අන්තර්ජාලයේ වැඩ කරද්දී නිතරම අපේ files බැක් අප් තියාගන්න, එහෙමත් නැත්තම් ඒවා තව කෙනෙක් එක්ක බෙදාගන්න ඒවා තියන්න ඉඩකඩ ඕනෑ වෙනවා. තේරෙන විදියට කිව්වොත් file hosting space එකකට upload කරන්න වෙනවා. ඒ සඳහා ඉඩ කඩ සපයන විවිධ අඩවි (“දත්ත ගබඩා” කියලා මම කියන්නම්) ගැන පොඩි හැඳින්වීමක් මේ. ගොඩක් දෙනෙකුට මුලින්ම මතක් වෙයි Rapidshare අඩවිය. ඒත් ඒක එච්චර හොඳයි කියලා මට හිතෙන්නෙ නෑ. ඒකෙන් අපිට බාගත කරගන්න ලොකු කට්ටක් කන්න වෙනවා. (බොහෝ දෙනෙක් එහි free userලා නිසා) Megaupload, Easyshare, Uploding, Sendspace වැනි අඩවි ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. කැමති නම් උත්සාහ කරලා බලන්න. මම දැකපු හොඳම දත්ත ගබඩාවක් තමයි ADrive. මෙය ලෝබ නැතුව අපට 50GB ප්‍රමානයක ඉඩක් ලබා දෙනවා. නැවත දත්ත බාගත කරනකොට කාලයක් බලන් ඉන්න ඕනෙත් නෑ. ඔබට Windows Live account එකක් තියෙන්වනම් එහි සේවාවක් වන SkyDrive නොමිලේම ලැබෙනවා. එමගින් 5GB (නිවැරදි කිරීමක්: දැන් එය 25GB ලබාදෙන බව එම අඩවියේ සඳහන්) ඉඩක් ලැබෙනවා. DriveHQ තවත් හොඳ දත්ත ගබඩාවක්. එය ලබාදෙන්නේ නම් 1GB ප්‍රමානයක් විතරයි. ඒත් එය සපයන file manager වැඩසටහන පරිගණකයේ පිහිටුවා ගැනීම මගින් පහසුවෙන් ඔබේ ගොනු කළමනාකරණය කරන්න පුලුවන්. ඒ වගේම ඔබට real email account එකක් (yahoo, gmail වැනි free ඒවා නොවන, ඔබේ සේවා ස්ථානයෙන් සැපයූ විද්‍යුත් ලිපිනයක්) තිබේ නම්, එය භාවිතා කිරීම මගින් ඔබට පුලුවන් direct link සැපයිය හැකි true account එකක් ලබාගන්නට. 4shared අඩවිය ලබාදෙනවා 5GB ප්‍රමාණයක ඉඩක්. මේ හැර ඔබට පුලුවන් GMail Drive ඔබේ පරිගණකයේ පිහිටුවා ගැනීමෙන් GMail ලබාදෙන 7GB ඉඩ කඩ ඔබේ දත්ත ගබඩාවක් ලෙස භාවිතා කරන්නට. මම මෙම අඩවි ගැන විශේෂයෙන් සඳහන් කලේ ඒවා අපේ දත්ත ගොනු පහසුවෙන් කළමනාකරණය කිරීමට folder එකක් වැනි රූපක මාධ්‍ය මෙවලමක් (GUI Tool) ලබා දීම නිසයි. මෙම දත්ත ගබඩා ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙයි ඔබේ වැදගත් දත්ත බැක්අප් කරන්න. (ඒත් අපේ රටේ upload වේගය ගොඩක් අඩු වීම ලොකු ප්‍රශ්නයක්) මම මේවා ගොඩක් භාවිතා කරනවා මගේ ව්‍යාපෘති බැක්අප් කරන්න. එතකොට හදිස්සියේ කොම්පියුටරේ කැඩුනත් බය නෑ. ඔබ තවත් කෙනෙකුට file එකක් දීම සඳහා (forum එකක post කරන්න) එය upload කරන්න තැනක් හොයනවා නම් iFile.it භාවිතා කරලා බලන්න. එය බාගත කරන්නාට කරදරයක් නැතිව බාගත කරන්න ඉඩ සලසනවා. බොරුවට විනාඩි ගනන් බලන් ඉන්න ඕනෙ නෑ.
අපේ රටේ විතරක් නෙමේ කැනඩාව වගේ රටේත් 2Mps වේගය තියේන පැකේජ වලත් තියෙන්නේ 700-800Kpsවගේ වේගයක්. කොහොම වුනත් ඔබේ ලිපියට බොහොම ස්තුතියි. Mediafire,box.net යන අඩවිත් මේ සේවා සපයනවා.
700-800 හොඳටම මදැයි මල්ලියේ. මගේ adsl එකේ upload speed එක 10 kbps ! මතක් වෙනකොටත් ඇඬෙනවා.
මට box.net අමතක උනා. mediafire නම් සඳහන් කලේ නැත්තේ ඒකත් අර rapidshare ගණයටම වැටෙන commercial එකක් නිසා.
XDrive කියලා AOLලා ගේ service එකක් තියෙනවා. ඒකෙ register වෙන්න පුලුවන් US address එකකින් විතරයි. සමහර විට canadian පුලුවන් ඇති. try කරලා බලන්නකෝ.
ඔව් අයියේ. ඒ සෙවාව ගැන මම දන්නවා. එක මුලින් Worldwide තත්වෙන් US only වෙලා දැන් වහලා තියෙන්නේ. Mediafire commercial බව ඇත්ත, ඒක අවුලක් නෑ වගේ බව දැක්ක නිසයි කිව්වේ. ඒ වගේම අයියත් ziddu.com එකත් කරලා බැලුවා නම්? ;)
අම්මෝ ziddu නම් චාටර් නේ මල්ලි. ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හරිම අඩුයි. අනික security theats තියෙනවා. firefox සමහර වෙලාවට බ්ලොක් කරනවා ඒක.
MediaFire Commercial එකක් උනාට ඉතා හොඳ File Hosting Site එකක්. Adrive එකේ Download Accelerators පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. MediaFire වලදි Free Users ලට පවා Download Accelerating භාවිතා කරන්න දෙනවා.
ඔබ Internet Download Manager (IDM) භාව්තා කරනවානම් Adrive හිදී එය වැඩ කරනවා. මම එය භාවිතා කරනවා.
demonoid එක කොහොමද?