මම කලින් පාවිච්චි කර කර හිටියේ Mandriva Linux PowerPack 2009. ඒකෙ interface එක නම් නියමයි. පාවිච්චි කරන්න ආස හිතෙනවා. ඒත් පොඩි කොස්සකට තියෙන්නේ User Support අන්තිමයි. කොහේවත් තැනක් නෑ සපෝට් එකක් ගන්න. මට ඒකට සිංහල දාගන්න ඕනෙ වෙලා මාර කට්ටක් කෑවෙ. ටෙක්කතා එකට කිව්වත් කාලිංග අයියලාටත් වැඩේ මිටර් වෙලා නෑ වගේ (එහෙම හරි සපෝට් එකක් දීපු එක ගැන ටෙක්කතා කණ්ඩායමට මගේ ස්තූතිය.)
අන්තිමට අද උදේ කොම්පියුටරේ දානකොට grub එකේ ලෙඩක් එනවා. Mandriva තියා Windows වත් යන්න බෑ. මං ගත්තා Mandriva dvd එක, grub එක uninstall කරා ඒකෙ තියෙන tool එකෙන්. ඊලඟට ගත්තා Ubuntu 8.10 cd එක, දැම්මා Ubuntu.

Ubuntu වල සිංහල දාන හැටි මං දන්නෙත් නෑ. හොඳ වෙලාවට චමිල සහෝදරයා online හිටියා. (මිනිහත් Fedora අතෑරලා Ubuntu ආපු පොර නේ) ඉතිං චමිලට වාතෙ වෙලා අහගත්තා සිංහල දාන හැටි. දැං හරි. (බොහෝම ස්තූතියි චමිල.) මේ ලියන්නේ Ubuntu වල ඉඳන්.
හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. මට පේන හැටියට Mandriva වල සිංහල අකුරු render වෙනවා හොඳයි මීට වඩා. ලස්සනට පෙනෙනවා. මට ඒකෙ අවුල උනේ විජේසේකර කිබෝඩ් එක ගන්න බැරි උන එක. (එන්නෙ phonetic එක.) ඒකත් ගන්න පුලුවන් ඇති, මං එච්චර ලිනක්ස් දන්නෙ නෑ එච්චර ගේම් දෙන්න තරම්.
සුභ පැතුම්, සාදරෙන් පිළි ගන්නවා නිදහසට!
අර බින්කු කිව්වා වාගේම ආයුබෝවන් ටු ද ඕපන් වර්ල්ඩ්, අපිත් උබුන්ටු වලට මාරුවෙලා දැන් ගොඩක් කල්, අවුරුදු 2-3ක් වෙනව මම හිතන්නෙ,
බග්ස් වලින්, ක්‍රෑශ් වලින් තොර අනාගතයකට අපෙන් සුබ පැතුම්
PS ::පුලුවන් නම් කොමෙන්ට් දමනකොට Name and URL විදියට කොමෙන්ට් දාන්නත් පහසුකම ලබාදෙන්ට
ආ එළ එළ…. අර මලිති වැඩේ හරි ගියාද? හරි ගියොත් එකටත් පෝස්ට් එකක් දාන්න. මටත් ඒ ගැන හොයන්න ඕනේ.
:(
In The Matrix
Morpheus (to Neo): Welcome,… to the Real World.
—
මේ චිත්‍රපට ජවනිකාව නරඹා ඇතැයි කියා හිතනවා. පරිගණක තාක්ෂණයේ නිදහස කෙනෙකුට අළුතෙන් හඳුන්වා දෙන එකත් මේ තරමටම අමාරු ගේමක්.
එළ… එළ….
මමත් උබුන්ටු වලට මාරු උනා (මිට මාස 4 කට විතර කලිං) ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද?
මම තාම ඒක dual boot දාගෙන ඉන්නේ. ඉක්මනින්ම මාරු වෙන්න ඕන.
මම නම් මාරු වෙලා දැන් මාස 6ක් විතර ඇති මගෙ හිතේ. අපේ ශාකුන්තල අයියට පිං සිද්ධ වෙන්න.
ිඅර කිව්වා වගේ ඉන්ද්‍රනාමව වෛරස් නැති(බය නැතුව pen එහෙම ගහන්න පුළුවන්) කොච්චරවත් stuck නොවෙන නිදහස් ලෝකයට පිලි ගන්නවා.
Malli what ia the mean of Ubuntu. and tell me how can write sinhala letters for comments
@ vipula
Ubuntu is a ancient African Word, with the meaning of “Humanity to Others”
here is Nelson Mandelas explanation for the Word “ubuntu”
http://www.youtube.com/watch?v=Dx0qGJCm-qU