මේක කියවන්න කලින් 1,2 හා 3 වෙනි කොටස කියවලා ඉන්න, මෙතනින්.
තෙවැනි අදියර
ඔන්න දැං අපි පිටින් ගන්න තියෙන ආරක්ෂාව අරන් ඉවරයි. දැන් තියෙන්නේ අපි ප්‍රවේශම් වෙන එක. ඒ කියන්නේ pen එක open කරන්න ඩබල් ක්ලික් නොකර ඉන්න එක. එහෙම ඩබල් ක්ලික් කරොත් ආපහු අර autorun.inf file එක වැඩ කරලා වර්ම් එක active වෙනවා.
මේ නිසා අපිට pen එක open කරන්න තියෙන ලේසිම විදිය තමයි folder එකක Address Bar එකෙන් pen එක select කරලා ඇතුලට යන එක.
Pen එක right click කරලා Open/Explore කරන එක අනතුරුදායකයි.
මේ ක්‍රම 3 අනුගමනය කරොත් වෛරස් තියෙන pen එකක් උනත් අපේ කොම්පියුටරේට ගහන්න පුලුවන් ඒ වෛරස් අපේ කොම්පියුටරේට එන්නෙ නැතුව. ඊලඟට අපිට කරන්න තියෙන්නේ pen එකේ තියෙන වෛරස් file අඳුරගෙන මකලා දාන එක. එහෙම මකන්න අවශ්‍ය නැත්තම් ඒකෙන් අපිට කොපි කරගන්න තියෙන දෙයක් කොපි කරගෙන හරි ඒකට මොනවහරි දාලා හරි ආපහු pen එක ගලවලා දාන්න. (වෛරස් කොපි කර නොගන්න ප්‍රවේශම් වෙන්න, දැන් අපේ folder icon එක වෙනස් නිසා අපිට වෛරස් අඳුරගන්න පුලුවන් වෙයි)
මෙන්න මෙහෙමයි වෛරස් තියෙන pen එකක් උනත් ආරක්ෂාකාරී විදියට අපේ කොම්පියුටරේට ගහන්නෙ.
ප්‍රදර්ශනයේදී මෙම විෂය සම්බන්ධයෙන් මට සහය වූ චතුරිකා, දිලුම්, මුදිත, වරුණි, නෙතාංගි, උදේෂිනී, සුභාෂිණී, තිසරි, නයෝමි හා ඔස්මාන් යන සොයුරු සොයුරියන්ට මගේ විශේෂ ස්තූතිය.
මමත් පොඩි දෙයක් එකතු කරන්නම්. ඔයගොල්ලන්ගේ USB Pen එකේ folder එකක් හදන්න autorun.inf කියලා. මේක හදන්න ඔ්නේ USB Pen එකේ අතුලට ගියපු ගමන් තියෙන විදියට. මේ folder එක හැදුවම කිසිම virus එකකට autorun.inf කියන file එක ලියන්න බෑ. ඔ්නෙම නම් පරීක්සා බලන්න, මේ folder එක හදලා නිකන් autorun.inf file එකක් Pen එකට Send To කරලා බලන්නකෝ.
@ කසුන්,
බොහෝම ස්තූතියි ඒ අදහසට. මම ඒක දැනගෙන හිටියෙ නෑ.
තවත් විදිහක් නම්, Pen Drive එකට Notepad එකෙන්
[autorun]
label=MyPenDrive
icon=Autorun.ico
ලියලා autorun.info ලෙසට සුරැකුම් කර පසුව යම් අයිකනයක් විදිහට autorun.ico නම් කරලා පිටපත් කිරිමයි. එකත් එක්තරා විදිහට හොඳයි. මොකද වෛරසයක් බෝ වුණ විටදි එම පිටපත් කල අයිකනය නැති වන නිසයි. ඒත් චතුරංග අයියාගේ එකයි හොඳම, එක දැන ගන්නට පෙර මම කලේ ඔය විදියයි. මාත් ඔය විදියටම තාම බයක් සැකක් නැතුව වින්ඩෝස් එක්කත් සෙල්ලම් ලේලම් කරන්නේ! ;)
ස්තූතියි මේ කරුනු ටිකට. හුඟක් වටිනවා.
මම නම් කරන්නෙ USB එක සම්බන්ධ කරන කොටම shift key එක press කරගෙන ඉන්න එකයි. එතකොටත් auto run නතර වෙනව.මෙම ක්‍රමේ තියන වාසිය තමා අවශ්‍ය වෙලාවට විතරක් auto run disable කරගන්න පුළුවන් වෙන එක.හැබැයි එහෙම කලත් double click open කරන්නෙ නැතුව Right click කරල explore වලින් open කරන්න ඕනෙ. Tune-Up Utilities දාල කරන එක ටිකක් දිගයි අනික හැමොටම ඒව කරන්න තේරෙන්නෙත් නෑ.gpedit.msc එක හොඳයි ඒත් එතකොට auto run ඔක්කොම නවතිනව.එතකොට සමහර installation CD වල තියන auto run එහෙමත් නවතිනව. අර කසුන්ගෙ ක්‍රමේ හොඳයි ෆෝල්ඩරයක් හදන එක. මම ඒක දැනගෙන හිටියෙ නෑ
@ ගිණි මකරා,
TuneUp ක්‍රමය දිග වැඩියි තමයි. ඒත් මගේ අත්දැකීමේ හැටියට folder icon එක මාරු කිරීම අත්‍යාවශ්‍යයි. මෙ වැඩේට වෙන ලේසි හා ෆ්‍රී ටූල් එකක් මට හොයාගන්න බැරිඋනා.
