ප්‍රදර්ශනය හා මුදල්

On 2009 ජනවාරි 23, in මට වෙච්ච දේවල්, විශ්වවිද්‍යාලය, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

කාර්යබහුල සතියක් අවසාන වුනා. (ඒත් මේ කාර්යබහුල සමයක ආරම්භය විතරයි) කාර්යබහුල වෙන්න හේතුව විශ්වවිද්‍යාලයේ ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශනය. ව්‍යවහාරික විද්‍යා, කළමනාකරන හා ශාස්ත්‍ර පීඨ වල සහභාගීත්වයෙන් මෙය පෙබරවාරි මස 18 වෙනි දින ආරම්භ වනු ඇති.
ප්‍රදර්ශනය ගැන අපේ කට්ටිය ලොකු අර්බුදයකට මුහුණපාලයි ඉන්නේ. වෙන මොකවත් නෙමෙයි, සල්ලි තමයි. ආණ්ඩුව අය-වැය යෝජනා වලින් පවා පොරොන්දු වී තිබුනා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සංවත්සර වැඩසටහන් සඳහා රුපියල් මිලියන 50ක් වෙන් කරන බවට. ඒත් දැන් ආණ්ඩුව සල්ලි දෙන්න අදිමදි කරන බවයි ආරංචි. ඇතිවෙන්න සල්ලි ලැබෙයි කියලා හිතාගෙන ප්‍රදර්ශනය ලොකුවට සංවිධානය කරපු නිසා දැන් මුලු විශ්වවිද්‍යාලයම ලොකු අමාරුවක වැටිලයි ඉන්නේ. fund raising කියලා ඉතින් කොච්චර කියලා කරන්නද? මම වැඩකටයුතු වල නිරතවෙලා ඉන්න සංඛ්‍යාන හා පරිගණක විද්‍යා අධ්‍යනාංශයට අනුමත වී ඇත්තේ රුපියල් ලක්ෂයයි. ඒක මොනවා කරන්නද? දැන් අපිට අතින් සල්ලි දාලා වැඩේ කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. කොහොම උනත් ආණ්ඩුව කරපු වැඩේ කැතයි. සල්ලි දෙන්නබැරි නං බොරු පොරොන්දු නොදී ඉන්න තිබුනා.
ඒ කොහොම උනත් ජ’පුරේ ඇත්තෝ සැලෙන්නේ නෑ. කොහොමහරි පටන්ගත්ත වැඩේ අවසානයක් දකිනවා.

Tagged with:  

6 Responses to ප්‍රදර්ශනය හා මුදල්

  1. පහන් පවසන්නේ:

    එල මචෝ එල. අනිවා අපිත් එනවා බලන්න. අපි වෙදැස බලන්නත් ගියා. ඒත් හොඳට organize කරල තිබුනා. සෙනඟ නම් මදිවගේ. දුන්න ප්‍රචාරය මදි මම හිතන්නේ. ඒව හදාගෙන යමු. අපි ෆුල් සපෝට්

  2. -බිன்ku- පවසන්නේ:

    බලන්නවත් වාසනාවක් නැති උනාට මං ඔයාලාට හදවතින්ම සුභ පතන්වා අයියේ. ලංකාවේ විශ්ව විද්‍යාල වලට මගේ තියෙන්නේ කැමැත්තක් වුනත් මට අම්මලා ඊට දෙන්නේ නැහැනේ.

  3. @ පහන්,
    මටවත් වෙදැස බලන්න යන්න බැරිඋනා මචං මේ වැඩ අස්සේ. මං හිතන්නේ සෙනඟ අඩුවෙන්න එක හේතුවක් ඒ දවස්වල එකදිගට බෝම්බ පිපිරීම. අනික colombo medical එකේ exhibition එක තිබිලා වැඩි කාලයක් ගියේ නෑනේ.

    @ බින්කු,
    ගනණ් ගන්න එපා මල්ලී, වෙලාවකට අපිටත් හිතෙනවා පිටරට විශ්වවිද්‍යාලෙකට ගියා නම් හොඳයි කියලා. මොකද මෙහේ අපිට ඉගෙනගන්න වෙන්නේ විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අපිට ලබාදෙන course එක මිසක් අපි කැමති දෙයක් නෙමෙයි.

  4. -බිன்ku- පවසන්නේ:

    එහෙනම් අයියේ http://www.bcs.org වගේ එකක පුලුවන් නම් සාමාජිකත්වය ගන්න අයියේ. පිටරට එව්වායේ අපිට පෙන තරමට හොඳත් නෑ, නරකත් නෑ. අයියලා ඔවායේ යන ගමන් පිටින් දැණුම ගන්නවා නම් කෝකටත් ඉස්සරහින් ඉන්නවා අයියා.

  5. පිටස්තරයා පවසන්නේ:

    රජයේ පච වැඩ ගැන දැනගන්න මෙච්චර කාලයක් ගියාද මචන්? කරන්න දෙයක් නෑ. කොහොම හරි එළට කරමු. හැමෝම සෙට් වෙලා contribution එක දුන්නොත් බැරි දෙයක් නෑ. අපි බලන්න එනවා.

  6. Manoj පවසන්නේ:

    එක එකාගේ දිරච්ච ලනු කන්නැතිව කැම්පස් එකේ කොල්ලො කෙල්ලෝ ටිකයි ලෙක්චර්ස්ලයි අනධ්‍යන සේවකයොයි එකතු වුනානම් වැඩේ මෙලහකටත් ගොඩදාලා…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>