Skip to content

ගෙවීගිය සතියේ පරිගණක ක්ෂෙත්‍රෙයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ පුවතක් වේ නම් ඒ Oracle සමාගම විසින් Google සමාගමට එරෙහිව නඩුමගට බසින්නට සැරසෙන්නේය යන පුවත ගැන විය හැකිය. මෙම නීතිමය අර්බුදයට පාදක වී ඇත්තේ ගූග්ල් තම ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන Android නිපදවීමෙහිදී ඔරකල් සමාගමට අයත් Java ක්‍රමලේඛණ භාෂාවේ ඇතැම් කොටස් බුද්ධිමය දේපල අයිතිය දැන දැනම උල්ලංඝණය කරමින් භාවිත කර ඇති බවට ඔරකල් චෝදනා කිරීමයි.

“In developing Android, Google knowingly, directly and repeatedly infringed Oracle’s Java-related intellectual property. This lawsuit seeks appropriate remedies for their infringement,”

- Oracle ප්‍රකාශක කැරන් ටිල්මන්

1995 දී ජේම්ස් ගොස්ලිං විසින් ජාවා නිපදවනු ලැබුවේ Sun Microsystem සමාගම සඳහාය. නමුත් Java සම්පූරිණයෙන් Sun හි දේපොලක් වූයේ නැත. ජාවා යනු විවෘත සම්මතයකි (open standard). එහි බොහෝ කේත විවෘත (open source) වේ. විවිධ සමාගම් එම සම්මතය අනුව විවිධ වෙනස්කම් සහිත ජාවා පද්ධති නිපදවා ඇත. Sun සමාගම නිපදවූ ජාවා පද්ධතිය (Sun Java, Sun JDK) මින් වැඩිම ප්‍රසිද්ධියක් උසුලන අතර එහි ඇතැම් කොටස් විවෘත කේත නොවන අතර Sun සමාගම සතු වේ. නමුත් Sun හි ජාවා පද්ධතිය භාවිතා කිරීම සඳහා මුදලක් ගෙවිය යුතු නැති අතර Sun හි බලපත්‍ර ගිවිසුමට එකඟවීම ප්‍රමාණවත්ය. (සම්පූර්ණයෙන් විවෘත කේත ජාවා පද්ධතියක් OpenJDK නමින් බොහෝ ලිනක්ස් පද්ධති සමග මුදාහැරේ)

2009 අගෝස්තු 20 වෙනි දින සිට Oracle සමාගම විසින් Sun සමාගම මිලයට ගත් බැවින් ජාවා හි Sun සතුව තිබූ අයිතීන් දැන් ඔරකල් සතු වේ. ගූග්ල් සමාගම මෙම සන්/ඔරකල් ජාවා සම්මතයන් කීපයක් භාවිත කර ඇත්තේ සිය ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය වන ඇන්ඩ්‍රොයිඩ් නිර්මාණය කිරීමෙහිදීය. ඔරකල් චෝදනා කරන අන්තමට මෙහි පේටන්ට් ගිවිසුම් උල්ලංඝණය කිරීමක් හා බුද්ධිමය දේපොල මංකොල්ලයක් සිදුව තිබේ.

මෙම සිදුවීමේ විවිධ පැති කීපයක් ගැන ක්ෂෙත්‍රෙය් කතාබහට ලක්වේ,

  • ජාවා භාවිතා කිරීම වෙනුවෙන් මුදල් ඉල්ලීමට ඔරකල්ට කිසිදු අයිතියක් නැති බවත් ජාවා විවෘත සම්මතයක් බවත් වැඩි දෙනෙකුගේ මතය වී ඇති බව පෙනේ.
  • මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ ඔරකල් කියන ආකාරයට ජාවා හි කේත කොටස් පාවිච්චි කරමින් ගූග්ල් නිර්මාණය කරන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සම්පුර්ණයෙන්ම නොමිලේ (හා විවෘත කේත) ලෙස මුදාහරින්නක් වීමත්, ගූග්ල් ඉන් ලාභයක් නොලබන බවත් ය. එබඳු මුලු ලෝකයටම ප්‍රයෝජනවත් ව්‍යාපෘතියකට අකුල් හෙලීමෙන් ඔරකල් සිය අශිෂ්ඨත්වය ප්‍රදර්ශණය කරතැයි බොහෝ දෙනා අදහස් දක්වා ඇත.
  • නඩුමගට බැසීමේදී ඔරකල් ඉදිරිපත් කර ඇති කොන්දේසි තරමක් ඕනෑවට-වැඩි ස්වරූපයක් දක්වයි. මුදල්මය වන්දියකට අමතරව එසේ ජාවා කේත කොටස් භාවිතා කර සිදුකරන ලද නිර්මාණ විනාශ කල යුතු බවද ඔවුන් පවසා ඇත. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය අඩාල කිරීමටදැයි සැක මතුවේ.
  • ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාපෘතිය අද ඊයේ පටන් ගත් එකක් නොවේ. එය අනවසරයෙන් තම බුද්ධිමය දේපල භාවිත කලේ නම් ඊට විරුද්ධව නැගී සිටීමට ඔරකල් මෙතරම් ප්‍රමාද වූයේ, ඇන්ඩ්‍රොයිඩ් මෙතරම් දියුණු වන තුරුම බලා සිටියේ, මන්ද යන්න පිලිබඳව බොහෝ දෙනා සැක පලකරති. එයද ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියට එරෙහි මාෆියාවක්ද?
  • ගූග්ල් යනු “සෙල්ලං සමාගමක්“ නොවේ. මෙබඳු බුද්ධිමය දේපල උල්ලංඝණය කිරීමක් ඔවුන් සිදුකරනු ඇතැයි සිතීම උගහටය. සාමාන්‍යයෙන් එබඳු සමාගමක් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී එහි නීතිමය පසුබිම හොඳින් අධ්‍යයනය කරනු ලබයි.

