මගේ පරිගණක භාවිතය
ප්‍රදර්ශනේ වැඩකට අපිට පරණ Turbo C වලින් ලියපු ප්‍රෝග්‍රෑම් එකක් පාවිච්චි කරන්න ඕනෙ උනා. DOS පාවිච්චි කරනවනම් දන්නවා ඇති XP එක්ක එන DOS ඔරිජිනල් DOSනෙමෙයි කියලා. ඒක normal userලට පාවිච්චි කරන්න ලේසි විදියට modify කරපු එකක්. ඉතිං අපේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනකොට ෆුල් අල. ඒ නිසා අපි ලැබ් එකෙන් මැෂින් එකක් අරං ඒකට Windows 98 දාගත්තා.
මගේ යාලුවන්ට 98 දැක්කාම නිකං අමුතු සතෙක් දැක්කා වගේ. වැඩි දෙනෙක් 98 ගැන අහලා තිබුණට කවදාවත් පාවිච්චි කරල නෑ. (අපේ නෝනාවරුන්ට නම් XP/Vista වලින් එහා වෙන ලෝකයක් නෑ ! ) මේ වෙලාවෙ මට මතක් උනා ඉතිං මම ඔය පරණ OS වලින් වැඩ කරපු කාලෙ, අඩුගානෙ මටම කියල මැෂින් එකක් වත් නැතුව.
හා හා පුරා කියල මං කොම්පියුටරේකට අත තිබ්බෙ 1996 දීග එතකොට මං 5 වසරෙ. ඒ කාලෙ ICMS කියල තිබුනා කොම්පියුටර් පංතියක්. ඒකෙන් තියපු දවස් 3 වැඩමුලුවකට යන්න චාන්ස් එකක් සෙට් උනා මටයි මගේ යාලුව යොහාන්ටයි. ඒ දවස් 3ට ඒ මිනිස්සු ඊට කලින් කොම්පියුටරයක් අල්ලලාවත් නොතිබුණ අපිට ප්‍රෝග්‍රෑමිං (GW BASIC) හිටං ඉගැන්නුවා ! මාව නම් කරකවල අතෑරියා වගේ. ඒ කොම්පියුටර් වල තිබුනේ DOS සහ Windows 95 මට මතක හැටියට. ඊට පස්සෙ ICMS එකෙන් කිව්වා කැමති අයට උන්ගෙ ක්ලාස් එකට එන්න පුලුවං කියල. ගාණ ඒ දවස්වල හැටියට ටිකක් සැරයි. ආර්ථිකේ හොඳ මදි නිසා මට ඒකට යන්න උනේ නෑ.
1998 දි අර ICMS පංතියට ගිය යාලුවා යොහාන් ගත්තා කොම්පියුටරයක්. ඒක 233MHz Pentium MMX එකක්, RAM එක 64MB ද කොහෙද. OS එක Windows 98. ඒක ඌ ගත්තෙ රුපියල් ලක්ෂෙකට කිට්ටු ගානකට ! එදා ඉඳං මං පුලුවන් හැම වෙලාවකම එහේ තමයි. උගෙන් අහගෙන ඒ කොම්පියුටරේ අතපත ගාලා තමයි යන්තං යන්තං මොනවහරි කරන්න ඉගෙන ගත්තෙ. මේ අතරෙ 2000 දී අර ටෙක් ශ්‍රි ලංකා එකේ ශිෂ්‍යත්වෙකුත් හම්බුනා. ඒකෙනුත් යමක් කමක් ඉගෙන ගත්තා.
මං මුලින්ම CD writer එකක් දැක්කෙ 2001 දි විතර ඉස්කෝලෙ තාරකා විද්‍යා සංගමේ සභාපති අයියා එකක් ගත්තාම. ඒ දවස්වල හොඳ Astronomy programs එහෙම හම්බුනාම ඒ අයියට කියල CD එකකට කොපි කර ගන්නවා. (තියෙන අමාරුව තමයි. මොකද මං ලඟ කොම්පියුටරේකුත් නැහැ) Empty cd එකක් (650 MB) එතකොට රුපියල් 200 යි ! හැබැයි ඔරිජිනල් TDK එක. දැං වගේ ලාබ-බාල cd නෑ ඒ දවස්වල.
කොහොම කොහොම හරි කොම්පියුටර් කෙරුවාව ඉගෙන ගන්න මට පංතියකට නම් සතයක් වත් වියදං උනේ නෑ. හැමදේම ඉගෙනගත්තේ යොහාන්ගෙන්. අදටත් මම හෙල්ප් එකක් ඕනෙ උනාම මුලින්ම කතා කරන්නේ ඌට. ආර්ථිකයත් එක්ක සටන් කරලා අන්තිමට මට කොම්පියුටරයක් ගන්න පුලුවං උනේ 2006 දී. ඒ දෙවෙනි පාරත් ඒලෙවල් කරාට පස්සෙ. එක අතකිං ඒලෙවල් කාලෙ කොම්පියුටරයක් තිබුනෙ නැති එකත් හොඳයි. එහෙනං මට මෙතනටවත් එන්න වෙන්නෑ.
