Google Earth රඟ

On 2009 ජනවාරි 31, in අන්තර්ජාලය, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

මේ කොහේ කියලද හිතන්නේ ? මේ නුගේගොඩ හංදිය. දැන් මාස 3ක විතර වෙලේ ඉඳන් මෙතන ගුවන් පාලමක් හදන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. මේ පින්තූරෙ මම google earth වලින් ගත්තේ මේ දැන් (2009 ජනවාරි 31 රෑ 11.10 ට). කෝ මේකෙ එහෙම දෙයක් පේන්නෙ නෑ නොවැ.

Google Earth update වෙන්නෙ මෙච්චර ප්‍රමාද වෙලා බව මං කලින් දැනං හිටියෙ නෑ නෙ. ලංකාව උඩින් යන සැටලයිට් වාරණය කරලද මන්දා.

Tagged with:  

7 Responses to Google Earth රඟ

  1. පිටස්තරයා පවසන්නේ:

    හප්පා..

    අපේ ගෙවල් පාරවල් තාම බොරලු පාරවල් විදියට පේන්නේ…
    ඒවා තාර දැම්මේ අවුරුදු බොහොම කාලෙකට ඉස්සර .. හික්

  2. Wiz Kun පවසන්නේ:

    සැටලයිට් වලටත් ඉතින් හැමදාම ලංකාවට උඩින් යන්න පුලුවනැයි. අනික වලාකුලු නැති, හොඳට ආලෝකය තියෙන පින්තූරයක් වෙන්නත් ඕනේ.

    Google Maps වල People’s View දැකලා තියවම ලංකාවටනම් නැහැ. ඒත්ක්දියුනු රටවන් බොහෝමයකම අතුරු පාරවල් පවා ආවරනය වෙන විදිහට Global Virtual Tour එකක් Google Maps වලින් හදලා තියෙනවා.

  3. ශාකුන්තල පවසන්නේ:

    දැනට අවුරුදු දෙකකට විතර කලින් මටත් ඔය ගැටළුවම ආවා. උත්තරේ හොයා ගත්තෙ මෙතනින්.

  4. උක්කුං කොලුවා පවසන්නේ:

    Google Earth හි මොරටුව- කොරළවැල්ල අලුත් ගාලුපාර බලන්න. 2004 දෙසැම්බර් 26 -27 දිනවල ගතපු රූප තියෙන්නෙ. දවස කවදද කියල මතකයි නේද – සුනාමිය දා.. බලන්න ගාලුපාරෙ හැමතැනම විසිරුණ කැඩී ගිය ගොඩනැගිලිවල කොටස්..
    මම හිතන්නෙ Google Earth නොමිලයේ දෙන කොටසෙ තියෙන්නෙ මේ වගේ යල් පැනගිය තොරතුරු, චන්ද්‍රිකාවකින් ඡායාරූපයක් ගන්නව කියන එක ටිකක් වියදම්. ඒ නිසා මම හිතන්නෙ LandSat, වගේ චන්ද්‍රිකා ආයතණ වලට ආර්ථිකමය අති ලාබ ස්ථාන වල රූප ඉක්මනින් යාවත්කාලීන වෙනවා ඇති. “ලාබ දේ හිලක් ඇතේ කියල කියනවනෙ”.
    මේ ගැන කියන දේ මෙන්න:

    Data and Imagery: Age of satellite imagery and data
    Google Earth acquires the best imagery available, most of which is approximately one to three years old. The information in Google Earth is collected over time and is not in ‘real time’. For example, it’s not possible to see live changes in images.

    We add data to our Primary Database on a regular basis. You can view a list of these additions on the following Google Earth Community page

  5. ශාකුන්තල පවසන්නේ:

    මම එදා කළේ මේක Google අයට දන්වපු එක. එයාල ඒක හදලා තිබුණා.

    http://earth.google.com/support/bin/request.py?contact_type=data

  6. @චන්දිම,
    “..මම හිතන්නෙ Google Earth නොමිලයේ දෙන කොටසෙ තියෙන්නෙ මේ වගේ යල් පැනගිය තොරතුරු, …”

    වෙන්න බෑ. ෙමාකද මං පාවිච්චි කරන්නේ free එක නෙමෙයි, Pro එක. (හික්…සල්ලි දීලා අරගෙනනම් නෙමෙයි !)

    මමත් හිතන්නේ ආර්ථිකමය ලාබ හෝ ඔවුන්ට යම්කිසි වැදගත්කමක් ඇති ස්ථාන ඉක්මනින් යාවත්කාලීන වෙනවා ඇති.

  7. SRIshanu පවසන්නේ:

    බොහෝ දෙනෙක් නිතර පිවිසෙන තැන් තියනවනම් ඒ පින්තූර ඉක්මනින් යාවත්කාල වෙනව. ඒ කියන්නෙ එයාලට හොඳ වෙළඳපොලක් තියන තැන් වලට මූලිකත්වයක් ලැබෙනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>