ආයුබෝවන් . . !

On 2009 ජනවාරි 11, in වර්ගීකරණය නොකළ, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

සිංහලෙන් බ්ලොග් එකක් (බ්ලොග් එකට කියන සිංහල වචනෙ නම් දන්නෙ නෑ) ලියන්න පටන් ගන්න හිතුනා. දිගටම මේක ලියන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්නම් මම කවුද කියලා. මම, ප්‍රවීන් ඉන්ද්‍රනාම. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ ශිෂයයෙක්. ඉගෙන ගන්නේ පරිගණක විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය. ඒ අතරේ මම කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන ආයතනයේ, තොරතුරු තාක්‍ෂ‍ණවේදී බාහිර උපාධියත් හදාරනවා. තොරතුරු තාක්‍ෂ‍ණය පැත්තෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. විශේෂයෙන් හදාරන්නෙ ක්‍රමලේඛනය තමයි. C++, ජාවා භාවිතා කරනවා.
අද පටන් මගේ සිතුවිලි ඔබට අන්තර්ජාලය ඔස්සේ සිංහලෙන් කියවන්න පුලුවන්. අදහස් උදහස් ඇතොත් මෙහි සටහන් කරන්න. ඒක ලොකු හයියක්.

Test Code
 

4 Responses to ආයුබෝවන් . . !

  1. පහන් පවසන්නේ:

    එල මචෝ එළ.5 වසරෙදි එක පන්තියේ හිටිය එකා බ්ලොග් එකක් ලියනවා දැකපු සංතෝසෙට කමෙන්ට් එක දාන්නේ. දිගටම ලියපං

  2. Manoj පවසන්නේ:

    අදයි දැක්කේ,කමක් නෑ

    ආවඩා ආයිබෝවේවා කියලා පිළිගන්නවා !

  3. දසුන් සමීර පවසන්නේ:

    බ්ලොග් එකට අපි හදපු නමක් තියෙනවා වියුණු සටහන කියලා. ඒත් සමහර අයනම් ඒකට කැමති නෑ. භාවිතය කරීම/නොකිරීම ගැන තීරණය ඔබේ අතේ

  4. Pushpa Ramlani පවසන්නේ:

    සිංහල බ්ලොග් කියවනයට මගේ බ්ලොගය වන ‘පුලිනතලාව’ එක් කරලයි තිබුණෙ. ඒත් පෞද්ගලික දුෂ්කරතා මත දෙමසක් පමණ පෝස්ට්ස් දමන්න බැරි වුණා.ගිය සතියේ සිට නැවත් බ්ලොගය ලියන්නට පටන් ගත්තා. තවමත් මම ලියපු අලුත් නිර්මාණ සින්ඩිකේට් වෙලා නැහැ. එහෙත් සිංහල බ්ලොග් කියවනයේ බ්ලොග් ලැයිස්තුවේ නම් තවමත් ‘පුලින තලාව’ දකින්නට පුළුවන්.
    මගේ නව නිර්මාණ යාවත් කාලීන කිරීම සඳහා කුමක් කළ යුතුද කියල දැනුවත් කරනවා නම් ගොඩක් පිං සිද්ධ වෙයි.
    තවත් කාරණයක්. බ්ලොග් මැරතන් එකට අමතරව බ්ලොග් තරඟයකුත් තියෙනවද, මේ වසරෙත්? ඒකට සම්බන්ධ වෙන්නෙ කොහොමද?
    ප්‍රවීන් පුතා, මාව මේ ගැන දැනුවත් කරනවද? akkandi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>