මං මගේ ඉතිහාසෙ ආවර්ජනය කරේ කොම්පියුටර් තාක්ෂණේ ශීඝ්‍ර දියුණුව ගැන කියන්නයි. එදා යොහාන් 233 මැෂින් එකක් ලක්ෂෙකට ගත්තට අද කවුරුත් 233 එකක් නිකං දුන්නත් ගන්නෙ නෑ. ඒ කාලෙ Word (95) වලින් ටයිප් කරන එකත් මට හෙන ලොකු දෙයක් උනා. ජුරාසික් පාක් චිත්‍රපටය ආවාම මම තුෂ්නීම්භූත උනා කොම්පියුටර් වලින් මෙච්චර හරියක් කරන්න පුලුවංද කියල. ඒත් අද ඒව අපිට මහලොකු වැඩ කියල හිතෙන්නෙ නෑ. ඒ කාලෙ කොම්පියුටර් ගෙවල්වල තිබුනෙ කලාතුරකිං. ඒත දැං කොම්පියුටරයක් කියන්නෙ අත්‍යාවශ්‍ය දෙයක් වෙලා මිනිස්සුන්ට.
පරිගණක උපාංග වල මිල අඩුවීම කොච්චරද කිව්වොත් 2006 වෙනකං මැෂින් එකක් නැතුව වේලුන මට 2008 වෙද්දි ලැප්ටොප් එකකුත් ගන්න පුලුවං උනා.

සැලකිය යුතුයි

මම මුලින්ම පරිගණක ඉගෙනගන්න පටන් ගත්තෙ 97දි. ඒක පුද්ගලික ආයතනයකින් කරපු පාඨමාලාවක්. GW Basic, dbase, lotus තමයි කලේ. win 95 දකින එකත් අපිට මාර සතුටක් වුණා. ඒ කොහොම වුණත් මට නම් තාම තියෙන්නෙ P3 1.7 එකක්. දන්න දේවල් සේරම දැනගත්තෙ වැඩ කරපු කාර්යාල වල යන්තර මගේ වගේ පාවිච්චි කරලයි. ලැපක් ගැන හීනයක් තිබුණා. ඉදිරියෙදි සැබෑ වෙයි කියල හිතනවා. :)
ක්‍රමලේඛණය… මට කවුරුත් ඉගැන්නුවෙත් නෑ… ඉගෙන ගන්න කිව්වෙත් නෑ… මම ම පොත පත හොයාගෙන කියවල ඉගෙන ගත්තා. මගේ පරිගණක ඉගෙනීමෙ කතාව කෙටියෙන් කිව්වොත් එහෙමයි. මගේ පරිගණක ඉතිහාසයත් මම මගේ බ්ලොග් එකේ ලියල ඇති.
මාරයි… ඉස්සර අපේ ගෙවල් ගාව ආණ්ඩුවේ කන්කෝරුවක් තිබුනා. ඒකේ ලොක්කගේ පුතා තමයි කන්තෝරුවේ කම්පූටරේට අරක් ගෙන හිටපු දෙවියා… ඉතින් ඒ දවස්වල මම හැමතිස්සෙම ඒ දෙයියෝ වන්දනා මානකරගෙන පස්සෙන් වැටිලා හිටියේ. Dave DOS ගේම් එක සෙල්ලං කරපු හැටි තාම හොඳට මතකයි. කොහොමහරි මම ඒකේ ලෙවල් ඔක්කොම ඉවර කරා… පලවෙනි ලෙවල් පහ ගේමක් නැතුන ඇස් පියාගෙන යතහැකි. ඒ ඉවරවෙන කොට කොහොම හරි උණත් සනීප වුනා… ආයි උණ හැදුනේ Princes of Persia(පරණ ඩොස් ගේම් එක) සෙල්ලං කරන්න ගත්තට පස්සේ… මාර ආතල්…
ඉනා– බොහොම ස්තූතියි ඒ දවස් මතක් කරලා දුනනට
මමනම් ඔය යන්න්‍රරෙ ඇල්ලුවෙ ගිය අවුරුද්දෙ එදා මම කිසිම දෙයක් දැනගන හිටියේ නැ එත් මම පහුගිය අවුරුදු ගානක පාඩුව මෙ අවුරුද්දෙ අල්ල ගන්න ඔනි
මගේ මුල්ම සටහනක මගේ පරිගණක භාවිතය ගැන ලිව්වා.. හැබැයි ගෑණු අය ගැන කථාව ඇත්ත මොකද මමත් xp වලින් එහාට තාම හිතලවත් නෑ.. හිතන්නත් බෑබෑ බෑ වගේ..!