චීන දුරකථන

On 2009 ජනවාරි 31, in ඇසි-දිසි, තාක්ෂණික, by ප්‍රවීන් ඉන්ද්‍රනාම

චීන අවන්හල් මෙන්ම (ජාතියක් ජම්මයක් නැති) චීන දුරකථන ද දැන් මෙරට ශීඝ්‍රයෙන් ජනප්‍රිය වනු පෙනේ. Brantel සමාගම විසින් e-Tel (අන්තර්ජාලයේ සොයා බැලුවොත් e-Tel නමින් සමාගමක් මිහිපිට නැති බව දැනගත හැකිය) දුරකථන හඳුන්වා දීමත් සමග ඇරඹුනු මෙම රැල්ලට දැන් වෛවාරන්න දුරකථන වර්ග දහස් ගනනින් එක් වී ඇත.

මිනිස්සු මෙම දුරකථන මිලදී ගැනීම සාධාරණය. සුපිරි පහසුකම් රැසක් ඇති වීන දුරකථන ඉතා අඩු මිලට වෙලඳපොලේ ඇත. කවුද අකමැති touch screen phone එකක් රු 8000කට විතර ගන්න ? මම මෙහි ඔබට ඒවා මිලදී නොගන්නැයි කියනවා නොවේ. එහෙත් අඩුමිල චීන දුරකථනයක් ගැනීමට පෙර යම් යම් කරුණු සලකා බැලීම වටී. නැතහොත් ඔබ ඒ ගෙවන අඩු මුදල වුවද වතුරේ යා හැකිය.

පලමු කරුණ නම් මෙම දුරකථන බොහොමයකට වගකීම් සහතික නැති බවයි. චීන බඩු යනු ඉක්මනින්ම කැඩෙන්නට අර අඳින ඒවා බව ඕනෑම අයෙක් දන්නවා ඇත. පිලිගත් නමක් නැති නිසා මෙම දුරකථන වල තත්ත්වය හා ඔරොත්තු දෙන ස්වභාවය කෙසේ දැයි අප නොදනිමු. මගේ මිතුරන් දෙදෙනෙකුගේම මෙවන් දුරකථන එක්වරක් බිම වැටීමෙන් එලොව ගියෝය. ඔබ touch screen චීන දුරකථන ගත්තේ නම් තතත්වය තවත් බරපතලය. ඒවායේ තිරය වීදුරු මාධ්‍යයකින් සාදා ඇති නිසා වහා බිඳී යයි. (මෙය නම් iPhone එකේ ද පැනනගින ගැටලුවකි) නිතර සාක්කුවේ දමාගෙන යාමන් දහදිය දුරකථනය තුලට යාමෙන් ද මේවා ඉක්මනටම ලෙඩ වෙයි. touch screen එකද ඉක්මනින්ම untouchable වෙනු දැකිය හැක.

ඊලඟට මේවායේ කැමරාව අන්තිම දුර්වලය. සමහර ඒවායේ 2MP 3MP ලෙස සටහන් කර තිබුනද ගන්නා ඡායාරූප web cam එකකින් ගත්තාටත් වඩා අන්තය. ඔබ දුරකථනයෙන්ම ඩිජිටල් කැමරාවක කාර්යයත් ඉටු කර ගැනීමට යන්නේ නම් චීන දුරකථන වලින් පලක් නොවේ.

වෙලඳපොලේ ඉල්ලුම වැඩිවන විට කුණු බඩු ද වැඩිවන නිසා දැන් වෙලඳපොලේ ඇති චීන දුරකථන වර්ග එබඳු දහජරාවල් වීමට හොඳටම ඉඩකඩ ඇත.

මෙවැනි දේ නිසා චීන දුරකථනයක් මිලදී ගන්නට සිතන්නේ නම් නැවත දෙවරක් සිතන්න. කෙසේ හෝ මිලදී ගත්තානම් කරුනාකර එය ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.

