බින්කු මලයාගේ බ්ලොග් එකේ තිබුනු පෝස්ට් එකක් දැකලයි මේක ලියන්න හිතුනේ. මේක කියවන්න කලින් ඒක කියවලා ඉන්නකෝ [>>]


මම මේකට විරුද්ධයි හේතු කීපයක් මත.

1. මෙහි නම Buddhamas ! ඒ මොකක්ද? බෞද්ධයන් විදියට අපි එහෙම දෙයක් අහලා නෑ නේ. Christmas තිබිච්චාවේ. ඒක බෞද්ධ ඌරුවට පෙරලන්න යන්න ඕනෙ නෑ නේද?

2. මේක Silent Night කියන කතෝලික කැරොල් ගීයේ කොපියක්. අපි එහෙම කතෝලික කැරොල් කොපි කරන්න ඕනෙද? අපිට නැද්ද ලස්සන ශාන්ත බොදු බැති ගී?

3. මෙය ගායනය/වාදනය කර ඇත්තේ භික්ෂූන් විසින් බව බින්කු මල්ලී කියනවා. ගායනය, වාදනය බෞද්ධ භික්ෂූන්ට කැප ද?

මට පෙනෙන හැටියට මේක අමෙරිකාවේ වැඩ වසන ඒ භික්ෂුව අමෙරිකානු ජනතාවට කිට්ටු වීමට කල උපක්‍රමයක්. එහෙම කියලා මේක සාධාරණීකරණය කරන්න බෑ. මේ වගේ දේවල් වලින් වෙන්නේ බුද්ධාගම හෑල්ලුවට ලක් වීම කියලයි මට හිතෙන්නේ.


©Copyright 2009-2010 by Pravin Indranama - All Rights Reserved