USB Pen වලින් එන වෛරස් වලින් බේරෙමු (3 කොටස)

On 2009 පෙබරවාරි 25, in තාක්ෂණික, වෛරස, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මේක කියවන්න කලින් 1 හා 2 වෙනි කොටස කියවලා ඉන්න, මෙතනින්.


දෙවැනි අදියර

Pen වල වර්ම් එකත් එක්කම autorun.inf කියලා file එකක් දැකලා ඇති. මේකෙන් කෙරෙන්නෙ Pen එක කොම්පියුටරේට සම්බන්ධ කරපු ගමන් autorun වෙනකොට වෛරස් එකත් වැඩ කරවන එක, අපේ අනුදැනුමකින් තොරව. මේ අබග්ගෙන් බේරෙන්න පුලුවන් Pen එක ගැහුවාම autorun වෙන එක නැවැත්තුවොත්. ඒ වැඩේ කරන්න ක්‍රම 2ක් තියෙනවා.

අපිට පුලුවන් Shift key එක ඔබාගෙන Pen එක ගහන්න. එතකොට autorun වෙන්නෙ නෑ. හැමතිස්සෙම මේක කරන්න කරදර නම් සහමුලින්ම පරිගණකයේ autorun dissable කරන්න පුලුවන්. මෙන්න මෙහෙම, (මේ තියෙන්නේ XP වල කරන් විදිය. Vista වල දැනගන්න නම් මගේ මේ ලිපිය බලන්න)

  • Start->Run ගිහිල්ලා gpedit.msc කියලා ටයිප් කරන්න. එතකොට එනවා Group Policy Editor එක.
  • ඒකේ Computer Configuration -> Administrative Templates -> System කියන folder එකට යන්න.
  • එතන තියෙන Turn Off Autoplay කියන option එක ඩබල් ක්ලික් කරන්න.
  • ඒකෙ ‘Enabled’ select කරලා පහල තියෙන Turn Off Autoplay on: කියන ලිස්ට් එකේ ‘All Drives’ select කරන්න. දැන් OK කරන්න.


ඔන්න දැන් ඒ වැඩෙත් හරි. (autorun වලින් බේරෙන්න Autorun Eater වගේ tool එකක් පාවිච්චි කරන්නත් පුලුවන්. ඒ ගැන දැනගන්න පහන් ගේ මේ ලිපිය කියවන්න)

ඉතිරි ටිකත් දැනගන්න, 4 වෙනි කොටසත් කියවන්න.

Tagged with:  

5 Responses to USB Pen වලින් එන වෛරස් වලින් බේරෙමු (3 කොටස)

  1. ඔය විදිහට කරලත් සමහර අවස්ථා වලදි Autorun එක වැඩ කරනවා නේද?

  2. @ සුසිත,

    මං දන්න තරමින් මේ ටික කරාම autorun වලින් බේරෙන්න පුලුවන්. මං මගේ ලැප් එකට බය නැතුව වෛරස් තියෙන pen ගහනවා මේ steps 3 මං අනුගමනය තරන නිසා. තවමත් කිසිම අවුලක් නෑ.

  3. පිටස්තරයා පවසන්නේ:

    මේ විදිය නම් කිසිම අවුලක් නැතුව වැඩ. මම හිතන්නෙ මල්ලී pen drive එක double click කරනවා ඇති. එතකොට autorun.inf ගොනුව ක්‍රියාත්මක වෙන එක නවත්තන්න බෑ.
    මමත් විස්ටා සහ xp පද්ධති දෙකේම autorun disable කරලා තියෙන්නේ. ඒ ක්‍රමය ඉතාම වැදගත් වෛරස් නවත්වාගැනීමෙදි.
    අනිත් එක විස්ටා වලදි autorun නවත්තගන්න එක තව ක්‍රමයකින් ලේසියෙන්ම කරන්න පුලුවන්.
    Control Panel -> Hardware & Sound-> AutoPlay -> Uncheck "Use Autoplay for All Media Device"

  4. නෑ මම කරල කවදාවත් pen double click කරන් නෑ චමිල අයියෙ. මට පහන් අයිය දවසක් ඕක කරල පෙන්නුව විතරයි මෙන්න autorun එක වැඩ කරනව.

  5. Roshan පවසන්නේ:

    මේක ගොඩක් වැදගත්.මම auto run disable කරන හැටි හොයහොය හිටියෙ.බොහොම ස්තූතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>