මට අද දවල් මේල් 2 ක් ආවා මගේ යාලුවා යොහාන් ගෙන්. ඕපන් කරලා බැලුවාම ඒ මේල් 2 සාමාන්‍යයෙන් අර forward කෙරෙන ජාතියේ ඒවා. මට ඒවයේ අමුත්තක් දැනුනා කාරණා 2ක් නිසා. එකක් යොහාන් ප්‍රතිපත්තියක් විදියට මේල් ෆෝවර්ඩ් කරන්නෙ නෑ අනුන්ට කරදරයක් වෙන විදියට. අනිත් එක මිනිහගේ ADSL එක මේ දවස්වල ඩවුන්. කැෆේ යන වෙලාවකුත් නෙමෙයි ඒක.
ඒ නිසා මං Show Details මත ක්ලික් කරලා බැලුවා. එතකොට මට පෙනුනා ඒ මේල් එක මට ආවට එහි To: කියන තැන මගේ (හෝ කිසිවෙකුගේ) ඇඩ්රස් එකක් සඳහන් නැති බව.


මම යොහාන්ට කෝල් එකක් අරන් බැලුවාම මම හිතපු දේ හරි. මිනිහා මට මේ මේල් එවලා නෑ. ඒ කියන්නේ කවුරුහරි මේල් එකවුන්ට් එකට හොරෙන් ලොග් වෙලාද? ඒත් එහෙනම් To: එකේ මගේ ඇඩ්රස් එක නැත්තේ මොකද? නැත්තම් මේක අලුත්ම ස්පෑම් ක්‍රමයක්ද?
පොඩ්ඩක් මේ ගැන අවධානයෙන් ඉන්න. සමහරවිට ඔබේ ඇඩ්රස් එකෙනුත් ඔබ නොදැන අනුන්ට මේල් යනවා වෙන්න පුලුවන්.
Mail spoofing
මේල් එකක To address එකට කාගෙවත් නම් නොදා BCC දාලා forward කලාම එන්නේ මේ විදියට. :-)
mail එක spam ද නැත්තම් යොහාන්ගේ mail account එකෙන් ඇත්තටම එවපු එකක්ද කියල නම් කියන්න අමාරුයි. spam කාරයෙක් නම් එවන්නේ ඇඩ්නේ. මේක එහෙම එකකුත් නෙවෙයි කියල ප්‍රවීන්ගෙන් දැනගත්තා. ඒත් යොහාන්ගේ මේල් account එක හොරෙන් ලොග් වෙච්ච කෙනෙක් මේ වගේ මේල් එවන්නේ ඇයි?
:-|
විහිලුවට කෙරෙන්නෙක් වෙන්න පුළුවන්. Gmail එකේම IP බලන්න පුළුවන් විදියක් තියෙනවා. එකෙන් විරපම් කරලා බලන්නකෝ. කැෆේ යන කෙනෙක් නම් මෙහෙම ඇබැද්දියක් වෙන එක පුදුමයක් නෙමේ.
Gmail එක To:- field එක හිස්ව අරින්න පුළුවන් උනාට Yahoo එහෙම To:- field එකට එක ලිපිනයක් හරි දාන්න ඕනෑ. GMailඑකත් ඒ ක්‍රමයට ගියා නම් මීට වඩා ආරක්ෂාකාරී වේවි. අපේ ලිපින කවුරුහරි හැක් කරලා ඇතුලට යනවා නම් ඒකට වෙනම විසඳුමක් ඕනෑ. බින්කු කියනවා වගේ කැෆේවලට නිතර යන අයට ඔය දේ වෙන්න බැරි නෑ. සමහර වෙලාවට ඉ මේල් ගිණුම වහන්නෙ නැතිව අමතක වෙලා යන වෙලාවල් තියෙනවා. මම නම් මේක දැකල තියෙන්නේ පරිගණක පංතිවලට ගියාම එතන තියෙන පරිගණකවලදී. Logoff කරන්නෙත් නැතිව ගිහින්. සර්ලට පවා එහෙම අමතක වෙලා ගිය ඒවා දැකල තියෙනවා.
yahoo වලනම් එක වතාවකට භාවිතා කරන්න පුළුවන් එක තැනකින් විතරයි.(එක session එකයි). ඒත් Gmail වල session ගොඩක් භාවිතා කරන්න පුළුවන්(එකම වෙලාවේ computer කිහිපයක ලොග් වෙලා ඉන්න පුළුවන් ). මේ නිසා yahoo භාවිතා කරන අයෙක් log off කරන්න අමතක උනත් වෙන computer එකකින් ලොග් උන ගමන් අර පරණ session එක close වෙන නිසා එච්චර බයවෙන්න දෙයක් නෑ. ඒත් GMail වලනම් ඒක හරියන්නේ නෑනේ. ඒත් කාටහරි සැකයක් තියෙනව නම් GMail වල යටම තියෙන details click කරල එන window එකෙන් තමන් අන්තිමට ලොග් උනේ කොහෙන්ද කියල බලාගන්න පුළුවන්. අවශ්‍යනම් sign out all other sessions දුන්නාම අනිත් සියලු sessions close වෙනවා.
ආන්න හරි අයියා, මමත් කිව්වේ එක තමා. Gmail වල Hack එකක් තියෙනවා Session ලෙඩට. මම එක හරියට දන්නේ නෑ, බලලා කියන්නම්කෝ!
මටත් ඔයදේම උණා, ගිය සිකුරාදා (28). මේ මේල් එක ඇවිත් තිබුණේ මගේ යාලුවෙක්ගෙ නමින්. අපි වෙනුවෙන් අපි ගුගුල් මේල් ගෘප් එකට එවල තිබුනෙ. හැබැයි මේල් එක එවල තිබුණෙ ත්‍රස්තවාදීන්ට කඩේ යන එකෙක් හෝ කෙලින්ම ත්‍රස්තවාදියෙක්. එහි තිබුණේ අපේ හමුදාවන්ට අගරුවන මේල් එකක්.
පසුව මගේ යාලුව තමන්ගෙ ජී මේල් ගිණුමට ඇතුලුවන්න හදද්දි පාස්වර්ඩ් එකත් මාරු කරල තිබුණාලු.
එනිසා ත්‍රස්තවාදීන්ගේ සයිබර් ත්‍රස්තවාදයෙන් ප්‍රවේශම්වන්න.
(ඔබේ මේල් එකෙහි තිබුණේ මොනවද කියා මම දන්නේ නෑ.)