කෙසේ වෙතත් මේ සිදුවීම හරහා ඔරකල් සමාගම නටන්න යන පදය හොඳ නැතැයි අනුමාන කල හැකිය. සන් සමාගම මිලදී ගැනීමෙන් ඔරකල් ලද විශාලම ලාභය MySQL ඩේටාබේස් පද්ධතිය තමන් සතුකර ගැනීම යැයි කියනු ලැබේ. MySQL යනු ක්ෂෙත්‍රෙය්දී ඔරකල් හි ඩේටාබේස් පද්ධතියට සිටින ප්‍රබලම ප්‍රතිවාදියාය. ප්‍රතිවාදියා තමන්සතු කර ගැනීම කෙතරම් වැඩදායකද! අනාගතයේදී ඔරකල් විසින් MySQL හි බලතල අඩුකොට එමගින් ඒ වෙනුවට ඔරකල් පද්ධතිය භාවිත කිරීමට මිනිසුන් පොලඹවනු ඇතැයි සැක කල හැකිය. එවැන්නක් නොවිය හැක්කේ නොවේ.

අනෙක් අතට මෙම නඩුවෙන් ඔරකල්ට ජය හිමිවුවහොත් එය ජාවා පාදක කරගත් මෘදුකාංග නිර්මාණයට බලවත් පහරක් වනු ඇත. දැනට ජාවා මෘදුකාංග නිර්මාණය සඳහා Sun JDK භාවිත කරනුයේ ගෙවීමකින් තොරවය. එසේ මුදල් ගෙවන ලෙස සන් සමාගම ඉල්ලා සිටියේද නැත. මෙයින් පසු ජාවා සඳහා ගෙවීමක් කරන්නට සිදුවුවහොත් ජාවා භාවිතයෙන් මෘදුකාංග නිපදවීම ද මයික්‍රොෙසාෆ්ට් හි .NET මගින් නිපදවන්නාක් මෙන් වියදම් අධික විය හැකිය. ඇතැම්විට ඔරකල් මේ සැරසෙනුයේ සිය ජාවා පද්ධතිය මුදලට විකිණිම ආරම්භ කිරීමේ ක්‍රියාවලියකට විය හැකිය.

ගූග්ල් යනු අන්තර්ජාලයේත්, පරිගණක ක්ෂෙත්‍රෙය්ත් දියුණුව උදෙසා අලුත් දේ කල, නොමිලයේ සේවාවන් රැසක් ලබාදෙන සමාගමක් වීමත්, ඔරකල් යනු තඹ සතයක දෙයක් නිකං නොදෙන, සම්පූර්ණයෙන්ම පාහේ ලාභය ඉපැයීම කේන්ද්‍ර කරගත් සමාගමක් වීමත් මත ක්ෂෙත්‍රෙය් වැඩි දෙනෙකුගේ සහාය ගූග්ල් වෙත හිමිවී ඇති බව දැකිය හැකිය. නමුත් අවසන් තීන්දුව දෙනු ඇත්තේ අධීකරණයයි. මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් ගූග්ල් විසින් කිසිදු ප්‍රකාශයක් සිදුකර නැති බවද සඳහන් කල යුතුය.

