Google chat එක ලබාදෙන හොඳ සර්විස් එකක් මේක. මෙමගින් ඔබට පුලුවන් භාෂා 12ක් අතර පරිවර්තනය කරගන්න. ඔබට කිරීමට ඇත්තේ පහත සඳහන් පරිදි අවශ්‍ය chat bot ඔබේ contacts වලට එකතු කර ගැනීමයි. විගසින් ඔහු online බව ඔබට පෙන්වනු ඇති. එවිට ඔහු සමග chat කිරීම ආරම්භ කරන්න. ඔබ එක් භාෂාවකින් යමක් ඔහුට පැවසූ විට ඔහු එය පරිවර්තනය කර ආපසු ඔබට කියනු ඇති. (රූපය බලන්න)
මෙන්න මේවා තමයි භාෂා:
ar = අරාබි, de = ජර්මන්, el = ග්‍රීක්, en = ඉංග්‍රීසි, es = ස්පාඤ්ඤ, fr = ප්‍රංශ, it = ඉතාලි, ja = ජපන්, ko = කොරියානු, nl = ඕලන්ද, ru = රුසියානු, zh = චීන
මේ ආකාරයටයි bot ගේ ලිපිනය හැදෙන්නේ:
[මූලික බස]2[එය පරිවර්තනය විය යුතු බස]@bot.talk.google.com
උදා: en2fr@bot.talk.google.com, ja2zh@bot.talk.google.com
(මතක තබාගන්න: ඔබ en2fr සමග chat කරන විට ඔබ ඔහුට ඉංග්‍රීසියෙන් පමණක් කථා කල යුතු අතර ඔහු එය පරිවර්තනය කරනුයේ ප්‍රංශ බසට පමණි)
උත්සාහ කරලා බලන්න.
මම එකතු කරගත්තා. නියමයි. මගේ හිතවතෙක් ඉන්නවා , චින ජාතිකයෙක්. මට දැන් ඔහු සමග චින භාශාවෙන්ම කතා කරන්න පුලුවන්.
අපූරුයි. Google කවදත් අපූරු නැවුම් අදහස් වලින් පෙරට ආවා.
Marketing තමයි.
ආ.. තව එකක්.. මෙයා අසභ්‍ය වචන පරිවර්තනය කරන්නෙ නෑ… :D
ඒ කියන්නේ හරියට ඒ වගේ වචන පාවිච්චි කරනවා ඇති