකයේ Hidden + System files දර්ශනය වෙන ආකාරයට සකස් කර ගන්න ඕනෙ. ඒ මොකද කිව්වොත් ගොඩක් වර්ම්ස් එන්නේ System file විදියට. ඒවා දර්ශනය වෙනවානම් අපිට ඒවා හොයලා මකලා දාන්න පුලුවන්. මේ වැඩේ කරන්න යන්න Folder Options වලට. ඊලඟට මේ රූපයේ දැක්වෙන විදියට “Show hidden files and folders” option එක select කරලා “Hide protected operating system files” tick එක ඉවත් කරන්න.
(මේ වැඩ 2 කරලා OK කරලා Folder Options වලින් ඉවත් උනාට පස්සෙ ආපහු Folder Options ගිහින් බලන්න ඔබ වෙනස් කල settings ඒ ආකාරයටම තියෙනවාද කියලා. එහෙම නැතිව ඒවා reset වෙලා නම් ඒකෙ අදහස වෛරසයක් ක්‍රියාත්මක වෙන බවයි. Windows අලුතෙන් දාලම වැඩ පටංගමු කිව්වෙ ඒකයි.)

ඉතිරි ටිකත් දැනගන්න, 2 වෙනි කොටසත් කියවන්න.

Tagged with:  

One Response to USB Pen වලින් එන වෛරස් වලින් බේරෙමු (1 කොටස)

  1. geethika පවසන්නේ:

    ෆෝල්ඩර් ඔෆ්ශන් ඒ විදියට වෙනස් උනත් ආයිත් හදන්න පුලුවන් ඒකට මම යු එස් බී ඩිස්ක් සිකියුරිටි කියන සොෆ්ට්වෙයා එක පාවිච්චි කරනවා.ඒ වගෙ වෙනත් ඒවත් ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>