ලංකාවේ ජීවත්වන සුලු ජාතියක් වන “ක්‍රිකට් ප්‍රිය නොකරන“ ජාතියට මා අයත් වන නිසා මේ කියන සංසිද්ධිය මා නොදුටුවත් මෙය කියවන ඔබෙන් බහුතරයක් එය දකින්නට ඇතැයි සිතමි. මා නොදුටු දෙය මා විස්තර කරන්නට යනවාට වඩා එය දුටු, ඉන් වේදනාවට පත්වූ රවිබන්ධු විද්‍යාපති මහතාගේ හඩට සවන්දීම මැනවි. රවිබන්ධු විද්‍යාපති මහතා නර්තනය පාරම්පරිකව උරුම කරගත්, ක්ෂෙත්‍රෙය් ප්‍රමුඛ නර්තන හා තාල වාද්‍ය ශිල්පියෙකි.  තාල වාදනය පිලිබඳ පරියේෂණ කරන්නෙකි. මෙම කොටස මා ඇස ගැටුනේ පසුගිය ජුලි 25 වැනි දින රාවය පුවත්පතට එතුමා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකිනි. continue reading…

File Sharing, එහෙමත් නැත්තං අපේ ගොනු සුරක්ෂිත කරලා තියාගන්න අන්තර්ජාලයේ ඉඩ කඩ ලබාදෙන අඩවි බොහොමයක් තියෙනවා. මින් Rapidshare, Hotfile, Megaupload, 4shared වැනි අඩවි බොහොමයක් ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒවාට වෙනත් අය අප්ලෝඩ් කරන චිත්‍රපට, ගේම්ස්, මෘදුකාංග, ගීත එහෙම බාගන්න පුලුවන් නිසා තමයි.

මේ අතරින් මම නම් කැමතිම File sharing සයිට් එක තමයි mediafire. හේතුව තමයි මේකෙන් ඩවුන්ලෝඩ් කරන අයට දෙන වදය අවම වීම. දැකලා ඇති Rapidshare වගේ අඩවි වල ෆයිල් එකක් බාන්න විනාඩියක් විතර බලාගෙන ඉන්න ඕනේ. එකම IP එකකින් එකවර දෙදෙනෙකුට බාන්න දෙන්නෙත් නැති නිසා mobile broadband පාවිච්චි කරන අයට ඒවා අකැපයි. mediafire වල ඔය කිසි කරදරයක් නෑ. තත්පර දෙකතුනක් ඇතුලත ලින්ක් එක පෙන්නනවා. Download manager එකක් භාවිත කරන්නත් කිසි තහනමක් නෑ. continue reading…

පසුගිය දින කීපයක සිට social media අඩවි වල පුවතක් ආකාරයෙන් පලවී තිබුනු ලෙසම ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි Facebook හි නව privacy සැකසුම් කරලියට පැමිණ තිබෙනවා. මෙවැනි නව සැකසුම් පිටුවක් ඉදිරිපත් කිරීමට හේතුව වූයේ කලින් තිබූ සැකසුම් ක්‍රමය සංකීර්ණ වැඩි බවට පරිශීලකයන් විසින් ඉදිරිපත් කල චෝදනා නිසයි. Facebook අධිකාරිය තම පෞද්ගලිකත්වය පිලිබඳ කිසිදු තැකීමක් සිදු නොකරන බව කියමින් ඊට විරුද්ධ වීමට facebook හි සාමාජිකත්වයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් පවා පසුගිය දිනවල පැවැත්වුනා.

කෙසේ වෙතත් සාමාන්‍යෙයන් facebook හි අලුත් දෙයක් හඳුන්වා දෙන ආකාරයටම මෙම නව privacy සැකසුම් activate කරනු ලබන්නේ සියල්ලන්ටම එකවර නොවෙයි. ක්‍රම ක්‍රමයෙන් ඔබේ account එකටද මෙම අලුත් privacy සැකසුම් ලැබෙනු ඇති. අලුත් සැකසුම් ඔබට ලැබුනු විට ඔබේ Home පිටුවේ ඒ බව දැක්වෙන පණිවුඩයක් සටහන් වෙන අතර Account > Privacy Settings වෙත යාමෙන් එම පිටුවට පිවිසිය හැකියි. continue reading…

ඊයේ දිවයින සිසාරා පැතිර ගිය ජංගම දුරකථන “වෛරස“ භීතිකාව නැවත වතාවක් මේ ශ්‍රී දිවයිනේ අරක්ගෙන සිටින්නේ ටොප් ක්ලාස් මැට්ටන් විශේෂයක් බව ඔප්පු කර පෙන්වීය. මේ පිලිබඳව දැනට ඇති තරම් බ්ලොග් ලිපි ලියැවී තිබුණද මේ සම්බන්ධයෙන් මගේ දැක්මද ලියා තැබීම වටිතැ‘යි සිතුනෙන් මෙසේ ලියමි.

