LimeWire – පරිස්සමින් !

On 2009 ජනවාරි 31, in තාක්ෂණික, වෛරස, by ප්‍රවීන් ඉන්ද්‍රනාම


ඉංගිරිසි සිංදුවක් හොයාගන්න ඕනෙ උනොත් මම අනිවාර්යයෙන්ම පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එක තමයි LimeWire. මේ කියන්න යන්නේ ඒක පාවිච්චි කරනකොට මට හැමදාමත් දකින්න ලැබෙන දෙයක් ගැන.

මේ රූපය දිහා බලන්න. මම search කරනවා westlife ගායක කණ්ඩායමේ Soledad කියන ගීතය. මම search කරන්න keyword විදියට දුන්නේ “soledad westlife” යනුවෙන් capital කිරීමක් හෝ නැතුව. මේ රූපයේ තියෙන්නෙ මුල් විනාඩියෙදි විතර ආපු ප්‍රතිඵල.

බලන්න ප්‍රතිඵල 6ක් තියෙනවා, mp3 හෝ wma වර්ග වලින්. හොඳින් බැලුවොත් පෙනේවි bitrate හා length පෙන්වා ඇත්තේ ඉන් එකක පමණක් බව. සිංදු ෆයිල් එකක bitrate, length අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ නේද? ඒ වගේම බලන්න එකක් ඇර අනික් ෆයිල් 4කම නම ඇත්තේ මම search keyword එක දීපු විදියටමයි. හරිම පුදුමයි නේද?

මතක තියාගන්න මේ විදියට bitrate, length නැතුව එන්නේ වෛයිරස් බව. මුල් කාලෙ මමත් දන්නෙ නැතුව දැක්ක ගමන් ඕව download කරා. (ඒත් දැන් නම් මාව තම්බන්න බෑ !) මේ වෛරස නියම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ තමයි අපේ search keyword වලින්ම පෙන්වීම. එතකොට අපි රැවටිලා download කරනවනේ. ඒ නිසා කවදාවත් මේකෙ search කරනකොට “Westlife – Soledad” වගේ formal විදියට දෙන්න එපා. ඔක්කොම simple වලින් ගහන්න. එතකොට අඳුනාගන්න පහසු වේවි අනවශ්‍ය දේවල්.

Tagged with:  

One Response to LimeWire – පරිස්සමින් !

  1. රයිගමයා පවසන්නේ:

    වටිනා තොරතුරක්.
    මම ඇත්තටම ඔය වගේ ගැට ගැන දැනගෙන හිටියේ නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>