දෙවියෝ !

On 2009 ජනවාරි 13, in සංගීතය, හිත ගිය තැන්, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

නිතර දෙවේලේ අහන්න නොලැබෙන ගීතයක් මේ ලඟදි අහම්බෙන් ආපහු අහන්න ලැබුනා.
“අහසෙ ඉන්නවලු, ගහේ ඉන්නවලු
කුටියෙ ඉන්නවලු, නොදැක වඳිනවලු
ගින්නෙ නටනවලු, බෙර පදට නටනවලු,
නටල වඳිනවලු, පව් ! පිහිට පතනවලු
. . . . .
පෙරලි පෙරලි වඳින තාලෙ දුක හිතෙනව මට
බණ දහමක් වත් නෑ මම දෙසුවේ කිසි දින
හේනක් කුඹුරක් වත් නෑ වගා කළේ මම
අනේ එපා මට ලැජ්ජයි නටල වඳිනකොට
. . . . .
මෝල්ගහේ දලු එනතුරු, කලු කපුටා සුදු වන තුරු
යදින යැදිලි වඳින වැඳිලි ගල් හදවත් උණුවෙනතුරු
පොතක් පතක් ලීවෙත් නෑ ගහක් කොලක් හැදුවෙත් නෑ
අසවල් හොඳ කරලත් නෑ අනේ අනිච්චං ! ”

මේ ගීතය ලයනල් රංවලයන්ගෙ සංගීත නිර්මානයක්. එතුමා කවුද කියල සිංහල පාඨකයන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මේ ගීතය කී දෙනෙක් අහල තියෙනවද කියල විශ්වාස නෑ. මම මේක මුලින්ම ඇහුවෙ “ගම අවුලඤ්ඤං” ප්‍රසංගයේදි. ඉන් පස්සෙ කාලයක් මම මේක පටිගත කරලත් තියාගෙන හිටියා.
මේ ගීතයේ මම විශේෂ ලක්‍‍‍ෂණ 2ක් දකිනවා. මුල්ම එක තමයි අවර ගණයේ බයිලා ගායකයෙක් විදියට ප්‍රසිද්ධ සමන් සිල්වා මෙහි ගායනයට යොදා ගැනීම. ඔහු ගේ හඬ මේකට කොයි තරම් අලංකාරයක් එක් කරනවද කියල අහල තියෙන අය දන්නවා ඇති.
දෙවැනි කාරණේ තමයි මේකෙ තේරුම. මේක දෙවියන් යදින එක කොයිතරම් නිරර්ථක ක්‍රියාවක්ද කියලා විස්තර කරනවා. වැදගත් වෙන්නේ ඒ සඳහා ඉදිරිපත් කරන කාරණා සහ තමාට ‍අහවල් කෙංගෙඩියකට මේ මිනිසුන් වඳිනවාදැයි දෙවියන්ම පුදුම වීමයි.
වන්දනාමාන කළ යුත්තේ යහපත් දෙයක් කළ අයට, ශ්‍රේෂ්ඨ අයට බව මෙයින් ගම්‍ය වෙනවා. ඇත්තෙන්ම දෙවියන් අපට කර ඇති යහපත් දේ කුමක්ද ? පැරණි චීන කියමනක් තියෙනවා ශ්‍රේෂ්ඨ මිනිහෙක් වෙන්න නම් ගහක් වවන්න, පොතක් ලියන්න, පුතෙක් හදන්න කියලා. මේ ගීතයට අර කරුණු එන්න ඇත්තේ ඒ කියමනෙන් වෙන්න ඇති.
21 වැනි සියවසට ඇවිල්ලත් තවමත් මිනිසුන්ගේ මිථ්‍යායාවල් දුරුවෙලා නෑ. බුද්ධිමත් මිනිස්සු විදියට අපි මිථ්‍යාවල් විශ්වාස කරන්න කලින් ඒ ගැන ටිකක් කල්පනා කරල බැලුවොත් තමයි වටින්නේ.

Tagged with:  

2 Responses to දෙවියෝ !

  1. Sidath පවසන්නේ:

    අයියේ ,
    මේ සින්දුව දෙන්නකො.

  2. අමා පවසන්නේ:

    දෙවියන් පිළිබදව විශ්වාස නොකරත් නැතත් ශ්‍රි ල0කාවේ ඉතිහාසය ගැන කියවෙන මහා වන්ශ කතා වල දෙවියන් පිළිබදව කියැවෙනවා… ඒ විතරක් නෙවෙයි බුද්ධාගමේ පවා ඒ පිළිබදව කියන ආකාරයෙන් අවිවාදයෙන් වුවද ඒ ගැන පිළිගන්න සිද්ද වෙනවා යනා මගේ හැගීමයි…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>