සාමාන්‍ය පරිද්දෙන් ගෙවී ගිය ඊයේ උදෑසන 10ට පමණ මගේ විශ්වවිද්‍යාල මිතුරියක් මා හට දුරකථන ඇමතුමක් දී පවසා සිටියේ ජංගම දුරකථන වලට නන්නාඳුනන අංක කීපයකින් පැමිණෙන දුරකථන ඇමතුම් විශේෂයක් ඇති බවත්, ඉන් අධි සංඛ්‍යාත නාදයක් නිකුත්වන බවත්, එයින් මොලයට හානි වී කීපදෙනෙකු මියගොස් ඇති වග ආරංචි වී ඇති බවත් ය. මෙය DD News නම් චැනලයක පල වූ පුවතක් බව ආරංචි යැයි පැවසූ ඇය DD News යනු කුමක්දැයි මගෙන් විමසා සිටියාය. එවැන්නක් මා අසා නැති බව මම කීවෙමි. කෙසේ වෙතත් ඇයට අවශ්‍ය වූයේ මේ ආරංචිය සත්‍යයක්දැයි දැනගැනීමටත්, යම්හෙයකින් සත්‍යයක් නම් අපේ මිතුරන් සියලු දෙනා වෙත ආරංචිය ලබාදිය හැකි මාර්ගයක් සෙවීමත්ය. continue reading…

වසර දෙකතුනකට කලින් ලංකාවේ Facebook බාවිත කරන්නන් සිටියේ අතලොස්සයි. මීට වසර තුනකට පෙර විශ්වවිද්‍යාලයට එනවිට Facebook යන නම අපේ මිතුරන් වැඩි දෙනෙක් අසාවත් නැති තත්වයක් තිබූ අතර මා දන්නා අයගෙන් Facebook වෙත දෙවැනියට සම්බන්ධ වූයේ මමයි. මට Facebook ගැන අසන්නට ලැබුනේත් පලමුවෙනියාගෙනුයි. නමුත් මේ ලඟදී දේශනයක වාඩිවී සිටිනා අතර මා දේශනශාලාව සිසාරා බැලූ විට එහි Facebook profile එකක් හිමි නැති අය සිටියේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන්. සමස්ත රටේ තත්වයත් මේ නියැදියෙන් ප්‍රදර්ශනය වනු ඇතැයි මා සිතනවා. මම දකින ආකාරයට මීට තුඩුදුන් ප්‍රධාන හේතුව දුරකථන සමාගම් Mobile broadband සම්බන්ධතා හඳුන්වා දීමත් සමගම වැඩි දෙනෙකුට අන්තර්ජාල සම්බන්ධතා ලැබීමයි. අද ලංකාවෙන් ලෝක ව්‍යාප්ත ජාලය වෙත හුවමාරු වන දත්ත පැකට්ටු සංඛ්‍යාවෙන් සැලකියයුතු තරමේ කොටසක් Facebook වෙත යැයි කිවහොත් එය වැරදි නොවනු ඇතැයි සිතනවා. continue reading…

සති අන්තෙට ගෙදර ආවාම ඇති පදං unlimited ADSL එක පාවිච්චි කරන මට සතියෙ දවස්වල ජාලෙ නැතුව කාන්සිය නිසා මගේ ඩයලොග් ෆෝන් එකට ඩේටා පැකේජ් එකක් දාගෙන පාවිච්චි කරපු හැටි කලින් කිව්වනේ. ටිකක් කල් යනකොට  ඒක මදි වගේ දැනෙන්න ගත්තා. මෙගාබයිට් 350 පරිස්සං කරන්න ඕනෙ නිසා බ්ලොග් වත් කියෙව්වෙ නෑ ඊමේල් බලනවා ඇරෙන්න. කොහොම වෙතත් විනාඩි 5ක් ජාලෙට සම්බන්ධ කරගෙන ඉන්නකොට ෆෝන් එක ගිණියම් වෙනවා. අනික දැං මට මේ පොඩි ප්‍රොජෙක්ට් එකකුත් තියෙන එකේ ටිකක් වැඩියෙන් ජාලය අවශ්‍යයි. ගෙදර ආවාම සම්පූර්ණ කාලයම ADSL එක අත්පත්කරගෙන ඉන්න නිසා අන්තර්ජාලට සම්බන්ධ වෙන්න බැරි අපේ තාත්තටත් මාව ඒකෙන් ගලවන්න ලොකු ඕනෙකමක් තිබ්බා. මේ නිසා මම කල්පනා කලා mobile broadband සම්බන්ධතාවයකුත් ලබාගන්න. continue reading…

z_p25-promotingමේ බ්ලොග් අඩවිය පටන් ගෙන දෙවැනියට ලියපු ලිපියේ අන්තර්ගතයම තවත් විදියකට ඉදිරිපත් කරන්න මට හිතුනා. මේ පෝස්ට් එක ගීතයක් ගැනයි. මේ ගීතයේ මුඛ්‍ය අර්ථය වෙනුවට මේ දිනවලට ගැලපෙන වෙනත් අර්ථයක් වුනත් ආදේශ කරන්න පුලුවන් නේද කියලා හිතුනා මට.

මෙන්න ගීතය, continue reading…