Shift + පෙන් එක ගහන එක හැමතිස්සෙම කරන්න මතක් වෙනවනම් හොඳයි. එහෙම නැත්තං වෙන කෙනෙක් තමංගෙ කොම්පියුටරේට පෙන් එකක් ගැහුවොත්?
හොඳ පැහැදිලි කිරීමක් :)
ෆෝල්ඩර් එකේ පෙනුම වෙනස් කිරීම හොඳ උපක්‍රමයක්. එත් Shell.dll එකෙන් ෆෝල්ඩර් Icon එක හොයාගෙන ඒ විදිහයටම exe හදන වෛරස් මම දැකලා තියනවා. ඒ නිසා ඒ වෙලාවට මේ ක්‍රමේ අසාර්ථක යි.
@කසුන් චතුරංග
වෙන autorun.inf එකක් ඇතුළට දාලා තිබ්බට සමහර වෛරස්වලින් එක Replace කරනවා. හැබැයි හැම එකක් ම නෙමේ.
@GiniMakara
My Computer වල Open Command එකට වෛරස් එක වැඩ කරනව වගේම explore Command එකටත් වෛරස් එක වැඩ කරන්න පුළුවන්. බරපතල විදිහේ වෛරස් එකක autorun.inf එකක් පොඩ්ඩක් කියවලා බලන්න. Open, Explore, Search වගේ එකකට වෛරස් එක වැඩ කරන්න වුණත් හදන්න පුළුවන්. Context menu එකට අලුතෙන් කොටස් එකතු කරන්න පුළුවන් Help, Install,Configure වගේ ඒවා. එහෙම autorun.inf එකක් ලියන එක හරි ම සිම්පල් වැඩක්.(වෛරස් හදන හැටි කියන්න බැරි නිසා මෙතන ඒක දාන්න බෑ) Pen Drive එකක් ඇතුළට යන්න Context menu එක කොහෙත් ම පාවිච්චි නොකරන තරමට හොඳයි.
@ අරවින්ද,
අන්න ඒක තමයි මම මෙතනදී TupeUp Utilities පාවිච්චි කරලා තියෙන්නේ. එමගින් shell32.dll එකේ icons replace කරන්නේ නෑ. ඔබ icon එක save කරලා තියෙන තැනදීමයි system එක එය use කරන්නේ.
මෙම ක්‍රමය 100% ආරක්ෂාකාරීයි, සාර්ථකයි ඔබ එය නිවැරදිව භාවිතා කරොත්. :)
කසුන්ගේ ක්‍රමේ නම් කලින් අහල තිබුනේ නෑ. ඒකත් මරු. තම තමන්ගේ pen වලට autorun.inf නමින් folder එකක් හදලා දැම්මොත් වයිරස් පැතිරෙන එක අඩුවෙයි. :)
I got lot of details, Thanks Kasun,Pravin But, There is a problem me, how can you write sinhala letters
Machan Indranama Oyage adahas godak hodai.Ewagema comments kala ayaget adahas godak hodai.mama nodanna dewl godak igena gatta.Thanx a lot!
Eth mage personel idea ekanam KIS 8 wage ekak use karanawa nam (regularly update karagena)loku prasnayak nee.Mama ad dakala tiyena widiyata KIS eken detect karan natte Kido witarai.Ape university eke computer lab eket eka tiyenawa.Mage machine eket oka tiyenawa.
Eeye aranchi una widihata uni eke Main Library eket tiyenawalu.(Wade kiyanne Kido Fedora walat wada karana eka.Lib. eke tiyenne Fedora 9.Me tama mama dakka palaweni ma worm eka linux walat wada karana.Amazing!!)
Nirarat,
KIDO කියන්නේ අර recycler කියන ෆෝල්ඩර් එක ඇතුලේ ???.vmx ෆයිල් එක හැදෙන එක නේද?
ඒක නම් මගේ Kaspersky 8 (2009) එකෙන් අල්ලනවා.
Mage muladi nam alluwe nee KIS eken.Eth passe alluwa.Eeta passe mama ayit windows dala hada gatta original widihatama.(format nokalat awlak tibune nee.Mama wadi hodatai eka karala aluten windows damme.)Dan nam mama mona worm ekakatawat baya nee!!!
Ow oya kiyana recycler කියන ෆෝල්ඩර් එක ඇතුලේ ???.vmx ෆයිල් එක හැදෙන එක tama.
machan mamat asai sinhalen blog ekat pawatwagena yanna.mama wordpress wala ekak haduwa.Tama complete nee;uni eke wada nisa.Kohomada sinhalen pawathwagena yanne?
godak sthuthi..godak dewal meken igana gaththa
Blog එකෙනුයි Comments වලිනුයි නොදන්න දේවල් ඉගෙනගත්ත.බොහොම ස්තූතියි.