Airtel HSDPA ගැන

On 2009 පෙබරවාරි 26, in ඇසි-දිසි, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


මමත් මේ දවස්වල ලාබෙට ගන්න පුලුවන් Internet package එකක් හොය හොය ඉන්නේ. මගේ ADSL එක තියෙන්නේ ගාල්ලෙ නේ. BIT 4th Semester එක පටං ගත්තාම මට ගෙදර එන්න වෙන්නෙ නෑ සති අන්තේ. ඉතිං ඒ නිසයි wireless package එකක් හොයනනේ.

මම අද ගියා ගාල්ලේ Airtel Store එකට. පැකේජ් ගැන විස්තර අහගන්න. අර අන්ලිමිටඩ් එක නම් හිතට අල්ලලා ගියා. මොකද ඒකට ඩිපොසිට් අරක මේක තියන්න ඕනෙත් නෑනේ. රුපියල් 500ක් දුන්නාම කනෙක්ෂන් එක දෙනවා.

ඊළඟට මං ඇහුවේ මොඩෙම් වල ගනන්. එතන තියෙන මොඩෙම් එක රුපියල් 10640/= ක් කිව්වා. Huawei E220 නම් නෙමෙයි ඒක. දැක්ක හැටියට නම් Bandrich C120 වගේ. මං ඇහුවා ඒක ලොක් කරලද තියෙන්නේ කියලා. (හදිස්සියෙවත් සිග්නල් නැත්තං මොබිටෙල් එකක් වත් දාගන්න එපායැ) ඒක ගැන නම් එතන ඉන්න අය දන්නේ නැතිලු.

මං ගෙදර ඇවිත් කතා කරා Customer Care එකට. අපරාදෙ කියන්න බෑ, මාර ඉක්මනට කෝල් එකට ආන්සර් කරා. තවම ඉතින් එච්චර කස්ටමර්ලා ගොඩක් නෑ නේ care කරන්න ! මොඩෙම් එකට අවුරුද්දක් warrenty තියෙනවලු. ලොක් කරලද නැද්ද කියල කතා කරපු එක්කෙනා දන්නෙ නෑ. එයා මගේ නම්බර් එක ඉල්ලගත්තා විනාඩි 15න් ඒ ගැන දන්න කෙනෙක් මට කතා කරයි කියලා. දැං පැයක් ගියා, තවමත් නෑ.

[එකතු කිරීමක්: මම ආපහු කෝල් කරාම එක්කෙනෙක් කිව්වා එයාටෙල් ඇරෙන්න වෙන සිම් දාන්න බෑ කියලා. හැබැයි ෂුවර් නැති විදියට කිව්වේ.]

පෙනෙන හැටියට මොඩෙම් එක ලාබම මෙයාල ලඟ තමයි. මොබිටෙල් එකේ E220 මොඩෙම් එකක් රුපියල් 15000ක් කියලා සයිට් එකේ තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මේක ලොක් කරපු එකක්ද කියන එක. මොකද මෙ මොඩ්ල් එක අන්ලොක් කරන හැටි මම දන්නෙ නෑ නේ. E220 නම් කරන හැටි ගයන්ත කියලා තියෙන්නේ.

Tagged with:  

9 Responses to Airtel HSDPA ගැන

  1. Malinda පවසන්නේ:

    ඉතින් ඩයාලොග් එකෙන් e220 ගන්නකො. ඒකත් ලොක් තමා. ඒත් ඒකේ සමහර ඒව අන්ලොක් කරන්න බෑලු.

    නැතිනම් එලියෙන් බලන්න. ඒ කීවෙ GSM Word වගේ.

    එයාටෙල් ගත්තට HSDPA සිග්නල් තියනවද?

    මෙයාලගෙ පාරිභෝගික සේවයනම් මෙහෙමම තමා

  2. පහන් පවසන්නේ:

    “පෙනෙන හැටියට මොඩෙම් එක ලාබම මෙයාල ලඟ තමයි. “
    ඩයලොග් E220මොඩම් එක දුන‍්නේ 5500යට. හැබැයි ලොක් කරලා.
    මොබිටෙල් 15000ට දෙන්නේ ලොක් කරපු නැති E220 එක.
    Bandrich C120 12000ක් විතර වෙනවා මං හිතන්නේ මො‍බිටෙල් එකේ ලොක් කරලා නෑ.(මේ ගනං ටිකක් අඩුවෙලා වෙලා කියලා ආරංචියක් ආවා පොඩ්ඩක් හොයලා බලන්න.) අපේ රවින්ද මලයා පාවිච්චි කරන්නේ මොබිටෙල් එකෙන් ගත්ත Bandrich C120 එකක්.

  3. ශාකුන්තල පවසන්නේ:

    Simlock ගැන මෙයාල කොහොමත් කිසිම දෙයක් කියන එකක් නෑ. මොකද ඒක එයාලට ‘මග හිටියොත් අඹු නසී ගෙදර ගියොත් තෝ නසී’ සංසිද්ධියක් නිසා. :D

  4. මම මොඩම් එක ගත්තෙ මොබිටෙල් එකෙන්. BandLuxw C120. ලොක් කරල නෑ(ඩයලොග් සිම් එකකින් කනෙක්ට් වෙලා බැළුවා). මිල රු 12500 ඒ දවස් වල දැන් 10000 කට ආසන්න ගානක් කියල ආරංචියි.

  5. මම මොබිටෙල් එකට කතා කලා. BandLuxw C120 එක තවමත් 12500ක් වෙනවා. හැබැයි දැන් ස්ටොක් ඉවරයිලු. E220 එකක් 14000 ගාණක් කිව්වා.

  6. nirarat පවසන්නේ:

    Airtel eket modem eke lock karala tama tiyenne.Dialog eken 9950/=kata aran (E220)unlock karagattanam wade lehesi wei neda?
    Mamat airtel walata maru wenna inne.Eth mata prasnatak tiyenawa.Oyala kawruhari dannawanam mata help ekak denna.Pls….
    mage tiyenne Dialog eken gatta ZTE MF 628 modem ekak.(meka mama modem gana nodanna kale gatta ekak.Gatte Dec. wala.)Habai meka dialog eken lock karala wittiya mama danne aragena satiyak giyata passe.mama dasa ate kalpana kala;hewwa unlock kara ganna widiyak. E220 method ekat try kala;eth hari yanne nee.Now what to do?Can someone help me?This is very urgent matter!

  7. Nirarat,
    E220 මෙතඩ් එක ඕකට ගැලපෙන එකක් නෑ. පොඩ්ඩක් ගූග්ල් කරලා බලන්න මොඩ්ල් එකත් එක්ක. නැත්තං ටෙක්කතා එකට යොමු කරලා බලන්න. http://www.techkatha.com/

    එහෙමත් නැත්තම් ඔයාට පුලුවන් ගූග්ල් සමූහයටමේල් එකක් දාන්න.

  8. nirarat පවසන්නේ:

    Mama techkata walata dala balannam.Kohomada ගූග්ල් සමූහයට mail eka daan ne?

  9. chandana පවසන්නේ:

    matath thiyenne dialog modam ekak thiyenne.eka unlock kara ganna help karanna.pls(email chandanauk@gmail.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>