Tagged with:  

13 Responses to චීන දුරකථන

  1. බුද්ධික පවසන්නේ:

    මගේ සෝනි එරික්සන් එක සියපාරක් විතර බිම වැටිලා තියෙනවා…..ඒත් තාම කිසි අවුලක් නෑ…..මං කල්පනා කරේ චීන ඒවනම් සීයක් විතර ගන්න වෙනවා

  2. හැබෑව… හැබෑව…
    මගේ සෝනි එරික්සන් එකට දැන් අවුරුදු පහයි.
    කැමරා නෑ, රේඩියෝ නෑ, බ්ලූ ටූත් නෑ, ෆැෂන් මොනවත් නෑ.
    හැබැයි මෙහෙන් “හලෝ” කිවුවය අරෙහෙන් “ආ…” ගානවා…
    ඒ මදෑ…

  3. උක්කුං කොලුවා පවසන්නේ:

    “මෙහෙන් “හලෝ” කිවුවය අරෙහෙන් “ආ…” ගානවා…”
    අම්මෝ මගෙ බඩත් රිදෙනවා හිනාවෙලාම .. මසුරන් කියුම. මගෙ මෝටොරෝලා W220 එකට නම් හරියටම ගැලපෙනවා.

  4. රයිගමයා පවසන්නේ:

    අල්පෙනෙත්ත හැට්ට කට්ට පවා චීනෙ!
    චීන නිෂ්පාදන පුදුම විදිහට ලෝකය ආක්‍රමණය කරල තියෙන්නේ. අපිටත් පුළුවන්නම් ජපන් කොලිටිට බැරිනම් අඩුම ගානෙ චීන කොලිටියටවත් ඔය දේවල් මෙහේ නිෂ්පාදනය කරන්න

  5. ඒ කතාව නම් සහතික ඇත්ත රයිගමයෝ,
    ඒත් ඉතිං අපේ මිනිස්සුත් එක්ක කොහෙද ඔය වගේ වැඩක් කරන්නේ.
    අර සිංදුවකත් තියෙන්නෙ “කන්ට අඳින්ටා පිටරටිං එනතුරු මූදට දත නියවන්නා…” කියල.

  6. nuwansl පවසන්නේ:

    මගෙ k800 නම් එහෙම නෑ නොවෑ

  7. malee_msg පවසන්නේ:

    මම මේ ජනවාරි 27 වෙනකම්ම පාවිච්චි කලේ නොකියා 1100 පො‍ලවේ ගැහුවත් කැ‍ඩෙන්නේ නෑ අවුරුදු 4ක් කිසිදෝසයක් නැතුව පාවිච්චි කලා.. 26 වෙනිදා අළුත් එකක් තෑගි ලැබුනා හයියෝ ඒක ටච් ස්ක්‍රීන්.. චයිනා.. මම එක අතට ගන්නෙත් බයෙන් කොයි වෙලේ මොනා වෙලා තියෙයිද කවුද දන්නේ..

  8. ecH පවසන්නේ:

    ලංකාවෙ අයට කන්න නැතත් ලස්සන ෆෝන් එකක් එපැයි පැයකට කීප වරක් අතට අරන් කරකවන්න. අනික ඉක්මනට කැඩුනම අළුත් එකක් ගන්න සල්ලිත් යහමින් තියෙනව බොහොමයක් අයට. ;)

  9. deepsishere පවසන්නේ:

    මොන පහසුකම් තිබ්බත් මට නම් තාම එක චීන phone එකක 3G දකින්න ලැබිලා නෑ..එව්ව කරන්න බැරිද දන්නේ නෑ චීනාට

  10. මම මචන් පවසන්නේ:

    චීනෙ කොයි ඉලෙක්ට්‍රෝණික් බඩුවත් එහෙම තමයි උඩින් ඔපේ යටින් හපේ.

  11. විසිදාගම පවසන්නේ:

    සම්පූර්ණ ඇත්ත සහෝදරහ. මේ ලෝකෙට වගේම පර ලෝකෙටත් වැඩක් නැති ජාතියක් තමයි ඔය “චයිනීස් කටු”. මම පාවිච්චි කරන්නේ සෝනි එරික්සන් K310i එකක්. එකට දැන් පුත්තලම් බූරුවො දෙන්නෙක්ගෙ විතර වයස ඇති. සිය පාරකට වඩා බිම වැටිල ඇති. ඒත් කිසිම අවුලක් නැතුව තාමත් නියමෙටම වැඩ…..

  12. දිලංක පවසන්නේ:

    කිසි එකෙක් චීනට බැනල අහු වෙන්න එපා…ලංකාවෙ කාලකන්නි ‍දන්නෙ කාගෙ හරි වරදක් ගැන කිය කිය කාලෙ කන්න විතරයි. ලංකාවෙ එවුන් මොනවද ලෝකෙට කරල තියෙන්නෙ??????????????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>